Connect with us

උණුසුම් පුවත්

රෝහිත අබේගුණවර්ධන මාර්ග නීති කඩ කරයි

Published

on


එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාර්ග නීති කඩ කරමින් තවත් පිරිසක් සමග ප්‍රධාන මාර්ගයක යතුරුපැදි පෙළක් ධාවනය කරන අයුරු දැක්වෙන ජායාරූපයක් මේ වනවිට පුවෘත්ති අඩවිවල සහ සමාජජාලවල හුවමාරු වෙමින් තිබේ.

එම ඡායාරූපයට අනුව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා විසින් රෝහිත අබේගුණවර්ධන මහතාව යතුරු පැදියක නංවාගෙන හිස් වැසුම් නොමැතිව රංචුවක ආකාරයට යතුපැදි ධාවනයේ නිතරවෙමින් සිටී.

එම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින්ද මෙසේ නීතිය කඩකරමින් ගමන් කර ඇති නමුත් පොලිසිය කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමටද උත්සුක වී නැත.

මොවුන්ට දේශපාලන බලය නොමැති තත්වයක් යටතේ මෙලෙස හැසිරෙන්නේනම් දේශපාලන බලය ලැබණු කල කෙලෙස නීතිය කඩකරනු ඇතිදැයි මහ ජනතාව ප්‍රශ්න කරමින් සිටිති.

පැවති රාජපක්ෂ පාලන සමයේද මොවුන් කටයුතු කරනු ලැබුවේද මේ අකාරයටම නීතිය හා සාමය පසිඳලන ආයතනවල සහ එම නිලධාරීන්ගේ අභිමාණය කෙළසමින්, නීතිය තමන් අතට ගනිමිණි.


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Published

on


අවිස්සාවේල්ල –  තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයකට එක්ව සිටි තරුණ තරුණියන් 25 දෙනෙකු, මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයින් 21 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා මිලිග්‍රෑම් 10ක් පොලීස් භාරයට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

පැය දෙකකට අඩු කාලයකින් මැරතන් තරඟයක් නිමාකිරීමේ අසමසම ලෝක වාර්තාවක්

Published

on


පැය දෙකකට අඩු කාලයකින් මැරතන් ධාවන තරඟයක් අවසන් කරමින් අසමසම වාර්තාවක් තැබීමට එලියුඩ් කිප්චෝගේ නම් කෙන්යානු ජාතික ක්‍රීඩකයෙකු ඊයේ(12) සමත් විය.

එලියුඩ් කිප්චෝගේ මෙම අසමසම වාර්තාව තැබුවේ පැය 1යි මිනිත්තු 59 ක් සහ තත්පර 40 ක් ඇතුළත ය.

ඔස්ට්‍රියාවේ වියානා නගරයේ පැවති මැරතන් ධාවන තරඟයක දී කිප්චෝගේ මෙම වාර්තාව හිමිකර ගත්තේ ය.

මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය සැතපුම් 26.2188 ක් හෙවත් කිලෝමීටර 42.195ක් වන අතර මීට ඉහත හොඳම තරඟ කාලය ලෙස සටහන්ව තිබුනේ පැය 2 තත්පර 48 කි.

Ineos නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාඟමක් විසින් මෙම තරඟය සංවිධානය කර තිබිණි.

එලියුච් කිප්චෝගේ මෙම තරඟ වාර්තාවට අමතරව නිල මැරතන් ලෝක වාර්තාවකට සහ ඔලිම්පික් මැරතන් ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි.

තරඟ ආරම්භයේ සිටම කිප්චෝගේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් කැපී පෙනෙන සුදු පැහැ බැනියමකින් සැරසී සිටි අතර ඔහු පැලඳ සිටි පාවහන් යුගල ද මෙම වාර්තාව තැබීමට රුකුලක් වන්නට ඇතැයි විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් කිප්චෝගේ සම්බන්ධ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ අසීමිත කැපවීම හා ධෛර්ය මෙම වාර්තාව තැබීමට හේතු වූ බවය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

වැලිමඩ නිවසක් මතට ගසක් කඩාවැටීමෙන් තිදෙනෙකු මරුට

Published

on


වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර ඊයේ(12) රාත්‍රියේ සිදුව ඇති අතර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ශාවත් සමඟ මෙම නිවස මතට ගස කඩා වැටී ඇතැයි වාර්තා වේ.

අනතුරින් අවුරුදු 18ක තරුණියක් සහ අවරුදු 14 සහ 10 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත.

තවත් අවුරුදු 22ක තරුණයෙක් වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd