Connect with us

සෞඛ්‍ය ලිපි

ලංකාවටත් මේ වසංගත රෝග එයිද? සිකා වෛරසය සහ තවත් ඔබ දැනගත යුතු පැතිරෙන රෝග කිහිපයක්. – Hela FM Media

Published

on


පහුගිය දවස් වල ලංකාවේ ඇතුලේ පෙර කවර දාකටත් වඩා පැතිරෙන රෝග ගැන කතා බහ වැඩි උනා. හිස ඔසවන ඩෙංගු වෛරසය වගේම වෙනත් බෝවෙන රෝග අපිට එතරම් බලපෑමක් කලේ නැති වුනත් ලන්කාවට එයි කියලා හිතෙන්නට ඉඩකඩ ඇති බෝවෙන රෝග කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නටයි.

 

1. සිකා වෛරසය

සිකා වෛරසයෙන් වන අපරාධSource - telegraph.co.uk
සිකා වෛරසයෙන් වන අපරාධ
Source – telegraph.co.uk

 

සිකා වෛරසය පැතිරෙන්නේ වැඩිවශයෙන්ම මදුරුවන් මාර්ගයෙන්ම තමයි. රෝග ලක්ෂණ විදිහට රතු ඇස් පැවතීම,  හන්දිපත් වේදනාව, උණ වගේ සාමාන්‍ය උණ රෝගයක ලක්ෂණ පෙන්නුම් කලත් මෙහි භයානක තත්ත්වය වන්නේ ගැබිණි සමයේ සිකා වෛරසය ශරීර ගත වීමෙන් උපදින දරුවාගේ මොලය හැකිලීමකට ලක් වන බව සොයා ගැනීමයි.
පළමු වැනි සිකා ආසාධිතයා බ්‍රසීලයෙන් සොයා ගැනීමත් සමඟම ලොව පුරා සිකා වෛරසය ගැන මත පලවෙන්නට පටන් ගත්තත් මේ වෙන විට රටවල් 20ක පමණ වෛරසය ගැන අනතුරු හඟවා තියෙනවා, මේ රටවල් අතරට ශ්‍රී ලංකාව නැති වුනත් මේ වන විට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සිකා වෛරසය ආසාදිතයින් පැමිණෙනවාදැයි සොයා බැලීම් කරන බව පසුගියදා පුවත් පත් වල පළවුනා.

 

2. එබෝලා වෛරසය.

භයානක එබෝලා වෛරසය ලඟට art  වගේSource - flickr.com/niaid
භයානක එබෝලා වෛරසය ලඟට art වගේ
Source – flickr.com/niaid

1976 වසරේදී කොන්ගෝ ගංගාව ආශ්‍රිතව පැතිරුණු උණ රෝගයක ලෙස එබෝලා වෛරසය මුලින්ම ලෝක හඳුනාගත්තා. රෝගයේ ප්‍රබේද 5 පවතින අතර ඉන් හතරක්ම (Bundibugyo virus (BDBV), Sudan virus (SUDV), Taï Forest virus (TAFV), Zaire Ebola virus (ZEV)) මිනිසාට වැළඳෙන සුළු ඒවා නිසා මේවා භයානක බෝවන රෝගයක් ලෙස හැඳින්වනු ලැබුවා. මානය, ශාරීරික වේදනාව,  උගුර බැරැන්ඩි ගතිය සහ සමේ ආසාධන මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

Source  - https://i.guim.co.uk/
Source – https://i.guim.co.uk/

වසංගතය ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේ. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය පටන් ගෙන ඇති මේ ලෙඩේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් වන්නේ 2014 මාර්තුවේදී. එතකොටත් වසංගතය ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර ගිහින්. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන් පස්සේ ඇතිවුන විශාලතම එබෝලා වසංගතය තමා මේක. 2014 අගෝස්තුව වෙනකොට මේ වසංගතයෙන් 1229 මියගිහින් ඇති බව වාර්තා වුනා. ලංකාවට මේ රෝගය මේ වෙනතුරු ආසාදිතයෙකු සොයා ගන්නට නොහැකි වුවත් ලංකාවේ ගුවන් තොටුපලේ තවමත් රෝගී ආසාදිතයින් ගැන සොයා බැලීම නැවතිලා නැහැ. ඒ වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ලංකාවේ ජනමාධ්‍ය මේ ගැන නිතර දැනුවත් කරන නිසා, ජනතාව තුල ඉතා ඉහලමට්ටමක අවබෝධයක් මේ වෛරස ගැන තිබෙනවා. අප්‍රිකානු රටවල් කිහිපයක විතරක් නොවෙයි බටහිර රටවල් කිහිපයකත් එබෝලා වෛරසය වාර්තා වුනා. ඊට අමතරව මෙයින් වුන මරණ සංඛ්‍යාව ඒ රටවල් වලින් පිටතට නිරාවරණය කලේ නැහැ, එයට හේතුව මේ නිසා එම රටවල් වලට වෙන ආර්ථිකමය පාඩුව ඉතා ඉහල නිසයි.

 

 3. කුරුළු උණ හෙවත් H5N1

එක කිකිලියෙකුට කන්නාඩියක් අන්දල. ඕකට හේතුව අපි නොදනීSource - flickr.com/celesteh
එක කිකිලියෙකුට කන්නාඩියක් අන්දල. ඕකට හේතුව අපි නොදනී
Source – flickr.com/celesteh

 

කුරුළු උණ යනු කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන බෝවන වසංගත රෝගයක්. මේ ලෙඩේ ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩයෙන් සෑදෙන්නේ. එය පක්ෂීන්ගෙන් මිනිසුන්ටද බෝවෙනවා. එහෙත් මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුළු උණ පැතිරීම ඉතාමත් විරලයි. 2009 දෙසැම්බර් මස වන විට ලෝකයේ කුරුළු උණ රෝගීන් 474 ක් සිටින අතර ඉන් මරණ 282 ක් සිදු වෙලා තියෙනවා.

වයිරස ශරීර ගත වූ පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ වලට සමාන වේ. උණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලදී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ ඉක්මණින් නරක අතට හැරෙන අතර දරුණු නියුමෝනියා රෝගයෙන් මරණයට පත් වේ.

 

4. H1N1 වෛරසය

Source - flickr.com/k790i, public-domain-image.com
Source – flickr.com/k790i, public-domain-image.com

H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන මේ ලෙඩේ මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයක්. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවෙන්න පුළුවන්. අළුත් ‍වෛරසයක් නිසා සමාජය තුළ ප්‍රතිශක්තිය අල්පය වීම නිසා මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයේ වාර්තා වලට අනුව H1N1 ඉන්ෆ්ලුවන්සාව වැළඳුනු රෝගීන් ගණන (දෙසැම්බර් 2009 වන විට) 557 වන අතර, මරණ සංඛ්‍යාව 36 වෙනවා.

මේ වෛරසය සිරුර තුළට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහා යි. එනම් නාසය හා මුඛය තුළින් ඇතුල්වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනය වී ශ්වසන පද්ධතියට හානි කරනවා. මේ වෛරසයේ රෝග ලක්ෂණ විදියට උණ, හිසරදය, ඇඟපත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම. කිවිසුම සමහර විට වමනය හා පාචනය හඳුනා ගන්නට පුළුවන්.

 

5. ඩෙංගු වෛරසය

වසංගත චැම්පියන්: මදුරුවාSource - wikipedia.org
වසංගත චැම්පියන්: මදුරුවා
Source – wikipedia.org

මෑත කාලයේදී යලිත් හිස එසවූ වෛරසයක් ලෙස ඩෙංගු රක්තපාත උණ හඳුන්වාදෙන්නට පුළුවන්. දශක ගණනාවක් තිස්සේ සිටම ලංකාව ඩෙංගු වෛරසයෙන් මිදෙන්නට හැදුවත් තවමත් එයින් මිදෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. මීට ටික කලකට කලිනුත් ඩෙංගු ආසාදනය වීමෙන් රෝගී මරණ ගණනාවක් සිදු උනා ඔබට මතක ඇති. ඩෙංගු මට්ටුවට අලුතින් වැක්සීනයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒගැන අපි ලියු දේවල් අනිවා කියවන්න මෙන්න මෙතනින්.

 

6. චිකුන්ගුන්යා

Source - http://www.theyucatantimes.com/
Source – http://www.theyucatantimes.com/

ඩෙංගු රෝග ලක්ෂණ පහල කරන තවත් එක වෛරසයක් වන චිකුන්ගුන්යා රෝගය ඊඩිස් නම් මදුරු විශේෂය තුලින් තමා බෝවෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට ඩෙංගු වලට සමාන වීම ම තමා. සති ගණනාවක් පවතින හෝ මාස ගනනක් පවතින හන්දිපත් රුදාව සහ ශාරීරික වේදනාව මුල් කරගත් මේ වෛරසය, ඩෙංගු තරම්ම භයානක නැති වුනත් මේ රෝගයෙනුත් මිනිසුන් මියගිහින් තියෙනවා. මීට වසර කිහිපයකට පෙර අපේ රටෙත් සමහර ප්‍රදේශ වල මේ රෝගය පැතිරුනා ඔබට මතක ඇති. වැඩිපුරම පැතිරුනේ රත්නපුර වගේ දිස්ත්‍රික්ක වල තමා, 2008 වර්ෂය වනකොට දිනකට 1000-1200 අතර රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වන බව වාර්තා වල මෙසේ දැක්වෙනවා.




Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සෞඛ්‍ය ලිපි

අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක් – Hela FM Media

Published

on


අඹ! අඹ වලට කවුද අකමැති? අඹ කියන්නෙ ඉතාම රසවත් පළතුරක්. කොච්චර රසවත්ද කියනවනම් සුවිශේෂී යාලු කමක් හඳුන්වන්නත් අඹ යාලුවෝ කියල කියනවනෙ. හින්දු වේද ග්‍රන්ථ වල දෙවියන්ගේ ආහාරය (Food for the gods) හැටියටත් අඹ හැදින්වෙනව.

අඹ කියන්නෙ වෙනස් වෙනස් රස මවන්න සමත් පළතුරක් බාගෙට පැහීගෙන එද්දි දත් හිරිවට්ටන ඇඹුල් රහටත් හොඳට ඉදුනම මී පැණි වගේ පැණි රහටත් කන්න පුලුවන් පළතුරක්. විවිධ රසයන්ගෙන් යුතු විවිධ අඹ වර්ග බොහොමයක් අපිට එදිනෙදා පොළේදි, සුපර් මාර්කට් එකේදි මිලදී ගන්න පුලුවන්කම තියනවා. විලාඩ්, මී අඹ, කර්තකොලොම්බන්, අල්පොන්සො, ගිරා අඹ… හිතල බලන්න මේ වගේ අඹ වර්ග කීයක් ඔයාලත් රස විඳල තියනවද කියල.

අද අපි කියන්න යන්නෙ මේ රසවත් පළතුරෙන් අපි හැමෝටම කරන්න පුලුවන් දේවල් පහක් ගැන. මේ ලැයිස්තුවේ එන 5වෙනි කරුණ ඔයාලව පුදුමයට පත් කරන්නත් ඉඩ තියනව කියල කලින්ම කියන්න ඕන.

 

1. අඹ අච්චාරු

Mango අච්චාරු
කටට කෙල වගුරව‍න අඹ අච්චාරුව
Source – pinterest.com

අච්චාරු නම ඇහුවමත් ලුණු, මිරිස්, සීනි,විනාකිරි සුවද දැනෙනව වගේ නේද?

අච්චාරුවක් හදන්න මහ ලොකු සූපවේදී දැනුමක් තියෙන්න ඕනෙ නෑ. ඉස්සර පොඩි කාලෙ සෙල්ලම් කරද්දි පොඩි විවේකයක් ලැබුණම අහල පහලක අඹ ගහකට ගලකින්, පොල්ලකින් ගහල අඹ ගෙඩි දෙක තුනක් බිම වට්ටගෙන ඔයාලත් ඕන තරම් අච්චාරු හදල ඇති නේද?

හරි, හදල නැති අය ඔන්න අහගන්න.

ගන්න  අඹ ගෙඩි දෙක තුනක්. බාගෙට ඉදිච්ච නම් වඩාත් හොඳයි. සෝදල සුද්ද කරල පොඩි තීරු වලට කපා ගන්න. ඊට පස්සෙ යන්න කුස්සියට. ගිහින් ලුණු, සීනි තේ හැන්දක් බැගින් , විනාකිරි තේ හැන්දක්, මිරිස් ගම්මිරිස් මේස හැඳි දෙක තුනක් බැගින් භාජනයකට දා ගන්න. දැන් මේව ඔක්කොම කපාගත් අඹ කැබලිත් එක්ක මිශ්‍ර කරගන්න. පොඩි වංගෙඩියක් තියනවනම් මේ මිශ්‍රණය ටිකක් තලාගන්න. එතකොට තවත් රසවත්.

දැන් ඉතින් සූස් සූස් ගගා කන්න තමයි තියෙන්නෙ.

 

2. අඹ ස්මූති

Mango Smoothie
රස කර කර බොන්න අඹ බීමක්
Source – pinterest.com

ස්මූති හදන්නත් පුලුවන්. තිබහට වගේම පොඩි බඩගින්නටත් කියාපු දෙයක් තමයි මැන්ගෝ ස්මූති කියන්නෙ. කිරි, අයිස්ක්‍රීම් සහ කපාගත් ඉදුණු​ අඹ කැබලි බ්ලෙන්ඩ් කරගෙන අපි කාටත් පහසුවෙන්ම ගෙදරදී මේ පානයක් හදාගෙන රස බලන්න පුලුවන්. රසයට වඩා ශරීර සුවතාවයට මුල් තැන දෙනවනම් කිරි සහ අයිස්ක්‍රීම්  ඉවත්කොට ඒ වෙනුවට මේද රහිත කිරි හෝ ආමන්ඩ් කිරි වගේ දෙයක් ආදේශ කරගන්නත් පුලුවන්.

විටමින් A,B,C තියන නිසා රසවත් විතරක් නෙමෙයි ගුණයෙනුත් පිරිපුන් පානයක්.

 

3. අඹ චට්නි

Gihan's World Famous Mango Chutney
ගිහාන්ගේ ලෝක ප්‍රසිද්ධ අඹ චට්නිය
Source – https://www.facebook.com/1suru

අඹ චට්නි ටිකක් තියනවනම් කෑම මේසෙට උත්සව සිරියක් එනවා. පොඩි පැණි රසක් සහ පුංචි සැරක් ගෙනදෙමින් එදිනෙදා කෑම වේල තවත් රසවත් කරන කල්තබාගතහැකි නියම කෑමක් තමයි අඹ චට්නි කියන්නෙ. ටිකක් අන්තර්ජාලය විමසල බැලුවොත් ගෙදරදීම පහසුවෙන් පිළියෙල කරගතහැකි අඹ චට්නි රෙසිපියක් සොයාගන්න අපහසු වෙන එකක් නෑ.

 

4. අඹ මාලුව

Mango Curry
බත් එක්ක නියමෙට ගැලපෙන අඹ මාලුව
Source – sailusfood.com

රැයක් අඟුරු උඩ හිදෙන්න තියල ඉස්සර ආච්චිලා හදන අඹ මාලුව කොච්චර රසද? දැන් එහෙම නැති උනත් ගෙවත්තෙන් හෝ මාකට් එකෙන් ගන්න අඹ ගෙඩි කිහිපයකින් ගෑස් ලිපෙන් උනත් රසවත් අඹ මාලුවක් සාදා ගන්න ඔයාලටත් හැකියාව තිබෙනවා.

මස් මාලු නැති බත් පතක් උනත් රසවත් කරන්න පුලුවන් තරම් රසවත් කරියක් තමයි මේ අඹ මාලුව. ඒ විතරක් නෙමෙයි උණු උණු රෝස්පාන් එක්ක රස විඳල බලන්න. හරිම රසවත් අත්දැකීමක් වෙනවා සත්තයි.

එහෙත් මේ මොන දේ හැදුවත් අඹ ඇටේ අහක දාන්න එපා!

 

5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්

Mango seed in oil
අකාලෙට කෙස් හැලීම හෝ පැසීමට පිළිතුර
Source – edibletropicalplants.com, 965malls.com

කාල විසි කලා නේද අඹ ඇටේ? අයියෝ! යන්න යන්න ගිහින් ආපහු ඇහිඳන් එන්න.

අඹ ඇටය හොඳින් වියලවා ගන්න. ඊට පස්සෙ ඒකෙ පිට පොත්ත ඉවත් කරල මදය අරගන්න. ඔලිව් හෝ පොල් තෙල් ටිකක් වීදුරු භාජනයකට දාන්න. ඉන්පස්සේ අඹ ඇටය එයට දමා සතියක් විතර ඉර එළියට නිරාවරණය වෙන තැනක තියන්න.

සතියකට පස්සෙ ඔයාලට හම්බවෙන්නෙ නියම අඹ ඔයිල් එකක්. ඒක හිස් කබලේ ඇතිල්ලීමෙන් හිස්හොරි, අකලට කෙස් පැසීම කෙස් හැලීම ගොඩක් අඩු කරගන්න පුලුවන්.

 




Hela FM Media Network

Continue Reading

සෞඛ්‍ය ලිපි

කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක් – Hela FM Media

Published

on


 

කරවිල කියන්නේ අපි එතරම් කන්නට කැමති කෑමක් නෙවෙයි. ඒ මේ එළවලුව සතු තිත්ත රස නිසා. එත් පෝෂණ ගුණයෙන් ගත්තම මේ එලවලුවට සම කරන්නට පුළුවන් වෙනත් එළවලුව නැති තරම්. රසය කෙසේ වෙතත් ගුණයෙන් අගතැන් කරවිල වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ අනිවා දැනගත යුතුයි කියා සිතුවේ අන්න ඒ නිසයි.

 

1. දියවැඩියාවට සහ තරබාරුවට පිළියම් කරයි
Weight Loss
Source – onlyfoods.net, daystune.com, gossipcop.com

පර්යේෂණ වලින් කියවෙන ආකාරයට කරවිල වලින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප්‍රමාණයන් ඉවත් කර, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසිපරිදි සිදු කිරීමටත් කරවිල වලින් සිද්ධ වෙන්නේ මහඟු මෙහෙයක්. මීට අමතරව අප ලබාගන්නා කාබෝහයිඩ්රේට සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය නසා දමන්නට කරවිල සමත් වෙනවා. මේ හේතුව නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත් වීමේන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතු කරගැනීම නිසා නැති කරගන්නට පුළුවන්.

 

2. වකුගඩුවේ ගල් ඉවත් කරයි
Kidneys
Source – iheartguts.com, 123rf.com, clipartpanda.com

කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතු වන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වය පිළියම් ලබාගන්නට පුළුවන්.

 

3. සිරුර තුල කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
Cholesterol
Source – thehealthyways.in, shutterstock.com

වැරදි ආහාර රටා මගින් සිරුරේ පවතින කොලේස්ට්‍රෝල් මට්ටම ඉහල යාම පාලනය කිරීමටත් කරවිල කියන්න හොඳ විසඳුමක්. හදවත් ආබාධ, හදවත් රෝග සහ රුධිර නාල වල ලේ කැටි ගැසීම් වැලක්වීමටත් කරවිල සමත්කම් දක්වනවා.

 

4. පිළිකා සෛල මැඩපවත්වයි
Cancer
Source – jimenezvareladiseases.blogspot.com, clipartsheep.com

පිළිකා නාශක ගුණ ඇති ආහාරයක් ගැන ඔබ කල්පනා කරනවා ඔබේ මනසට මුලින් ම පැමිණිය යුතු ආහාරයක් ලෙස කරවිල දක්වන්නට පුළුවන්. ඉහත කීවා සේ සිරුර තුල සිනි මට්ටම පාලණය කරන අතරතුර, අග්න්‍යාශ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම මැඩ පවත්වන්නට සමත්කම් දක්ක්වනවා. මීට අමතරව කරවිල ආහාරයට එක්කාසු කර ගැනීම මගින් පුරහ්ස්ථ ග්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශ්‍රිතව පිලික සෛල ඇතිවීම වැලැක්වෙන බව වෛද්‍යවරුන් පවසනවා.

 

5. ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
Blood
Source – makeupandbeauty.com

කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛල වලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වවන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත් වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සැමට වැළදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතුකබර රෝගී තත්වයන්, පණුරෝගආදිය වැලැක්වීම සිදුවනවා. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වලවන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්. ඉතින් ඔබ මේ විදියට ලස්සනට පැවතුනොත් ඔබට කැමති අය දෙපාරක් හැරිලා බලන බව නම් අනිවා ෂුවර්..!

 

6. විටමින් මට්ටම නිසා ඔබව නිරෝගී කරවයි
Vitamins
Source – catholicalcoholic.com

විටමින් වලින් පොහොසත් මේ අපුරු ආහාරය, සිරුර තුල රුධිරය අලුතින් නිපදවන්නට සහ අස්ථි ශක්තිමත් කරන්නට බොහෝ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව නොරහසක්. මීට අමතරව ආමාශයේ දැවිල්ල සහ ඉන් ඇතිවන තුවාල සුවපත් වීම සඳහාත් භාවිතා කරයි. මෙයට අමතරව ක්‍රීඩාශීලී ජීවනරටාවක් සහිත පුද්ගලයින්ට නිතර ඇතිවන මාංශ පේශී ඉරීයාම් සහ ඒවායේ ඇතිවන වේදනාවන් අඩු කරන්නටද කරවිල වලින් සහය ලැබෙන අතර, කරවිල වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහලින් තබාගෙන සිරුර නිරෝගී කරගන්නට ඔබට අවස්තාව ලැබෙනවා.

 

7. ප්‍රතිශක්තිය වඩවයි
Immunity
Source – collective-education.com

ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටේරියා සහ රෝගතත්ත්වයන් ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වනවා.

හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල් වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ වෙළඳපොලේ පිරිසුදු කොළ පැහැති ලපටි කරවිල ටිකක් ගෙදරිත් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.

 




Hela FM Media Network

Continue Reading

සෞඛ්‍ය ලිපි

සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ඔත්තු 11ක් – Hela FM Media

Published

on


 

බොහෝ අවස්ථාවල ගොඩක් අය ආයුර්වේදය තමන්ගේ ජීවිතේට ලංකරගන්න හදන්නේ එක එක සුඛෝපභෝගී සහ ජනප්‍රිය නිෂ්පාදන සහ ස්පා ප්‍රතිකර්ම වැනි මිල අධික ක්‍රම වේදයන් මගින්.

ඒත් ඔබ සමහර අවස්ථාවල අසා ඇති විවිධ සෞඛ්‍යය පුරුදු, බටහිර වෙදකමේ මේ වන විට ලබාදෙන සමහර අත් බෙහෙත් ආයුර්වේදයට සම්බන්ධතාවක් තිබෙනා බවට ඔබ දන්නවාද? ඉතින් ඔය ලොකු ලොකු ගණන් ගෙවල ගන්න ප්‍රොඩක්ට්වලින් හරි ලොකු ලොකු ස්පාවලින් හරි විතරක් නෙවෙයි, මේ කෙටි ක්‍රම මඟින්ද සුවබර ජීවිතයකට ආයුර්වේදයෙන් ලඟා වෙන්න.

 

1. ඉක්මනින් අවදි වෙන්න.
Source - youtube.com
Source – youtube.com

අයුර්වේදයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ අත් විදින්නට අපිට ලේසියෙන්ම කරන්නට පුළුවන් දෙයක් කියන්නද? උදෙන්ම අවදි වෙන්න. උදෙන්ම අවදි වෙන්නත් කලින් නිදාගන්න ඕනෙනේ. අඩුම තරමින් පැය හයක්වත් සුවබර නින්දක් ලබන්නට වෙනවා. එසේ වේලාසනින් අවදි වන්න. ආයුර්වේදයේ උපදෙස් දෙන්නේ උදේ පාන්දර 4.30ත් 5.00 ත් අතර අවදි වන්නට හැකිනම් නියමයි කියලයි. හිරු නැගෙන්නට පළමු හෝරාව හඳුන්වන්නේ බ්‍රහ්මයාගේ හෝරාව කියලයි. පොළොවට වැටෙන මුල්ම හිරු එලිය අපේ සිරුරට ගෙන එන්නේ ඉතා හොඳ සවියක්, ශක්තියක්.

 

2. ආයුර්වේදයට හිතකර ආහාර රටාවකට හුරුවෙන්න.
Source - healthyfamilyfoodscanada.com
Source – healthyfamilyfoodscanada.com

ඔබට ලෙඩ රෝගවලින් තොර ජීවිතයක් නම් අවශ්‍ය, හොඳම දේ ඔබ ආහාරයට ගන්නේ මොනවාදැයි හොඳින් සොයා බලන්න. කෘත්‍රිම සහ ජාන වෙනස් කරන ලද ආහාර වලට වඩා නැවුම් ස්වභාවික ආහාර රටාවකට හුරු වන්න. වැඩිපුර පලතුරු සහ එළවලු ආහාරයට ගන්න. තෙල්වලින් පිරුණු ජන්ක් ෆුඩ්ස් වලට වඩා එහෙම කෑමක් කොයිතරම් හොඳද? ඉතින් මේ හේතු නිසා ඔබේ ආහාර වේලට ආයුර්වේදය එකතුකර ගතහොත් ඔබේ සිරුර ඔබට හිතකර ශක්තියක් නිපදවා ඔබව නිරෝගී කමේ ඉහලටම රැගෙන යාවි.

 

3. වතුර වීදුරුවකට මී පැණි හැන්දක් වටිනවා ජීවිතයක්
Source - honeyandherbshealth.com
Source – honeyandherbshealth.com

උදැසන අවදි වීමෙන් පස්සේ පිරිසුදු මීපැණි තේ හැන්දක් වතුර වීදුරුවකට මුසු කර බීමෙන් ඔබේ සිරුර තුල එකතු වී ඇති විෂ කෙමින් කෙමින් ඉවත්වෙමින් යන්නට පටන් ගනීවි. විවිධ බැක්ටීරියා වර්ග නිෂ්පාදනය වීමේ ඉඩකඩ මේ නිසා අඩුවන නිසා, ඔබට ඔබේ වියදම් ලේසියෙන් ම කපා හරින්නටත් පුළුවන් වේවි.

 

4. ඇවිද්ද පය දහස් වටී.
Source - indiatimes.com
Source – indiatimes.com

යන්න උදේට පොඩි රවුමක් ගහලා එන්න. මේ ගමන හවසටත් යන්න පුලුවන්නම් තමයි ඇත්තටම මරු. එකක් ඇවිදීම කියන්නේ අපිට නිර්දේශ කරන්නට හොඳම දෙයක්. එය මනසේ නිදහස සහ ජීවන නිදහස කියන දෙකම ඔබ වෙත නිතැතින්ම හමා එන්නේ මේ උදැසන ඇවිදීම කියන සාධකය මත.

 

5. විෂ පරාජය
Source - 123rf.com
Source – 123rf.com

සිරුරේ එකතුවෙලා තියෙන විෂ ඉවත් කරන්න කරන්න තියෙන හොඳම විදිය තමා උදේ නැගිට්ටට පස්සේ බහිශ්‍රාවය කිරීම. එය උණු වතුර වීදුරුවක් පානය කර අත් දෙපසට කර හිරි ඇරීම මගින් ලෙහෙසියෙන්ම කරන්නට පුළුවන්.

 

6. ලෙඩට ස්වභාව ධර්මයෙන් බෙහෙත් ගැනීම.
Source - tokopedia.com
Source – tokopedia.com

දිනපතා ආහාර වලට ඖෂධිය ගුණයෙන් යුතු ආහාර කොටස් එක්කර ගැනීමෙන් ඔබට ලෙහෙසියෙන්ම ඔබව නිරෝගී බවින් පිරවිය හැකියි. නැවුම් ඉගුරු, කහ, සුදුලූනු, කරාබුනැටි, ගම්මිරිස් වැනි එදිනෙදා ජීවිතයේ පහසුවෙන් සොයා ගන්නට පුළුවන් දේ ආහාරයට එක්කර ගන්නට පුළුවන් නම් රහසේම ඔබේ සිරුර ඔබව නිරෝගී කමින් තබාගනීවී.

 

7. වතුර? ඒ මොකටද???
Source - popsugar.com
Source – popsugar.com

දිනපතා වතුර විදුරු 4-5ක් පානය කරන්න පුලුවන්නම් එය තමා හොඳම දේ ඔබේ සිරුර අඩුම වියදමකින් සෞඛ්‍යමත් කරනන් කියලා අයුර්වේදයෙන් සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි, සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය සහ ජලය මට්ටම ඉහල යාම ආහාර දිරවීම ක්‍රමවත් කිරීමට මහඟු සේවයක් කරනවා.

 

8. මසාජ් එකකට පුළුවන් වැඩක්.
Source - massagemag.com
Source – massagemag.com

උදේට ඔබේ හිස තෙල් දමා සම්භාහනය කරගන්නට පුළුවන් නම් එයින් මුහුණේ රැලි වැටීම, හිසකෙස් සුදුවීම වගේ දේවල් ලේසියෙන්ම නවත්වාගන්නට පුළුවන් කම තියෙනවා. මදක් රත් කරගත් රන් තැඹිලි තෙල් ස්වල්පයක් ලෙහෙසියෙන්ම මේ රාජකාරිය ඔබට කරදෙන බවට කිසිම සැකයක් නැහැ. අනෙක නිරෝගී පෙනුමකින් යුතු සමක් ලැබෙනවට කවුද දෙයියනේ අකමැති?

 

9. පොෂ් එකට හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන්න.
Source - youtube.com
Source – youtube.com

ලෝකෙට පෙන්න හරි කමක් නැහැ ව්‍යායාම පොඩ්ඩක් කරන එකෙන් ඒ වාසිය ලැබෙන්නේ ඔබටමයි. සිරුරෙන් දහදිය පිටකිරීමෙන් ඔබේ සහ ඔබේ මස්පිඩු හැකිලීමට දිගහැරීමට ලක්වීමෙන් ඒ වටා බැදී ඇති මේදය පහව යන්නට ඉතා ඉහල උදව්වක් සපයනවා. වැඩිය එපා, දවසකට විනාඩි 30ක් හොඳටම ඇති.

 

10. ඔබේ නිරෝගී බව පානය කරන්න.
Source - twicsy.com
Source – twicsy.com

සියල්ලම වගේම ඔබේ ආහාරයට රසවත් කොළ කැඳ කොප්පෙකින් එකතු කරන සෞඛ්‍යමත් බව මෙතෙකැයි කියලා කියන්න බැහැ. ඔබේ බොහෝ අසනීපයන් උදෑසනට බොන්නට හැකි කොළකැඳ කොප්පෙකින් පලවා හරින්නට හැකි බව දන්නවද? කොළ කැඳ බොන්නට ගමටම එන්න ඕනේ නැහැ. ඔය දියත උයන එකේ වගේම කැලෑ පොලේත් එක එක ජාතියේ රසම රස කොළ කැඳ විකුණන්නට තියෙනවා.

 

11. භාවනාව කාරනාව
Source - ritamaher.com
Source – ritamaher.com

මෙච්චර වෙලා කිව්වේ සිරුර තුල නිරෝගී වෙන විදිහනේ. ඇයි මනස කියන්නේ සිරුරේ කොටසක් නෙවෙයිද? ඔව්. කාර්ය බහුල ලෝකෙන් ටිකක් ඈත වෙලා, පොඩි විවේකයක් ගන්න, පොඩ්ඩක් පැත්තකට වෙලා නියමිත පරිදි හුස්ම ඉහල පහල යාම ගැන විතරක් අවධානය යොමු කරන්න පුළුවන් අආකරයේ පොඩි භාවනාවක් කරන්න උත්සහ කරන්න. සිත චංචල නම් උඩ කියාපු කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ.

(තොරතුරු සැපයීමෙන් අපට සහය වූ ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා නිශාදි කුලරත්න මෙනවියට අපගේ ස්තුතිය.)

 




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd