Connect with us

ආදරය හා සබදතා

මැණිකෙලා මැණිකෙලා උඩරට පැත්තේ – නෝනලා නෝනලා කොළඹ පළාතේ – Hela FM Media

Published

on


 

මේ උඩරටයි කොළඹයි කතාවක්. කොළඹයි නුවරයි යාළුවො දෙන්නෙකුගේ මේ කතාව ඕගොලොන්ටත් පොදු ඇති. කියවලා බලන්න. හිතු‍නොත්  කමෙන්ට් එකක් දාන්න.  මේ කතා කරන්නෙ ලංකාවෙ දියුණුවට සක්‍රියවම දායක වන සහ ලංකාවෙ නගර අතරින් ප්‍රසිද්ධම නගර දෙකක් ගැන.

 

කොල්ලො

නුවර බුවා
Source – dailymail.co.uk
Source – dailymail.co.uk

අපේ එවුන් තමයි සුපිරිම. නිකං උඹ එෆ්බී පැත්තෙ වුනත් රවුමක් දාලා බලහං නුවර කොල්ලොන්ගෙ වැඩ. ආට්ද, පොලිටික්ස්ද, ස්පෝට්ස්ද? හැම එකම නුවර කොල්ලො තමයි. නිකමට සංගයි මුරලියි බලහංකො.

 

කොළඹ බුවා
Source – arysports.tv
Source – arysports.tv

දෙන්නෙක්ගෙන් ටීම් එකක් හදන්න බැහැනෙ බං. සංග ගහයිද මහේලගේ පාට්නර්ෂිප් නැත්තං. මුරලි දායිද අර්ජුන බේරගත්තෙ නැත්තං.. ඊටත් මුරලිගේ බෝලවලට වැඩිම කැච් අරං තියෙන්නෙත් මහේල. ටීම් එක ගොඩ දැම්මෙ කොළඹ උන් තමයි බං. උඹලගෙ කොල්ලො සුපිරියි නං මොන බම්බුවටද කොළඹ එන්නෙ රස්සාවල්වලට. නිකං එකෙක් දෙන්නෙක් පෙන්නල දඟලන්න එපා බං.

 

පරිසරය

කොළඹ
Source – wikipedia.org
Source – wikipedia.org

උඹලට ඉතිං තියෙන්නෙ කඳු ටික විතරයිනෙ. අපිට ඒ මොකුත් නැතුවත් කොළඹ ලස්සන බලහංකො. පිළිවෙල. බලන්න තියෙන තැන්. උඹල මහ ලොකුවට පැත්ත ලස්සනයි කියල උඩ පැන්නට බලහංකො තියෙන වායු දුෂණේ.

 

නුවර
Source – gosrilankatour.com
Source – gosrilankatour.com

අනෙ නිකං ඉඳහං බං වායු දූෂණේ ගැන මගෙං අහගන්නැතුව. උඹලට දුං නෑ වගේ. වායු දූෂණේ වෙන්නෙත් පැත්ත දියුණු හින්ද බං. උඹලට කැම්පස් මහ ගොඩක් තිබ්බට ‍පේරාදෙණියට අඩිය තියල බලහංකො වශී වෙන්නෙ නැද්ද කියල.

 

කෙල්ලො

කොළඹ
Source – oldindianphotos.in
Source – oldindianphotos.in

ඔය කොයි නුවර කෙල්ලත් කොළඹ කොල්ලො ගාව පදිරි බ්‍රෝ. ඊටත් වඩා උඹලගෙ එකා දෙන්න වගේ නෙමෙයි කොළඹින් විශාකා, සිරිමාවෝ, ලේඩීස්, මියුසියස්, දේවි වලින් අවුට් වෙන සුපිරි කෙල්ලො බලහංකො. නල්ලමලේ හයිස්කූල්…

 

නුවර
Source – imagesofceylon.com
Source – imagesofceylon.com

යකෝ අපේ කෙල්ලො බලහං සීතලට හැදිලා සුපිරියට ඉන්න හැටි. ඒකට උඹලගෙ එවුන් අවුරුද්ද පුරා ෆේෂල් කරත් එකම විදියට කැතයි. අනික බලහංකො ලංකාවෙ ලොකු ලොකු තැන්වල ඉන්න නුවර කෙල්ලො ගොඩ. නිකමට සචිනි අයේන්ද්‍රා බලහං. අම්ම කෙනෙක් වෙලත් තාමත් කොල්ලො පිස්සු වැටෙනවනෙ.

 

කෑම කඩ

කොළඹ
Source – drr.mdfsa.lk
Source – drr.mdfsa.lk

මේක ගැනනං ඉතිං කතා කරන්නෙපා. කොළඹ තියෙන එක එක තීම්වලට හදපු කඩ සෙට් එකට ගහන්න නං නුවරට බෑ බං. ඒවයෙ රස බලපං. ඊටත් හපං ස්ට්‍රීට් ෆුඩ්.

 

නුවර
Source – queenshotel.lk
Source – queenshotel.lk

අපි ස්ට්‍රීට් ෆුඩ්ස් කෑවෙ උඹල කිරි බොන කාලෙ බල. ඕන එකෙක් නුවර එනකං ආසාවෙන් ඉන්නෙ කඩවලින් කන්න. ඊටත් හපං ඇවිල්ල ඉවර වෙලා කොයි කඩෙන් කන්නද කියල හිතාගන්නත් බැරුව ඉන්නව සමහරු.

 

ග්‍රවුන්ඩ්ස්

නුවර
Source – traveltalk.com.au
Source – traveltalk.com.au

පල්ලෙකැලේට ගහන්න ලස්සන ග්‍රවුන්ඩ් එකක් ලොවෙත් නැහැ බං. අස්ගිරිය ග්‍රවුන්ඩ් එකට එන්න පිං කරල තියෙන්න ඕන.

 

කොළඹ
Source – srilankacricket.lk
Source – srilankacricket.lk

ග්‍රවුන්ඩ්වල ලස්සන කන්නද බං? ග්‍රවුන්ඩ්වලට තියෙන්න ඕන කොලිටිය. එස්එස්සී ලෝකෙ හොඳම ටෙස්ට් ග්‍රවුන්ඩ් අතරෙ තියෙනව. සරවනමුත්තු එකේ තමයි පළවෙනි මැච් එක ගැහුවෙත්. ඊටත් ප්‍රේමදාස එකේ ඩේ ඇන්ඩ් නයිට් ගහනකොට පල්ලෙකැලේට කරන්‍ට් එකත් නෑ බං..

 

රාජධානි

කොළඹ
Source – asianworldnews.co.uk
Source – asianworldnews.co.uk

කෝට්ටෙ තමයි බං සුපිරිම රාජධානිය. උමං මාර්ගද අරවද මේවද, සුපිරියටම තිබ්බෙ කෝට්ටෙ. උඹලට ඉතිං තනිකර කැලෑ හින්ද එවුව අස්සෙ ඉඳං ගරිල්ල ගැහුවට කොළඹ කොල්ලො ඒ කාලෙ ඉඳම්ම ෆේස්ටු ෆේස් තමයි සටන් කළේ.

 

නුවර
Source – wikipedia.org
Source – wikipedia.org

මං මුකුත් කියන්නෙ නෑ උඹට ඉතිං කියන්න තියෙන්නෙ ඔච්චරයි නිසා. යකෝ මිනිස්සු තාම රාජධානියක් විදියට සළකන්නෙ කොහෙටද කියල බලපං. වඳින්නෙ කොහෙටද බලපං. යන්න කැමති කොහෙටද බලපං. ගාම්භීර කමට තියෙන්නෙ කොහෙද බලපං

 

ඉස්කෝලේ

නුවර
Source – wikimedia.org
Source – wikimedia.org

මේක ගැනනං ඉතිං අපි එක්ක කියවන්නෙපා බං. අපිට තියෙන්නෙ ඉස්කෝල ටිකයි වුනාට ඒ ටික සුපිරි. ධර්මරාජ, කිංස්වුඩ්, ට්‍රිනිටි, සිල්වෙස්ටර්, රණබිම රෝයල්, ඇන්තනීස්, මහාමායා, හයිස්කූල්, පුෂ්පදානවලට ගහන්න පුළුවන්ද බං උඹලගෙ එවුවට.

 

කොළඹ
Source – wikipedia.org
Source – wikipedia.org

අනෙහ්… තියාගනං බං උඹලගෙ මහ ලොකු ඉස්කෝල. උඹලා කවදා ඒ තැනට එයිද කියලවත් හිතන්න බැහැ. රෝයල්, ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, ඉසිපතන, ඩීඑස්, මහානාම, විසාඛා, සිරිමාවෝ, මියුසියස්, දේවි ගැන කියන්න ගියොත් කටේ කෙලත් හිඳෙයි.

 
Cover Image Source – srilanka.for91days.com
 




Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ආදරය හා සබදතා

පොඩ්ඩෝ ඔවුන්ගේ අහිංසක සිහින වර්ණවත්ව මවන්නේ මෙහෙමයි – Hela FM Media

Published

on


මෙයට අනුග්‍රහය:

971259_458716424213749_1432806369_n

 

 

 

දරුවන් හරි වෙනස්. ජිවත් වෙන සමාජය ඇතුලේ අනාගතය ගැන සුභ බලාපොරොත්තු දල්වන්නට දරුවන්ට පුළුවන්. ඒ ඔවුන් අනාගතය ගැන තමා සම්බන්ධයෙන් මවනා සිහින වල ශක්තියෙන්. අනාගතයේ තමන් ඉංජිනේරුවෙක්, ගුවන් නියමුවෙක්, ගුරුවරියක්, වෛද්‍යවරියක්, සමහර විටෙක ලෝකය ම සිනා ගස්සවන නළුවෙක්  වෙන්නටත් ඔබේ දරුවාට බලාපොරොත්තුවක් ඇති.

 

1. අපිත් සිහින දැක්කද?

Paint Dreams 4ඇයි නැත්තේ? අපි ඕනෑ තරම් අනාගතය ගැන සිහින දරන්නට ඇති. වෙනසකට තියෙන්නේ අපි කාලයක් යනකොට වයසත් එක්කම වැඩෙනකොට අපිට ඒ සිහින අමතක වෙනවා. හොඳට හිතලා බලන්න ඔබ ආදරය කල එහෙත් තවමත් සැබෑ කරගන්නට බැරි වුනු සිහින කොතරම් තියෙනවා ඇතිද? ඇයි අපිට ඒ සිහින සැබෑ කරගන්න බැරි වුනේ?

බොහොම ගොඩාක් හේතු තියෙනවා. අපි කුඩා කාලයේ අපේ බලාපොරොත්තු හරිම අහිංසකයි. බොහෝ විට “මම මේ දේ අයිති කරගන්නවා, මම මේක අර කෙනාගෙන් ගන්නවා, ඔවුන් මට මෙහෙම සලකන්න උවමනායි” වගේ තමාව කේන්ද්‍ර කරගෙන ගොඩ නගන සිතිවිලි පොඩි දරුවන් තුල ගොඩ නැගෙනවා අඩුයි. අන්න ඒ නිසයි අද දරුවන්ගෙනුත් අනාගත සිහින ගැන ඇහුවම ගොඩක් දුරට, “මට ආසයි ගායිකාවක් වෙන්න, මගේ ගීත වලින් ලෝකය ලස්සන තැනක් කරන්න.” එහෙමත් නැතිනම් “මට ආසයි වෛද්‍යවරියක් වෙන්න, දුකට පත් වෙලා ඉන්න රෝගීන්ව සුවපත් කරන්න.” මෙන්න මෙහෙම දේවල් පවසන්නේ.

දරුවන් බොහොම සුන්දර පිරිසක්. කාලයක් යනකොට සමාජය විසින් ඔවුන් වෙත ආත්මාර්ථය නමැති රෝගය බෝ කරනවා. මෙතැනයි දෙමාපියන්ගේ මග පෙන්වීම එක විය යුත්තේ.

 

2. මග පෙන්වීමේ සීමාවක්?

Paint Dreams 2සමහර දෙමාපියන් තමන්ට දිනා ගන්න බැරිවුනු සිහින දරුවන් හරහා දකින්නට උත්සහ කරනවා. විටෙක එය හොඳ දෙයක් වුනත් තවත් විටෙක එය දරුවාට බොහොම හානි දායක වෙන්නට පුළුවන්. තමන් අකමැති දෙයක් කරන්න ගිහින් දරුවා තමන්ගේ හීන සහ තම දෙමාපියන්ගේ සිහින අතර අතරමං වෙන්නට පුළුවන්.

 

3. එහෙනම් මොකද කරන්න ඕනේ?

Paint Dreams 3හරිම සරලයි.

දරුවන්ගේ සිහිනයට හවුල් වෙන්න. ඔවුන්ට තමන්ගේ අනාගත සිහිනය තමන්ගේ සිතුවිලි අනුව තනාගන්නට උදව් දෙන්න. මොකද දරුවන් ට මුලදී ඔවුන් දකින බලාපොරොත්තුව මොන වගේද කියලා අදහසක් නැති වෙන්න පුළුවන්. එහෙනම් වැඩිහිටියන් විදිහට අපිට තියෙන්නේ ඔවුන්ගේ සිහිනය අපි අඳින්නේ නැතුව, ඔවුන් දැකපු සිහිනය පාට කරන්නට උදව් දෙන එකයි.

මේ උදව් ඔබට වචනයෙන් වෙන්න පුළුවන්, දිරිමත් කිරීම් වලින් වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම්, ඔවුන්ගේ සිහිනයට යන මාර්ගය ශක්තිමත් කිරීමෙන් වෙන්න පුළුවන්. මේ මොන විදිහෙන් කලත් ඔබ කරන්නේ ඔවුන්ගේ සිහිනය වෙත යාමට ශක්තියක් වෙන එකයි.

නිකමට හිතන්න. ඔබේ සිඟිති පුතාට උවමනා කරනවා ක්‍රිකට් තරුවක් වෙලා ලංකාවට කීර්තියක් අත්පත් කරදෙන්න. එහෙනම් ඔබ කුමක්ද කරන්න ඕනේ? ඔබ ඔහුගේ ක්‍රීඩා ශීලි බව නංවන්නට, වැඩි දියුණු කරන්නට ඔබට කරන්න හැකි යම් දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ ඔබේ දරුවා සතුටින් භාර ගන්නා බවට කිසිම සැකයක් නැහැ.

 


එයින් අපට?
Paint Dreams 1
පෙට්ටියකට කොටු වූයේ නම්, එයත් පාට ගන්වන්න

මෙලෙසට දරුවෙකුගේ ලස්සන සිහින ලෝකයේ සක්මන් කරද්දී අපේම මැකී ගිය අහිංසක ළදරු  ප්‍රාර්ථනා සමඟ නැවත හමු වී, එයින් අපේ අද දවස නැවත ලස්සන කල හැකියි නේද?


පසුගියදා යුනිලීවර් ආයතනයේ ඇස්ට්‍රා සමාගමේ සේවයෙහි නියුතු නිලධාරීන් ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ එකමුතුවෙන් අපූරු ඉසව්වක් පැවැත්වුණා. ඒ දරුවන් ගේ අනාගත සිහින චිත්‍රවලට නැගිමේ ඉසව්වක්.  දෙමාපියන්ටත් දරුවන්ටත්  බොහොම සුන්දර අත් දැකීමක් වූ මේ අවස්ථාව ඔවුන් බොහොම සතුටින් ගතකරන්නට යෙදුනා.


ළමයින්ගේ සිහින හරි වෙනස්. එයාලගෙ සිහින සාමූහිකයි – ආත්මාර්ථකාමී නැහැ. මේ සිහින සැබෑ කරල ලංකාව තව තවත් ලස්සන කරමු.

මේ ගැන අපි කාටත් මතක් කරලා තෑගී දිනාගන්න චාන්ස් එහෙකුත් ඇස්ට්‍රා වෙතින් දෙනවලු. ළමයින්ගේ ඒවගේ සිහින හොයාගෙන යන්න හිස් ඇස්ට්‍රා ටබ් එකක් නිර්මාණය කරලා. ඔබේ දරුවාගේ සිහින හිස් ඇස්ට්‍රා ටබ් එකේ රූපයට නගන්න කියන්න. සිහිනෙන් වර්ණවත් කල ඒ ටබ් එක ඇස්ට්‍රා වෙත තැ. පෙ. අංක 821, කොළඹ ලිපිනයට යවන්න.

මේ වීඩියෝවත් බලල වැඩි විස්තර ඇස්ට්‍රා Facebook Page එකෙන් ගන්න අමතක කරන්න එපා.


 




Hela FM Media Network

Continue Reading

ආදරය හා සබදතා

ගිෆ්ට් ගයිඩ් (ඔහුට) – පෙම්වතුන්ගේ දිනයට අතේ ඇති මුදලට ඔබේ ආදරවන්තයාට ගන්න කියාපු තෑගි – Hela FM Media

Published

on


 

පෙම්වතුන්ගේ දිනය අත ළඟම. අපේ අනිවා බලන හිතවතියන්ට තමන්ගේ පෙම්වතාට තෑගි දෙන්න පුංචි පුංචි අදහස් ටිකක් දෙන්න අපි හිතුවා. අතේ ඇති මුදලට වටිනාකමක් ඇති මතක හිටින දෙයක් දෙන්න තමයි අපි කොහොමත් කැමති නේද? බලන්න මේ දේවල් වලින් තෑග්ගකට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන්ද කියලා.

 

Rs. 1000-

 

1. පර්ස් එකක් – රු. 825/-

අඩු මුදලකට මේ තෑග්ග ලොකු වටිනාකමක් ගෙනදෙනවා. පර්ස් එකක් කියන්නේ පිරිමි කෙනෙකුට නැතුවම බැරි දෙයක්නේ. ඔයාලා දෙන්නගෙ පින්තූරෙකුත් දාලා දුන්නොත් පර්ස් එක දකින හැම වෙලාවකම ඔයාව මතක් වෙන්න මේ වගේ තෑග්ගක් අපූරුයි. පහත High life ලින්ක් එකට ගියානම් මේක තෑග්ගක් හැටියට ලස්සනට රැප් කරලම මිලදී ගන්නත් පුළුවන්. මේ පර්ස් එක රුපියල් 825ක් පමණයි

Wallet

Button

highlife-logo

 

 

2. ටයිපටියක් ඇතුළත් Gift Box එකක් – රු. 990/-

ඔබේ පෙම්වතා රැකියාවක් සොයනවාද? නැත්නම් රැකියාවකට යනවාද? කොහොම උනත් මේ තෑග්ග ඔහුට සුදුසුයි. ටයි පටියක් සහ එයටම ගැලපෙන කෆ් ලින්ක්ස් දෙකකුත් ලේන්සුවකුත් මේ ලස්සන තෑගි පෙට්ටියේ ඇතුලත්. අලංකාර පෙට්ටියකම එන නිසා ලස්සනට තෑගි කරන්න අපූරුයි. රුපියල් 990කට ඔබට මේක මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර පහත Odel ලින්ක් එකෙන් දැනගන්න.
TieButton

odel-logo

 

 

3. Tie Pin එකක් – රු.  950/-

රැකියාවට යන ඔබේ පෙම්වතාට මේ වගේ තෑග්ගක් ගැලපෙනවද බලන්න. රු.950ක මුදලකට Odel වෙතින් මේ ටයි පින් එක ඔබට මිලදී ගන්න පුළුවන්. වෙනත් මෝස්තර වල ටයි පිනුත් Odel එකේ මේ මිලටම තියෙනවා. ලස්සන box එකක එන නිසා තෑග්ගක් හැටියට මෙය වඩාත් සුදුසුයි.

4b347785fef14f1e97377a4ab6ff9654.image_.288x333

Button

odel-logo

 

 

Sold Out! විසිතුරු ලාම්පුවක්

විසිතුරු දේවල් වලට කැමති ඔබේ පෙම්වතාට වඩාත් ඔබින තෑග්ගක් මේ. එකක් තමයි මේ තෑග්ග. තරු පිරිච්ච අහසක් යට ඉන්නා වැනි හැඟීමක් එක්ක ඔයා ගැන ආදරෙන් හිතන්න ඔහුට මේ තෑග්ග නිසා පුළුවන් වේවි.රුපියල් 850ක මුදලකට මේ ලයිට් එක පහත Kaymu ලින්ක් එකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්.

Lamp GoneButton

kaymu-logo

 

 

Rs. 1000-3000

 

1. Sunglass එකක් – රු. 1,250/-

විලාසිතා ප්‍රිය ඔහුට මෙන්න මේ වගේ Sunglass එකක් තෑගි දෙන්න. පෙම්වතා ලස්සනට ඉන්න කොට කාටද ආඩම්බර ? Odel එකෙන් රුපියල් 1250කට ඔබට මේ Sunglass එක මිලදී ගන්න පුළුවන්.

SunglassesButton

odel-logo

 

 

2. Sports Jersey එකක්

ක්‍රීඩාවට ලැදි පෙම්වතෙක්ද ඉන්නෙ? එහෙම නම් ඔහුට තෑගි දෙන්න මෙන්න ගැලපෙනම දෙයක්. ඔහු කැමතිම ක්‍රීඩා කණ්ඩායමේ ටී ශර්ට් එකක්. බලන්න ඔහු කැමති කණ්ඩායමේ ටී ශර්ට් එක මේ Khazana පේජ් එකේ තියෙනවද කියලා. කලින් මුදල් ගෙවා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවත් තියෙන නිසා මේ තෑග්ග පෙම්වතාගේ ගෙදරටම යවලා ඔහුව පුදුමයට පත් කරන්නත් ඔබට පුළුවන්. කතා කරල බලන්න. ඔහුව පුදුමයට පත් කරන්න.

ShirtButton

khazana-logo

 

 

3. Laptop Bag එකක් හොඳයි නේද? – රු. 1,250/-

ඔහු Laptop එකක් පාවිච්චි කරනවද? එහෙනම් ඔබේ පෙම්වතාට මේ තෑග්ග ප්‍රයෝජනවත් වේවි. ඔහුට වඩා ප්‍රයෝජනවත් දෙයක් තෑගි දෙන එක හොඳයි කියලා සිතන ඔබට රුපියල් 1250කට මේ Laptop bag එක iPlaza වෙතින් මිලදී ගන්න පුළුවන්.

BagButton

iplaza-logo

 

 

Rs. 3000-7000

 

 

1. ගැජට් වලට කැමති ඔහුට Bluetooth speaker එකක් – රු. 3,400/-

අළුත් අළුත් ගැජට් වලට කැමති ඔබේ පෙම්වතා මේ තෑග්ගට නම් අකමැති වෙන එකක් නෑ. Mini Bluetooth Speaker එකක් මේ වැලන්ටයින් වලට ඔබෙන් තෑගි ලැබෙයි කියල ඔහු නොහිතන නිසාම ඔහුව පුදුම කරන්න මේ තෑග්ග ඉතා සුදුසුයි. iPlaza එකෙන් රුපියල් 3400කට ඔබට මේ එක මිලදී ගන්න පුළුවන්.පෙම්වතා කැමතිම දෙයක් දුන්නාමයි ඔහු වඩාත්ම පුදුමයට පත්වෙන්නෙ කියල අපේ අනිවා බලන හිතවතියන් නොදන්නවා වෙන්න බැහැ.

SpeakersButton

iplaza-logo

 

 

2. පාකර් පෑනක් – රු. 3,810/-

විසිතුරු දේවල් වලට අකමැති ඔහුව ඔබට දැනෙනා බව පෙන්වන්න සුදුසුම තෑග්ගක් මේ. නිකම්ම පෑනක් දෙනවට වඩා ඔහුගේ නම පෑනටම engrave කරලා දෙන්න පුළුවන්නම් තවත් හොඳයි නේද? එහෙම හිතන ඔබට Kapruka වෙතින් මේ සේවාව ලබා ගන්න පුළුවන්. වටිනාකමට සරිලන පෙනුමක් ගෙන දෙන මේ Paker පෑන ඔබට ඔබේ පෙම්වතාගේ නම සහිතව Kapruka web සයිට් එකෙන් රුපියල් 3810 කට මිලදී ගන්න පුළුවන්.

ParkerButton

kapruka-logo

 

 

3. Smart Watch එකක් – රු. 8,500/-

ඔබ පෙම්වතාගේ සෞඛ්‍ය ගැන හිතනවාද? මෙන්න එහෙනම් මේ ආදරවන්තයන්ගේ දිනයේදී ඔහුට දෙන්න ඔබ නොසිතූ තෑග්ගක්. ඔහු එදිනෙදා ඇවිදින දුර සහ වැයකර කැලරි ප්‍රමාණය ආදිය මැනගන්න පුළුවන් මේ Smart Watch එක වටිනාකමෙන් 42%ක් අඩුවට ඒ කියන්නේ 8500ක් වටිනා මේ watch එක රුපියල් 4900කට ඔබට Mydeal එකෙන් මිලදී ගන්න පුළුවන්.

WatchButton

mydeal-logo

 

 

Rs. 7000+

 

 

1. ගිටාරයක් – රු. 7,999/-

සංගීතයට ලැදි ඔහුව මේ වගේ දේකින් පුදුමයට පත් කරන්න. රුපියල් 7999 ක් වැනි මුදලකට මේ අපූරු Rockstar Classic ගිටාරය ඔබට Buy Abans වෙනිත් ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. Guitar case එකකුත් නොමිලේම ලැබෙන බවයි ඔවුන් සඳහන් කරල තියෙන්නේ. වැඩි විස්තර පහත ලින්කුවෙන් ලබාගන්න.

GuitarButton

buyabans-logo

 

 

2. Sleeping Bag එකක් – රු. 9,625/-

ඔහු නිතර camping, hiking යන්න කැමතියි නම් මෙන්න මේ තෑග්ග ඔහුට දෙන්න. camping ගිහින් මේ sleeping bag එකේ නින්දට යන මොහොතක ඔබව ඔහුට ආදරෙන් මතක් වේවි. wow.lk වෙතින් රුපියල් 9625කට ඔබට මේ sleeping bag එක මිලදී ගන්න පුළුවන්.

Sleeping BagButton

wow-logo

 

 

3. Perfume එකක් – රු. 9,800/-

ඔහු කැමතිම සුවඳ හඳුනන ඔබට මෙන්න මේ වගේ තෑග්ගකින් ඔහුව පුදුමයට පත් කරන්නත් පුළුවන්. Mont Blanc වැනි සුවඳ විලවුන් වර්ගයක් ඔබට Exclusive Lines වෙතින් රුපියල් 9800ක් වැනි මුදලකට මිලදී ගන්න හැකියාව තියෙනවා. වෙනත් මිලගණන් වලට වෙනස් සුවඳ විලවුන් ගැන දැනගන්න පහත ලින්කුවට යන්න.

PerfumeButton

exclusivelines-logo

 

 




Hela FM Media Network

Continue Reading

ආදරය හා සබදතා

අළුත් අම්මෙක්ද? එහෙනම් මේ ටිප්ස් 7 ඔයාගෙ ජීවිතේ වඩාත් ලෙහෙසි කරාවි – Hela FM Media

Published

on


 

රෝස පාට පුංචි අතපය දිහා බලාගෙනම ඉන්න හිතෙනව නේද? තමන්ගේ කුසේ දස මාසයක් තිස්සෙ ඉඳලා මේ ලෝකෙට බිහි වෙච්ච දරු පැටිය දිහා කොච්චර බලන් හිටියත් අම්ම කෙනෙක්ගෙ හිතට මදි. බෝනික්කන්ට ටෙඩි බෙයාලට ආදරේ කරපු කාලෙ ගෙවිල ගිහින් ඔයා දැන් අම්මෙක් වෙලා. ඉතින් මේ සුන්දර මව් පදවියට අළුතෙන්ම මුහුණ දෙන අපේ අළුත් අම්මලාට වැදගත් වෙන පුංචි පුංචි දේවල් ටිකක් ගැන කියන්න අනිවා අපි හිතුවා. බලන්න මේ දේවල් වලින් ඔයාලට වැදගත් මොනවද කියල.

 

1. බබා කොයි වෙලෙත් නිදි, එක්කො අඬනවා
Source - mamalovejoy.com
Source – mamalovejoy.com

මුල් සති කීපයේ බබාගෙ වැඩේම නිදියන එක. බඩගිනි උනාම, මුත්‍රා කරන්න, මළපහ කරන්න ඕන උනාම මහ හයියෙන් අඬන එක තමා ලොකුම රාජකාරිය. සමහර වෙලාවට රස්නෙ වැඩි වෙලා දාඩිය දාන කොටත් බබා අඬනවා. මුල් සති කීපය පැය 3කට සැරයක්වත් කිරි දෙන්න ඕන. අඬන හැම වෙලේම කිරි පොවන්නේ නැතුව චුට්ටක් බලන්න බබා ඇයි අඬන්නේ කියල. ටික දවසක් යද්දි ඔයාට බබාගෙ පුරුදු ඉබේටම තේරෙයි.

 

2. පෙකණිය පරිස්සම් කරන්න
Source – digestground.com
Source – digestground.com

ටිකක් නුහුරුයි නේද. සමහර අළුත් අම්මල බයයි මේ ක්ලිප් එකක් ගහපු පෙකණියට. බබාව නාවල ඉවර වුනාම පෙකණි ප්‍රදේශය තෙතමාත්තු කරන්න. බබා මුත්‍රා කරාම ඒ අවට ගෑවිලා නම් තෙත රෙද්දකින් පිහිදල පිරිසිදු කරල වියළිව තබන්න. නැපි අන්දන කොට පෙකණිය වැහෙන්න අන්දන්න එපා. ඒ ප්‍රදේශය විවෘතව තබන්න.

 

3. කිරි වමනය ගියාට බය වෙන්න එපා
Source – dimplesmagazine.com
Source – dimplesmagazine.com

කිරි බිව්වට පස්සෙ බබාට කිරි වමනය යන එක සාමාන්‍ය දෙයක්. නිතර නිතර කිරි වමනය යන්නේ හරියට ගුඩුස් ගියෙ නැති වුනාම. කිරි බොන කොට ආමාශයේ එකතු වෙන වාතය පිට කරවන්න ඕනෙ. බබා කිරි බීපු හැටියෙ නිදි නම් කොට්ටයක් නැතුව හිස පැත්තකට හරවල නිදි කරවන්න. කිරි වමනෙ ගියත් බය වෙන්න ඕන නෑ. එහෙමත් නැත්නම් බබාව උරහිසට හේත්තු කරගෙන හිමීට පිට පිරිමදින්න.

 

4. පෝශණීය කෑම ගන්න
Source - youtube.com
Source – youtube.com

මුල් මාස කීපය බබා යැපෙන්නෙ ඔයාගෙ කිරි වලින්. ඉතින් ඔයාගෙ පෝශණය ඉතාම වැදගත්. කරවිල, කොස්, පොලොස් වගේ හොඳින් කිරි එරෙන ආහාර වර්ග කෑමට ගන්න. දොස්තර කෙනෙක්ගේ අනුමැතිය ඇතුව ඔයාගෙ ඌණතාවයන්ට සරිලන විටමින් වර්ග නොවරදවාම ලබාගන්න.

 

5. බබා ගැන වගේම තමන් ගැනත් හිතන්න
Source - financialprospect.com
Source – financialprospect.com

හුඟක් වෙලාවට දවල් දවසම හොඳට නිදාගන්න පුංචි පැටියා රෑ තිස්සෙම ඇහරගෙන කෑගහනවා. එහෙම වුනාම දවල් දවසත් ඇහැරන් ඉන්න ඔයාට මහන්සිය වැඩියි. ඒ නිසා දවල්ට බබා නිදියන කොට ඔයත් පැයක් දෙකක් නිදා ගන්න. බබා නිදි විවේකයේදි පොඩි වොශ් එකක් දාගන්න. පත්තරයක් කියවන්න. හැම වෙලේම සැහැල්ලු මානසිකත්වයකින් සහ පිරිසිදුව ඉන්න බලන්න. මොකද අම්මගේ මානසික තත්ත්වය සහ පිරිසිදුකම බබාටත් බලපානවා.

 

6. අමතර මල්ලක්
Source - fishki.net
Source – fishki.net

නිතරම බබාගෙ ගමන් මල්ලක් සූදානම්ව තියාගන්න. පැම්පස් දෙකක්, අලුත් නැපි සෙට් එකක්, පොඩි තුවායක් වගේ බබාට අවශ්‍යම දේවල් දාපු අමතර මල්ලක් වෙනම තියාගන්න. කලබලේට ගමන් යන කොට හැමදේම මතක් වෙන්නෙ නැති නිසා මේක ඔයාට ගොඩක් පහසු සහ වැදගත් දෙයක් වේවි.

 

7. නෑයෝ සහ යාළුවෝ
Source – when-life-gets-tough.tumblr.com
Source – when-life-gets-tough.tumblr.com

බබෙක් ඉපදුනාම නෑදෑයො යාළුවො බබා බලන්න එනවා ඉවරයක් නැතුව. ඒත් ඕනවට වඩා සෙනඟ බබා ලඟ ගැවසෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන් බෝ වෙන රෝග පැතිරෙන කාලෙක කට්ටිය බබා බලන්න එන්න අහද්දි එන්න එපා කියන්නත් බැහැ අපේ රටේ හැටියට. එහෙම කට්ටිය එන්න අහන කොට කීප දෙනෙක්ට එකම දවසක එන්න කියන්න. එකපාර කට්ටියම බලල ගියාම බබාට සහ ඔයාට කරදරයක් නෑ. හැමදාම එක එක්කෙනා එන එක ඔයාලගෙ විවේකයට ඒ තරම් ගුණ නෑ. අළුත උපන් දරුවා සහ මව දෙන්නම ඉන්නේ වෙහෙසට පත් වෙලා. ඔයාලට විවේකය අවශ්‍යමයි.

New Dads

Sex Ed

Childhood Ease




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd