Connect with us

සෞඛ්‍ය ලිපි

ලංකාවෙ අපිට ගැලපෙන විදිහෙ ප්‍රථමාධාර පෙට්ටියකට එන්න ඕනෙ මේ දේවල් තමයි – Hela FM Media

Published

on


 

හදිසි අනතුරු, රෝගාබාධ වගේ දේවල් කොයි වෙලේ එයිද කියන්න අපි දන්නෙ නෑනෙ. ඒ නිසා අපේ නිවසේ සහ කාර්යාල ස්ථානයේ ප්‍රථමාධාර පෙට්ටියක් තියාගෙන ඉන්න එක අනිවා කරන්න ඕනෙ දෙයක්. ප්‍රථමාධාර පෙට්ටියකට උවමනා වෙන්නේ මොනවද කියලා ඇහුවම කෝටියක් දේවල් කියන්න අපිට පුළුවන්. නමුත් මේක ලංකාවනේ. අපි අනික් අයට වඩා හරි වෙනස්. ඉතින් අපේ උවමනාවල් පවා හරි වෙනස්. මේ නිසා අපේ ෆස්ට් ඒඩ් බොක්සස් වල තියෙන ඒවා පවා හරි වෙනස්.

ඉතින් අපි හිතුවා අපේ දේශීය ඖෂධ වර්ග එහෙමත් එකතු කරල වෙනස්ම විදිහේ ප්‍රථමාධාර පෙට්ටියක් හදන්න. අපි බලමුද මොනවද මේ ප්‍රථමාධාර පෙට්ටියට ඇතුලත් කරන්න පුලුවන් දේවල් කියල.

 

1. වෙළුම් පටි
Perfect First Aid Box
Source – sanitariortopedici.it, pinterest.com

තුවාලයක් හෝ ආබාධයක් සහිත ශරීරාංගයක් ආවරණය කරන්නට වෙළුම් පටි (bandage) අත්‍යාවශ්‍යයි.  ශරීරයේ විවිධ ස්ථාන වෙලීම සඳහා විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු වෙලුම්පටි සහ ක්‍රේප් බැන්ඩේජ් කිහිපයක් තබාගන්න. ඒ වගේම තමයි හදිසි අනතුරකින් පසු අතක් එල්ලාගෙන සිටින්නට සිදු වුවහොත් භාවිතා කරන්න පුලුවන් ත්‍රිකෝණාකාර වෙලුම්පටි කීපයකුත් තබාගන්න එක වටිනවා.

 

2. ගෝස් (Gauze) සහ පුලුන්
Perfect First Aid Box
Source – drsfostersmith.com, townfields.com

තුවාලයකට බෙහෙත් දමා ආවරණය කිරීමට පිරිසිදු ගෝස් පෑඩ්ස් සහ ගෝස් බැන්ඩේජ් අවශ්‍යයි. මේවා විවිධ ප්‍රමාණවලින් (sizes) යුතුව තබාගැනීම තුවාල ආවරණය කිරීමේදී ලේසි වේවි. තුවාල පිරිසිදු කිරීම සඳහා පුලුනුත් අත්‍යාවශ්‍යයි.

 

3. ප්ලාස්ටර්
Perfect First Aid Box
Source – townfields.com

මේවාත් විවිධ ප්‍රමාණවලින් ලබාගන්න.



 

4. බෙටඩීන් (Betadine)
Perfect First Aid Box
Source – sanaxmedical.com.au

කුඩා තුවාල තුල බැක්ටීරියා වර්ධනය ඇතිවීම නතර කිරීම සඳහා බෙටඩීන් ක්‍රීම් ආලේපය තුලින් ප්‍රතිකාර කරන්නට පුළුවන්. මේ නිසා ප්‍රථමාධාර පෙට්ටියක බෙටඩීන් ක්‍රීම් එකක් අනිවා තිබෙන එක වටිනවා.

 

5. අමාශයේ දැවිල්ලට ගන්නා පෙති/දියර වර්ගයක්
Perfect First Aid Box
Source – biospectrumindia.com

ගැස්ට්‍රයිටීස් කියන්නෙ දැන් හුඟ දෙනෙක් අතරේ බහුල රෝගී තත්ත්වයක්නෙ. මේ වගේ අවස්ථාවකදි සහනයක් දෙන ඩයිජින් වැනි බෙහෙත් පෙති වර්ගයක් හෝ දියර වර්ගයකුත් මෙහි තබාගන්න.

 

6. ජීවනී
Perfect First Aid Box
Source – wtf.lk

විජලනයට පත්ව සිටින්නෙකුට දෙන්නට හැකි හොඳම පානයක් නිසා ප්‍රථමාධාර පෙට්ටියේ අනිවා තබා ගැනීම වටිනවා.

 

7. පැරසිටමෝල්
Perfect First Aid Box
Source – modifylifestyle.com

හිසරදය, කායික වේදනා, කැක්කුම් මේ සියල්ලටම පානය කරන්නට හැකි බෙහෙතක් නිසා. පැරසිටමෝල්  පෙති කිහිපයක් තබා ගැනීම වැදගත්.

 

8. සිද්ධාලේප
Perfect First Aid Box
Source – srilankamall.mysimplestore.com

සිද්ධාලේප ගැන අමුතුවෙන් කිසිවක් කියන්නට උවමනා නැතත් අපි මේ ලැයිස්තුවට දමන්නට කල්පනා කලේ හිසරදය, අතපය කැක්කුම් වලට ක්ෂණික සහනය සිද්ධාලේප මගින් ළඟා කරදෙන හින්දයි.

 

9. සමහන්
Perfect First Aid Box
Source – worldlankafood.com

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලටත් නාසය සිරවීම, සොටු දියර ගැලීම වැනි තත්ත්වයන් වලටත් ක්ෂණික සහනය ලබාදෙන සමහන් පැකට් දෙකතුනක් වුනත් තියාගැනීම හරිම වැදගත්.

 

10. නිවාරන්90
Perfect First Aid Box
Source – icl.lk

උගුර කැසීම, සෙම්ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා උගුරේ ඇතිවන අපහසුතා ක්ෂණිකව මග හරින්නට නිවාරන්90 කුඩා පැකට්ටුවකට හැකියාව තිබෙනවා.

 

11. සිද්ධාර්ථ තෙල්
Perfect First Aid Box
Source – ayurvediccorp.gov.lk

අතීතයේ අපේ මිත්තණියන් එහෙම සිරුරේ රිදුමක් සමනය කරගන්නට භාවිත කල සිද්ධාර්ථ තෛලය, වර්තමානයේදීත් ඕනෑම බෙහෙත් කඩයක විකිණීමට තිබෙනවා. මෙවැනි තෙලක් අවශ්‍ය වෙලාවකට ගන්නට ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ ඉඩක් ලබා දුන්නාට කිසිදු ගැටළුවක් වෙන එකක් නැහැ.

 

12. ක්‍රීම්රාජ ගුලි
Perfect First Aid Box
Source – ayurvedakrimiraja.com

අජීරණය සහ බඩේ අමාරු වගේ ලෙඩවලට ක්‍රීම්රාජ ගුලියක් උරච්චි කර දෙහි ඇඹුල් සමඟ බොන්නට දීමෙන් එම රෝගී තත්ත්වයට ක්ෂණික සහනයක් ලැබෙන එක නොරහසක්.

 

13. සර්ව විෂාදී තෛලය
Perfect First Aid Box
Source – ceypearl.com

විෂ සතුන් කෑමෙන් ශරීරයට විෂ ඇතුලු වූ ස්ථාන වලට ආලේප කරන්න පුලුවන් වටිනා තෙල් වර්ගයක් තමයි මේ සර්ව විෂාදී තෛලය.

 

14. කතුරක් සහ ට්වීසර් එකක්
Perfect First Aid Box
Source – amazon.com

තමන්ට අවශ්‍ය වෙළුම්පටි හෝ ප්ලාස්ටර් ප්‍රමාණ වශයෙන් කපාගන්නට කතුරක් භාවිතා කිරීම වටිනවා. අනික එය අනිවා ප්‍රථමාධාර පෙට්ටියක තිබිය යුත්තක්. ඒ වගේම කුඩා කීරි සහ කටු ශරීරයෙන් ඉවත් කරන්නට භාවිතා කරන්න පුලුවන් Tweezer එකක් තබාගැනීමත් වැදගත්.

 

15. කුඩා ටෝච් එකක්
Perfect First Aid Box
Source – cameralabs.org

මුඛය සහ උගුර ආදී ස්ථාන පරීක්ෂා කරන්න උපයෝගී කරගන්න පුලුවන් කුඩා ටෝච් එකකුත් තබාගන්න.

 

16. Hydrogen peroxide
Perfect First Aid Box
Source – sjzxlwhg.com

තුවාලය වටා පවතින අපද්‍රව්‍ය සහ මැරුණු සම ඉවත් කරන්නට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කුඩා බෝතලයක් හෝ තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.

 

17. උණ කටුවක්
Perfect First Aid Box
Source – iambiomed.com

සිරුරේ උෂ්ණත්වය නොදැන අපට ප්‍රතිකාර සඳහා යොමු කරන්නට අපහසුවක් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකට සිරුරේ උෂ්ණත්වය පරික්ෂා කරගන්න එක බොහොම හොඳ නිසා, උණ කටුවක් මේ එකතුවේ අනිවා තිබීම අවශ්‍යම වෙනවා.

 

18. පිරිසිදු ඉටිබෑග්
Perfect First Aid Box
Source – guoshengyuanpackaging.com.html

කුඩා දරුවෙක් ඉන්න ගෙදරක නම්, දරුවාගේ රෝගී තත්ත්වයකදී වමනය සාම්පලයක් ගෙන යන්න මේ ඉටිබෑග් උපකාරී වේවි

 

19. පිරිසිදු අත්වැසුම්
Perfect First Aid Box
Source – hitechpackaging.co.nz

තුවාලයකට ප්‍රතිකාර කරන විට භාවිතා කරන්නට පිරිසිදු අත්වැසුම් කට්ටල (පාවිච්චියෙන් පසු ඉවතලන වර්ගයේ) කීපයක් තියාගන්න එකත් අනිවා වැදගත්.

 

සැලකිය යුතුයි- මේ විදිහට සකසාගන්නා ප්‍රථමාධාර පෙට්ටිය නිවසේ සිසිල් වියලි ස්ථානයක තබන්න මතක තියාගන්න. ඒ වගේම කුඩා දරුවන් මෙයට අත පෙවීම වළක්වන්නට මේ සඳහා අගුලක් යොදන්න. ඖෂධ වර්ග වල කල් ඉකුත්වීමේ දින ගැනද අවධානයෙන් ඉන්න.

 

 


 
Cover Image Source – indswift.wordpress.com
 




Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සෞඛ්‍ය ලිපි

අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක් – Hela FM Media

Published

on


අඹ! අඹ වලට කවුද අකමැති? අඹ කියන්නෙ ඉතාම රසවත් පළතුරක්. කොච්චර රසවත්ද කියනවනම් සුවිශේෂී යාලු කමක් හඳුන්වන්නත් අඹ යාලුවෝ කියල කියනවනෙ. හින්දු වේද ග්‍රන්ථ වල දෙවියන්ගේ ආහාරය (Food for the gods) හැටියටත් අඹ හැදින්වෙනව.

අඹ කියන්නෙ වෙනස් වෙනස් රස මවන්න සමත් පළතුරක් බාගෙට පැහීගෙන එද්දි දත් හිරිවට්ටන ඇඹුල් රහටත් හොඳට ඉදුනම මී පැණි වගේ පැණි රහටත් කන්න පුලුවන් පළතුරක්. විවිධ රසයන්ගෙන් යුතු විවිධ අඹ වර්ග බොහොමයක් අපිට එදිනෙදා පොළේදි, සුපර් මාර්කට් එකේදි මිලදී ගන්න පුලුවන්කම තියනවා. විලාඩ්, මී අඹ, කර්තකොලොම්බන්, අල්පොන්සො, ගිරා අඹ… හිතල බලන්න මේ වගේ අඹ වර්ග කීයක් ඔයාලත් රස විඳල තියනවද කියල.

අද අපි කියන්න යන්නෙ මේ රසවත් පළතුරෙන් අපි හැමෝටම කරන්න පුලුවන් දේවල් පහක් ගැන. මේ ලැයිස්තුවේ එන 5වෙනි කරුණ ඔයාලව පුදුමයට පත් කරන්නත් ඉඩ තියනව කියල කලින්ම කියන්න ඕන.

 

1. අඹ අච්චාරු

Mango අච්චාරු
කටට කෙල වගුරව‍න අඹ අච්චාරුව
Source – pinterest.com

අච්චාරු නම ඇහුවමත් ලුණු, මිරිස්, සීනි,විනාකිරි සුවද දැනෙනව වගේ නේද?

අච්චාරුවක් හදන්න මහ ලොකු සූපවේදී දැනුමක් තියෙන්න ඕනෙ නෑ. ඉස්සර පොඩි කාලෙ සෙල්ලම් කරද්දි පොඩි විවේකයක් ලැබුණම අහල පහලක අඹ ගහකට ගලකින්, පොල්ලකින් ගහල අඹ ගෙඩි දෙක තුනක් බිම වට්ටගෙන ඔයාලත් ඕන තරම් අච්චාරු හදල ඇති නේද?

හරි, හදල නැති අය ඔන්න අහගන්න.

ගන්න  අඹ ගෙඩි දෙක තුනක්. බාගෙට ඉදිච්ච නම් වඩාත් හොඳයි. සෝදල සුද්ද කරල පොඩි තීරු වලට කපා ගන්න. ඊට පස්සෙ යන්න කුස්සියට. ගිහින් ලුණු, සීනි තේ හැන්දක් බැගින් , විනාකිරි තේ හැන්දක්, මිරිස් ගම්මිරිස් මේස හැඳි දෙක තුනක් බැගින් භාජනයකට දා ගන්න. දැන් මේව ඔක්කොම කපාගත් අඹ කැබලිත් එක්ක මිශ්‍ර කරගන්න. පොඩි වංගෙඩියක් තියනවනම් මේ මිශ්‍රණය ටිකක් තලාගන්න. එතකොට තවත් රසවත්.

දැන් ඉතින් සූස් සූස් ගගා කන්න තමයි තියෙන්නෙ.

 

2. අඹ ස්මූති

Mango Smoothie
රස කර කර බොන්න අඹ බීමක්
Source – pinterest.com

ස්මූති හදන්නත් පුලුවන්. තිබහට වගේම පොඩි බඩගින්නටත් කියාපු දෙයක් තමයි මැන්ගෝ ස්මූති කියන්නෙ. කිරි, අයිස්ක්‍රීම් සහ කපාගත් ඉදුණු​ අඹ කැබලි බ්ලෙන්ඩ් කරගෙන අපි කාටත් පහසුවෙන්ම ගෙදරදී මේ පානයක් හදාගෙන රස බලන්න පුලුවන්. රසයට වඩා ශරීර සුවතාවයට මුල් තැන දෙනවනම් කිරි සහ අයිස්ක්‍රීම්  ඉවත්කොට ඒ වෙනුවට මේද රහිත කිරි හෝ ආමන්ඩ් කිරි වගේ දෙයක් ආදේශ කරගන්නත් පුලුවන්.

විටමින් A,B,C තියන නිසා රසවත් විතරක් නෙමෙයි ගුණයෙනුත් පිරිපුන් පානයක්.

 

3. අඹ චට්නි

Gihan's World Famous Mango Chutney
ගිහාන්ගේ ලෝක ප්‍රසිද්ධ අඹ චට්නිය
Source – https://www.facebook.com/1suru

අඹ චට්නි ටිකක් තියනවනම් කෑම මේසෙට උත්සව සිරියක් එනවා. පොඩි පැණි රසක් සහ පුංචි සැරක් ගෙනදෙමින් එදිනෙදා කෑම වේල තවත් රසවත් කරන කල්තබාගතහැකි නියම කෑමක් තමයි අඹ චට්නි කියන්නෙ. ටිකක් අන්තර්ජාලය විමසල බැලුවොත් ගෙදරදීම පහසුවෙන් පිළියෙල කරගතහැකි අඹ චට්නි රෙසිපියක් සොයාගන්න අපහසු වෙන එකක් නෑ.

 

4. අඹ මාලුව

Mango Curry
බත් එක්ක නියමෙට ගැලපෙන අඹ මාලුව
Source – sailusfood.com

රැයක් අඟුරු උඩ හිදෙන්න තියල ඉස්සර ආච්චිලා හදන අඹ මාලුව කොච්චර රසද? දැන් එහෙම නැති උනත් ගෙවත්තෙන් හෝ මාකට් එකෙන් ගන්න අඹ ගෙඩි කිහිපයකින් ගෑස් ලිපෙන් උනත් රසවත් අඹ මාලුවක් සාදා ගන්න ඔයාලටත් හැකියාව තිබෙනවා.

මස් මාලු නැති බත් පතක් උනත් රසවත් කරන්න පුලුවන් තරම් රසවත් කරියක් තමයි මේ අඹ මාලුව. ඒ විතරක් නෙමෙයි උණු උණු රෝස්පාන් එක්ක රස විඳල බලන්න. හරිම රසවත් අත්දැකීමක් වෙනවා සත්තයි.

එහෙත් මේ මොන දේ හැදුවත් අඹ ඇටේ අහක දාන්න එපා!

 

5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්

Mango seed in oil
අකාලෙට කෙස් හැලීම හෝ පැසීමට පිළිතුර
Source – edibletropicalplants.com, 965malls.com

කාල විසි කලා නේද අඹ ඇටේ? අයියෝ! යන්න යන්න ගිහින් ආපහු ඇහිඳන් එන්න.

අඹ ඇටය හොඳින් වියලවා ගන්න. ඊට පස්සෙ ඒකෙ පිට පොත්ත ඉවත් කරල මදය අරගන්න. ඔලිව් හෝ පොල් තෙල් ටිකක් වීදුරු භාජනයකට දාන්න. ඉන්පස්සේ අඹ ඇටය එයට දමා සතියක් විතර ඉර එළියට නිරාවරණය වෙන තැනක තියන්න.

සතියකට පස්සෙ ඔයාලට හම්බවෙන්නෙ නියම අඹ ඔයිල් එකක්. ඒක හිස් කබලේ ඇතිල්ලීමෙන් හිස්හොරි, අකලට කෙස් පැසීම කෙස් හැලීම ගොඩක් අඩු කරගන්න පුලුවන්.

 




Hela FM Media Network

Continue Reading

සෞඛ්‍ය ලිපි

කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක් – Hela FM Media

Published

on


 

කරවිල කියන්නේ අපි එතරම් කන්නට කැමති කෑමක් නෙවෙයි. ඒ මේ එළවලුව සතු තිත්ත රස නිසා. එත් පෝෂණ ගුණයෙන් ගත්තම මේ එලවලුවට සම කරන්නට පුළුවන් වෙනත් එළවලුව නැති තරම්. රසය කෙසේ වෙතත් ගුණයෙන් අගතැන් කරවිල වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ අනිවා දැනගත යුතුයි කියා සිතුවේ අන්න ඒ නිසයි.

 

1. දියවැඩියාවට සහ තරබාරුවට පිළියම් කරයි
Weight Loss
Source – onlyfoods.net, daystune.com, gossipcop.com

පර්යේෂණ වලින් කියවෙන ආකාරයට කරවිල වලින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප්‍රමාණයන් ඉවත් කර, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසිපරිදි සිදු කිරීමටත් කරවිල වලින් සිද්ධ වෙන්නේ මහඟු මෙහෙයක්. මීට අමතරව අප ලබාගන්නා කාබෝහයිඩ්රේට සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය නසා දමන්නට කරවිල සමත් වෙනවා. මේ හේතුව නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත් වීමේන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතු කරගැනීම නිසා නැති කරගන්නට පුළුවන්.

 

2. වකුගඩුවේ ගල් ඉවත් කරයි
Kidneys
Source – iheartguts.com, 123rf.com, clipartpanda.com

කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතු වන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වය පිළියම් ලබාගන්නට පුළුවන්.

 

3. සිරුර තුල කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
Cholesterol
Source – thehealthyways.in, shutterstock.com

වැරදි ආහාර රටා මගින් සිරුරේ පවතින කොලේස්ට්‍රෝල් මට්ටම ඉහල යාම පාලනය කිරීමටත් කරවිල කියන්න හොඳ විසඳුමක්. හදවත් ආබාධ, හදවත් රෝග සහ රුධිර නාල වල ලේ කැටි ගැසීම් වැලක්වීමටත් කරවිල සමත්කම් දක්වනවා.

 

4. පිළිකා සෛල මැඩපවත්වයි
Cancer
Source – jimenezvareladiseases.blogspot.com, clipartsheep.com

පිළිකා නාශක ගුණ ඇති ආහාරයක් ගැන ඔබ කල්පනා කරනවා ඔබේ මනසට මුලින් ම පැමිණිය යුතු ආහාරයක් ලෙස කරවිල දක්වන්නට පුළුවන්. ඉහත කීවා සේ සිරුර තුල සිනි මට්ටම පාලණය කරන අතරතුර, අග්න්‍යාශ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම මැඩ පවත්වන්නට සමත්කම් දක්ක්වනවා. මීට අමතරව කරවිල ආහාරයට එක්කාසු කර ගැනීම මගින් පුරහ්ස්ථ ග්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශ්‍රිතව පිලික සෛල ඇතිවීම වැලැක්වෙන බව වෛද්‍යවරුන් පවසනවා.

 

5. ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
Blood
Source – makeupandbeauty.com

කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛල වලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වවන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත් වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සැමට වැළදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතුකබර රෝගී තත්වයන්, පණුරෝගආදිය වැලැක්වීම සිදුවනවා. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වලවන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්. ඉතින් ඔබ මේ විදියට ලස්සනට පැවතුනොත් ඔබට කැමති අය දෙපාරක් හැරිලා බලන බව නම් අනිවා ෂුවර්..!

 

6. විටමින් මට්ටම නිසා ඔබව නිරෝගී කරවයි
Vitamins
Source – catholicalcoholic.com

විටමින් වලින් පොහොසත් මේ අපුරු ආහාරය, සිරුර තුල රුධිරය අලුතින් නිපදවන්නට සහ අස්ථි ශක්තිමත් කරන්නට බොහෝ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව නොරහසක්. මීට අමතරව ආමාශයේ දැවිල්ල සහ ඉන් ඇතිවන තුවාල සුවපත් වීම සඳහාත් භාවිතා කරයි. මෙයට අමතරව ක්‍රීඩාශීලී ජීවනරටාවක් සහිත පුද්ගලයින්ට නිතර ඇතිවන මාංශ පේශී ඉරීයාම් සහ ඒවායේ ඇතිවන වේදනාවන් අඩු කරන්නටද කරවිල වලින් සහය ලැබෙන අතර, කරවිල වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහලින් තබාගෙන සිරුර නිරෝගී කරගන්නට ඔබට අවස්තාව ලැබෙනවා.

 

7. ප්‍රතිශක්තිය වඩවයි
Immunity
Source – collective-education.com

ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටේරියා සහ රෝගතත්ත්වයන් ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වනවා.

හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල් වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ වෙළඳපොලේ පිරිසුදු කොළ පැහැති ලපටි කරවිල ටිකක් ගෙදරිත් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.

 




Hela FM Media Network

Continue Reading

සෞඛ්‍ය ලිපි

සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ඔත්තු 11ක් – Hela FM Media

Published

on


 

බොහෝ අවස්ථාවල ගොඩක් අය ආයුර්වේදය තමන්ගේ ජීවිතේට ලංකරගන්න හදන්නේ එක එක සුඛෝපභෝගී සහ ජනප්‍රිය නිෂ්පාදන සහ ස්පා ප්‍රතිකර්ම වැනි මිල අධික ක්‍රම වේදයන් මගින්.

ඒත් ඔබ සමහර අවස්ථාවල අසා ඇති විවිධ සෞඛ්‍යය පුරුදු, බටහිර වෙදකමේ මේ වන විට ලබාදෙන සමහර අත් බෙහෙත් ආයුර්වේදයට සම්බන්ධතාවක් තිබෙනා බවට ඔබ දන්නවාද? ඉතින් ඔය ලොකු ලොකු ගණන් ගෙවල ගන්න ප්‍රොඩක්ට්වලින් හරි ලොකු ලොකු ස්පාවලින් හරි විතරක් නෙවෙයි, මේ කෙටි ක්‍රම මඟින්ද සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ලඟා වෙන්න.

 

1. ඉක්මනින් අවදි වෙන්න.
Source - youtube.com
Source – youtube.com

අයුර්වේදයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ අත් විදින්නට අපිට ලේසියෙන්ම කරන්නට පුළුවන් දෙයක් කියන්නද? උදෙන්ම අවදි වෙන්න. උදෙන්ම අවදි වෙන්නත් කලින් නිදාගන්න ඕනෙනේ. අඩුම තරමින් පැය හයක්වත් සුවබර නින්දක් ලබන්නට වෙනවා. එසේ වේලාසනින් අවදි වන්න. ආයුර්වේදයේ උපදෙස් දෙන්නේ උදේ පාන්දර 4.30ත් 5.00 ත් අතර අවදි වන්නට හැකිනම් නියමයි කියලයි. හිරු නැගෙන්නට පළමු හෝරාව හඳුන්වන්නේ බ්‍රහ්මයාගේ හෝරාව කියලයි. පොළොවට වැටෙන මුල්ම හිරු එලිය අපේ සිරුරට ගෙන එන්නේ ඉතා හොඳ සවියක්, ශක්තියක්.

 

2. ආයුර්වේදයට හිතකර ආහාර රටාවකට හුරුවෙන්න.
Source - healthyfamilyfoodscanada.com
Source – healthyfamilyfoodscanada.com

ඔබට ලෙඩ රෝගවලින් තොර ජීවිතයක් නම් අවශ්‍ය, හොඳම දේ ඔබ ආහාරයට ගන්නේ මොනවාදැයි හොඳින් සොයා බලන්න. කෘත්‍රිම සහ ජාන වෙනස් කරන ලද ආහාර වලට වඩා නැවුම් ස්වභාවික ආහාර රටාවකට හුරු වන්න. වැඩිපුර පලතුරු සහ එළවලු ආහාරයට ගන්න. තෙල්වලින් පිරුණු ජන්ක් ෆුඩ්ස් වලට වඩා එහෙම කෑමක් කොයිතරම් හොඳද? ඉතින් මේ හේතු නිසා ඔබේ ආහාර වේලට ආයුර්වේදය එකතුකර ගතහොත් ඔබේ සිරුර ඔබට හිතකර ශක්තියක් නිපදවා ඔබව නිරෝගී කමේ ඉහලටම රැගෙන යාවි.

 

3. වතුර වීදුරුවකට මී පැණි හැන්දක් වටිනවා ජීවිතයක්
Source - honeyandherbshealth.com
Source – honeyandherbshealth.com

උදැසන අවදි වීමෙන් පස්සේ පිරිසුදු මීපැණි තේ හැන්දක් වතුර වීදුරුවකට මුසු කර බීමෙන් ඔබේ සිරුර තුල එකතු වී ඇති විෂ කෙමින් කෙමින් ඉවත්වෙමින් යන්නට පටන් ගනීවි. විවිධ බැක්ටීරියා වර්ග නිෂ්පාදනය වීමේ ඉඩකඩ මේ නිසා අඩුවන නිසා, ඔබට ඔබේ වියදම් ලේසියෙන් ම කපා හරින්නටත් පුළුවන් වේවි.

 

4. ඇවිද්ද පය දහස් වටී.
Source - indiatimes.com
Source – indiatimes.com

යන්න උදේට පොඩි රවුමක් ගහලා එන්න. මේ ගමන හවසටත් යන්න පුලුවන්නම් තමයි ඇත්තටම මරු. එකක් ඇවිදීම කියන්නේ අපිට නිර්දේශ කරන්නට හොඳම දෙයක්. එය මනසේ නිදහස සහ ජීවන නිදහස කියන දෙකම ඔබ වෙත නිතැතින්ම හමා එන්නේ මේ උදැසන ඇවිදීම කියන සාධකය මත.

 

5. විෂ පරාජය
Source - 123rf.com
Source – 123rf.com

සිරුරේ එකතුවෙලා තියෙන විෂ ඉවත් කරන්න කරන්න තියෙන හොඳම විදිය තමා උදේ නැගිට්ටට පස්සේ බහිශ්‍රාවය කිරීම. එය උණු වතුර වීදුරුවක් පානය කර අත් දෙපසට කර හිරි ඇරීම මගින් ලෙහෙසියෙන්ම කරන්නට පුළුවන්.

 

6. ලෙඩට ස්වභාව ධර්මයෙන් බෙහෙත් ගැනීම.
Source - tokopedia.com
Source – tokopedia.com

දිනපතා ආහාර වලට ඖෂධිය ගුණයෙන් යුතු ආහාර කොටස් එක්කර ගැනීමෙන් ඔබට ලෙහෙසියෙන්ම ඔබව නිරෝගී බවින් පිරවිය හැකියි. නැවුම් ඉගුරු, කහ, සුදුලූනු, කරාබුනැටි, ගම්මිරිස් වැනි එදිනෙදා ජීවිතයේ පහසුවෙන් සොයා ගන්නට පුළුවන් දේ ආහාරයට එක්කර ගන්නට පුළුවන් නම් රහසේම ඔබේ සිරුර ඔබව නිරෝගී කමින් තබාගනීවී.

 

7. වතුර? ඒ මොකටද???
Source - popsugar.com
Source – popsugar.com

දිනපතා වතුර විදුරු 4-5ක් පානය කරන්න පුලුවන්නම් එය තමා හොඳම දේ ඔබේ සිරුර අඩුම වියදමකින් සෞඛ්‍යමත් කරනන් කියලා අයුර්වේදයෙන් සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි, සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය සහ ජලය මට්ටම ඉහල යාම ආහාර දිරවීම ක්‍රමවත් කිරීමට මහඟු සේවයක් කරනවා.

 

8. මසාජ් එකකට පුළුවන් වැඩක්.
Source - massagemag.com
Source – massagemag.com

උදේට ඔබේ හිස තෙල් දමා සම්භාහනය කරගන්නට පුළුවන් නම් එයින් මුහුණේ රැලි වැටීම, හිසකෙස් සුදුවීම වගේ දේවල් ලේසියෙන්ම නවත්වාගන්නට පුළුවන් කම තියෙනවා. මදක් රත් කරගත් රන් තැඹිලි තෙල් ස්වල්පයක් ලෙහෙසියෙන්ම මේ රාජකාරිය ඔබට කරදෙන බවට කිසිම සැකයක් නැහැ. අනෙක නිරෝගී පෙනුමකින් යුතු සමක් ලැබෙනවට කවුද දෙයියනේ අකමැති?

 

9. පොෂ් එකට හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන්න.
Source - youtube.com
Source – youtube.com

ලෝකෙට පෙන්න හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන එකෙන් ඒ වාසිය ලැබෙන්නේ ඔබටමයි. සිරුරෙන් දහදිය පිටකිරීමෙන් ඔබේ සහ ඔබේ මස්පිඩු හැකිලීමට දිගහැරීමට ලක්වීමෙන් ඒ වටා බැදී ඇති මේදය පහව යන්නට ඉතා ඉහල උදව්වක් සපයනවා. වැඩිය එපා, දවසකට විනාඩි 30ක් හොඳටම ඇති.

 

10. ඔබේ නිරෝගී බව පානය කරන්න.
Source - twicsy.com
Source – twicsy.com

සියල්ලම වගේම ඔබේ ආහාරයට රසවත් කොළ කැඳ කොප්පෙකින් එකතු කරන සෞඛ්‍යමත් බව මෙතෙකැයි කියලා කියන්න බැහැ. ඔබේ බොහෝ අසනීපයන් උදෑසනට බොන්නට හැකි කොළකැඳ කොප්පෙකින් පලවා හරින්නට හැකි බව දන්නවද? කොළ කැඳ බොන්නට ගමටම එන්න ඕනේ නැහැ. ඔය දියත උයන එකේ වගේම කැලෑ පොලේත් එක එක ජාතියේ රසම රස කොළ කැඳ විකුණන්නට තියෙනවා.

 

11. භාවනාව කාරනාව
Source - ritamaher.com
Source – ritamaher.com

මෙච්චර වෙලා කිව්වේ සිරුර තුල නිරෝගී වෙන විදිහනේ. ඇයි මනස කියන්නේ සිරුරේ කොටසක් නෙවෙයිද? ඔව්. කාර්ය බහුල ලෝකෙන් ටිකක් ඈත වෙලා, පොඩි විවේකයක් ගන්න, පොඩ්ඩක් පැත්තකට වෙලා නියමිත පරිදි හුස්ම ඉහල පහල යාම ගැන විතරක් අවධානය යොමු කරන්න පුළුවන් අආකරයේ පොඩි භාවනාවක් කරන්න උත්සහ කරන්න. සිත චංචල නම් උඩ කියාපු කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ.

(තොරතුරු සැපයීමෙන් අපට සහය වූ ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා නිශාදි කුලරත්න මෙනවියට අපගේ ස්තුතිය.)

 




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd