Connect with us

උණුසුම් පුවත්

සජිත්ට යලිත් ජාතියෙන් සමාව ගන්න වෙයි.. ලිඛිත සාක්‍ෂි මෙන්න..

Published

on


පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති උල්ලංඝණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා කෙටි දුරකතන අංකය ලබාගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයට බව අප සංවිධානය ශ්‍රී ලංකා විදුලිසංදේශණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කල පසු එම අංකය ලබාගෙන ඇති පුද්ගලික සමාගමට උක්ත කොමිසම නියෝග කරන ලද්දේ වහාම මැතිවරණ ව්‍යාපාරය සදහා එම අංකය භාවිතා කිරීම නවතා දමන ලෙසය. එසේ නියෝග කොට දින තුනක් ගත වුවද තවම  එම අංකය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා භාවිතා කරමින් සිටී.

මෙරට ඊලග පාලකයා වීමට ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා මහ දවල් අමු අමුවේ ව්‍යස්ථාපිත නීති උල්ලංඝණය කිරීම අපි තරයේ හෙළා දකින අතර එතුමා ජනාධිපතිවරයා වූ විට මෙරට ස්ථාපිත කිරීමට යන්නේ නීතිය පිළිනොගන්නා ඒකාධිපති රාජ්‍යයක් දැයි අපි ප්‍රශ්ණ කරමු.

ජනාධිපති ධූරයට තරග කරන අවස්ථාවේම ජනතාවට වංචා කරනු ලබන හා නීති රීති උල්ලංඝණය කරනු ලබන සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය කෙරෙහි මෙරට ජනතාවගේ අවධානය යොමු කරන අතර අපට තර්ජනය කිරීමෙන් සත්‍ය යටපත් නොවන බවද ද රණසිංහ ප්‍රේමදාස මහතා නිතර නිතර ප්‍රකාශ කලේ ‘’සත්‍ය කවදා හෝ ජයගනු ඇත’’ යන්න බවද මතක් කරමු.

තවද රටේ ජනතාවට වංචා කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බවද දන්වා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන වැසි ජලයෙන් යටවෙයි – යුද හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

Published

on


December 7, 2019 11:05 am | Hela FM Media

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

කිලිනොච්චිය ධර්මුපරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පන්ති කාමර ජලයෙන් යටවි තිබූ බවත් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහළ තට්ටුවල තිබූ මේස පුටු ඉහළ තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

එමෙන්ම විභාගයට පෙනි සිටින දරුවන්ට ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයද අද උදෑසන ජලයෙන් යටවි ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..

Published

on


මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක් !

Published

on


කොළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි.

මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සැලසුම ක්‍රියාත්මක වනු ඇත්තේ කොළඹට තදාසන්න නගරවල සිට සුඛෝපභෝගී බස් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත් සමග බවයි.

කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය හා දිනපතා ඉහළ වන වායු දුෂණය අඩු අඩු කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.

නගරයට ඇතුළු වන වාහන වලින් ගාස්තුවක් අය කිරීමට අමතරව තදබදය අඩු කිරීමට තවත් යෝජනා කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.


Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd