Connect with us

උණුසුම් පුවත්

Hela FM Media – සජිත් කියන්නේ මැටි ගොඩක්-සමන්ත විද්‍යාරත්න

Published

on

November 13, 2019 12:00 pm | Hela FM Media

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාස එකහමාරක් තුළදී කට වරද්දාගෙන දෙවරක් සමාව ඉල්ලා ඇති බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඊයේ(13) බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ ප්‍රධාන අපේක්ෂයන් තුන්දෙනයි, අනෙක් අය වැඩක් නෑ. මේ තුන්දෙනා අතරින් මේ රට ගොඩ ගැනීමට දැක්මක් හැකියාවක් දැනුමක් ඇත්තේ කවුරුන්ගාව ද යන්න බලන්න.

සජිත් කියන්නේ හැකියාව තියෙන මිනිහෙක් නෙමෙයි. ගෝඨා කියන්නේ හැකියාව තියෙන් මිනිහෙක් නෙමෙයි. සජිත් කියන්නේ මැටි ගොඩක්.

කල්පනාකරලා බලන්න මේ ජනාධිපතිවරණයේ දී ඡන්ද ව්‍යාපාරයෙදී මේ වෙනකොට කට වැරදිලා දෙපාරක් සමාව අරන් තියෙනවා. “ශ්‍රී මුඛය“ වැරදිලා දෙපාර්ක් සමාව අරන් තියෙනවා. කට දෙපාරක් වැරදුනා නම් මාස එකහමාරක් යනකොට ජනාධිපති වුණොත් වැඩ කරනකොට කීපාරක් වරදීද?

ඒ වැරදිවලට සමාව අරන් වැඩක් නෑ. ඒවා ජීවිතවලින් වන්දි ගෙවන වැරදි වෙන්න පුළුවන්. රට වැනසෙන වැරදිවෙන්න පුළුවන්, ඒ නිසා වරද්ද ගන්න එපා.

Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි

Published

on

කිලිනොච්චියේ විශාලතම ජලාශය වූ ඉරණමඩු ජලාශය වාන දැමීමත් සමග පහත්බිම් රැසක් වාන් ජලයෙන් යටවීම හේතුවෙන් විපතට පත් ජනතාව යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඉරණමඩු ජලාශය ප්‍රතිශංසක්රණය කිරීමෙන් පසුව මේ වන විට වැවේ ජල මට්ටම අඩි 34 අඟල් එකක් දක්වා වැඩි වී තිබෙන අතරම ඊයේ දින දොරටු 4ක් විවෘත කලද අද (07) උදෑසන වන විට වාන් දොරටු 10ක්ම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් වාන් ජලයෙන් යටවී ඇති අතරම නිවෙස් යටවී විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී 24 පැයේම සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විපතට පත් වැසියන් බේරාගැනීම් සඳහා යොමු කොට ඇති අතර එම වැසියන් කිලිනොච්චියේ පිහිටි පාසල් හා පොදු ස්ථාන වෙතට රැගෙන විත් පිසූ ආහාර ලබා දීමටද යුද හමුදාව විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි…

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට [ Mrs. World Video & Photos ]

Published

on

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

2020 ලෝක විවාහක රූ රැජිණ හැටියට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වුණා.

ඇය ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ බවට සමාජ මාධ්‍ය ඔස්සේද සුබ පැතුම් සහ ඡායාරූප පල වී තිබුණා.

1984 ⁣අවුරුද්දේ ⁣මෙම තරඟය ආරම්භ වූ අතර එහි ප්‍රථම ජයග්‍රාහිකාව වූයේ වත්මන් කොළඹ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක මහත්මියයි.

වසර 35කට පසු අද මෙහි 23 තුන් වන තරඟයෙදි Caroline Jurie සුරෑපිණිය මෙහි ජයග්‍රහණය හිමිකරගත්තා,ශ්‍රි ලංකිය නාමය ⁣ලෝකයේ ඔසවා තැබු ඇයට ගොසිප්99 අපගේ  සුබ පැතුම්.

https://ift.tt/2X88JGW

Hela FM Media Network

Continue Reading
Advertisement

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd