Connect with us

උණුසුම් පුවත්

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි

Published

on


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස නියම කළේය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(13) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කර තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ පෙත්සම් පමණක් ලැබී තිබෙන බවත් ඊට අදාළ ඇමුණුම් ලැබී නොමැති බවත් කියා සිටියේය.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වැරුන් නම් කර තිබේ.








Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන වැසි ජලයෙන් යටවෙයි – යුද හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

Published

on


December 7, 2019 11:05 am | Hela FM Media

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

කිලිනොච්චිය ධර්මුපරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පන්ති කාමර ජලයෙන් යටවි තිබූ බවත් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහළ තට්ටුවල තිබූ මේස පුටු ඉහළ තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

එමෙන්ම විභාගයට පෙනි සිටින දරුවන්ට ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයද අද උදෑසන ජලයෙන් යටවි ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..

Published

on


මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක් !

Published

on


කොළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි.

මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සැලසුම ක්‍රියාත්මක වනු ඇත්තේ කොළඹට තදාසන්න නගරවල සිට සුඛෝපභෝගී බස් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත් සමග බවයි.

කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය හා දිනපතා ඉහළ වන වායු දුෂණය අඩු අඩු කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.

නගරයට ඇතුළු වන වාහන වලින් ගාස්තුවක් අය කිරීමට අමතරව තදබදය අඩු කිරීමට තවත් යෝජනා කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.


Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd