Connect with us

ගොසිප් පුවත්

මාෂි සිරිවර්ධන මේ පාර උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

Published

on



Gossip

ඇල්පිටිය කුඩාගල -කදිරන්ගල කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵල මෙන්න

2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතිනවා. එහි…


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ගොසිප් පුවත්

මොකක්ද මේ ටෙහානි ඉමාරාට නැතිවම බැරි විශේෂ කෙනෙක් දුන්න වටිනාම තෑග්ග..

Published

on




මොකක්ද මේ ටෙහානි ඉමාරාට නැතිවම බැරි විශේෂ කෙනෙක් දුන්න වටිනාම තෑග්ග..


Hela FM Media Network

Continue Reading

ගොසිප් පුවත්

අද රෑ ඉඳන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණය වීමේ අවදානමක්..? – සියළු තොරතුරු මෙන්න

Published

on


මෙරට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් ෆේස් බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට කර තිබෙන යෝජනාවක් නිසා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කාලයේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක්විය හැකි තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වන අද (13 ) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ පළකිරීම වැළැක්විය නොහැකි බැවින් ‍ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මුදල් ගෙවා සිදුකරන දැන්වීම් නැවැත්වීම සුදුසු බවට මෙරට එක්තරා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් ෆේස් බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට යෝජනා කර තිබේ.
එය ක්‍රියාත්මක වුවහොත් මුදල් ගෙවා පළකරන දේශපාලන නොවන දැන්වීම් පවා නතර වන්නට ඉඩ ඇති බවත්, එයින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක්විය හැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වනවා.
ෆේස්බුක් යනු එක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් පමණක් වන බවත්, එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුළින් සාමාන්‍ය ජනයාද තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය සිදුකරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
මෙම තත්ත්වය ඔවුන්ට අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇතැයි ද ඔවුහු කියති.
සමාජ මාධ්‍ය වාරණය හෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත යම් අවහිරතා ඇති කිරීම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පරිශීලකයන්ට හිමිවී තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්, සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල හැසිරීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට බලවත් අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සඳහන් කරයි.
සිදුකළ යුත්තේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළවන දැන්වීම් පාලනය කිරීමට කටයුතු කිරීම නොව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකළ යුතු අවස්ථාවේ ප්‍රචාරණ කටයුතුවල නිරතවන සමාජ මාධ්‍ය පිටු හඳුනාගෙන එම පිටු මෙහෙවන්නන්ට ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතෙහි සඳහන් ආකාරයට මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීම බවද එම සංගමය පවසයි.











Hela FM Media Network

Continue Reading

ගොසිප් පුවත්

“මම මරුණේ මීට අවුරුද්දකට විතර කළින්.. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා.” – මියගිය සැම්සන් අවුරුද්දකට විතර පස්සේ විමලාගේ ඇඟ ඇතුලට රිංගපු හැටි මෙන්න

Published

on


“මම මරුණේ මීට අවුරුද්දකට විතර කළින්.. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා.” – මියගිය සැම්සන් අවුරුද්දකට විතර පස්සේ විමලාගේ ඇඟ ඇතුලට රිංගපු හැටි මෙන්න – Web Gossip


පින් දහම් කිරීමේදී එය පැහැදිලි නුවණින්ම සිදු කළ යුතුය. “පින” යනු සිදු කරන යහපත් ක්‍රියාවෙන් හදවත පිනා යෑමයි.
එසේ පිනා යෑමෙන් ගොඩ නැඟෙන්නේ ශක්තියයි. එහෙත් ඒ පිනට මෝහය මිශ්‍ර වී තිබුණහොත් එය හේතු කොටගෙන ලැබෙන ඵලය විකෘති විය හැකිය.
නම්බුවක්, ගෞරවයක්, දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන දානයක් දුන්නොත් එය ගනුදෙනුවක් මිස පිරිසිදු දානයක් නොවේ.
කිසිවකු පිරිසිදු ලෙස කිසියම් දානයක් දුන්නේ නම් ඒ සඳහා යහපත් විපාකයක් අනිවාර්යෙන්ම ලැබේ. එහෙත් මානයෙන් නම්බුවට හා වාසියක් බලාපොරොත්තුව දානයක් දුන්නොත් එහි ලෝභයත් මෝහයත් ඇතුළත් වේ. එවැනි දානයක් මරණාසන්න මොහොතේ චුති චිත්තයට සිහිපත් වුවහොත් ඔහු හෝ ඇය මහා ධනවත් පවුලක බල්ලෙකු වී හෝ ඉපිද පූර්වයෙහි දුන් දානයේ ආනිසංස වශයෙන් රස මසවුන් හා සැප ලබති. ඒ නිසා දානයක් දෙන විට තුන් සිත පහදා ගෙන නුවණින්ම දිය යුතු වේ.
එසේම දානයක් දෙන විට එය ලබන්නා පිළිබඳවද පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. කාත් කවුරුත් නැති එක්තරා දුගියකු වාහනයක හැපී පාරේ වැටී සිටියදී පොලිසිය විසින් රෝහලකට බාර දෙනු ලැබුණි.
ඔහු වෙනුවෙන් සොයා බලන්නට කිසිවකු නැත. ඔහු ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිටි පුහුණු වන ආධුනික තරුණ හෙදියක් මේ වැඩිහිටියා තමන්ගේ සීයාගේ වයසේ බැවින් අනුකම්පා කොට ඔහුට අවශ්‍ය ආහාර පාන ආදිය සපයමින් අලුත් ඇඳුම් කට්ටලයක් ද දී සාත්තු කළාය.
උණු පැන් සකස් කොට ඔහුව නැහැව්වාය. තුන් වේලටම කෑම හා පළතුරු ගෙනැවිත් දී සංග්‍රහ කළාය.
එහෙත් සතියකට පමණ පසු මේ රෝගියා මරණයට පත් විය. කාත් කවුරුත් නැති ඔහුට තමාට කරුණාවෙන් සැලකූ මේ රූමත් තරුණ හෙදිය ඔහුගේ මරණාසන්න මොහොතේ සිහිපත් විය. ඇගේ සංඥා සටහන සිතේ තැන්පත් වීම නිසා එය උපාදාන කොට ගෙන ඇය සමීපයේ ප්‍රේතයෙකු වී උපන් ඒ රෝගියා ඊළඟට ඇගේ සිරුර පිළිබඳ ඇල්මෙන් ශරීරයට රිංගා ගත්තේය.
ඒ නිසා ඇගේ ගත සිත දෙකම රෝගී විය. මේ ගැන කිසිත් නොදන්නා ඇය වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගෙන අවසානයේ බැරිම තැන ඇයට තොවිල් පවිල් ශාන්ති කර්ම කරන්නට සිදු විය. එහිදී අනාවරණය වූයේ මියගිය වයස් ගත රෝගියා ප්‍රේතයෙකු වී ශරීරයට රිංගා ගැනීම නිසා ශාරීරිකව ද මානසිකව ද ඇය රෝගාතුර වූ බවය. ඇය සුවපත් වන විට රැකියාව ද අහිමිව තිබුණි.
මේ වැනිම සිද්ධියක් හොරණින් ද වාර්තා විය. විමලා හැට හැවිරිදි දෙදරු මවකි. ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසු ඔහු පවත්වා ගෙන ගිය බේකරිය හා හෝටලය ඇගේ ආදායම් මාර්ගය විය. මෙසේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවිට එකවරම ඇය රෝගී වූවාය. අතපය ඉදිමී ශරීරය දුර්වල වන්නට විය. කම්මැලි ගතියක් ද හට ගැනිණි. රාත්‍රී හීනෙන් බියට පත් වී කෑ ගසාගෙන අවදි වූවාය. ඇය ළඟ සේවය කළ සේවකයෝ ද නිතර නිතර අසනීප වූහ. හෝටලයේ කෑම නරක් වෙන්නට පටන් ගත්තේය. ඒ නිසා හෝටලයට පැමිණෙන පිරිස ද අඩු විය. දිනකට හාල් කිලෝ විසිපහක බත් තැම්බූ හෝටලය හාල් කිලෝ දෙකකට සීමා විය. පිටි මිටි හතරක පාන් බනිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බේකරිය පිටි මිටියකට පහත බැස්සේය. දහ දෙනකුගේ සේවක පිරිස දෙදෙනකුට සීමා විය. ඇගේ දරු දෙදෙනා ද නිතර අසනීප වෙන්නට විය.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආරක්ෂාවල් කළත් තත්ත්වයේ සතුටු දායක බවක් නොපෙනුණි. අවසානයේ හිතවතකු ගේ උපදෙස් මත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ඇය දරු දෙදෙනා සමඟ පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන් පත්ව සිටින තත්ත්වය පැහැදිලි කළාය.
පළමු රෝග පරීක්ෂාවේදී ම ඇය වෙවුලන්නට වූ බැවින් භූත දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ආපසු පැමිණි දිනයේ විමලා ගේ ශරීරය තුළින් භූතාත්මය ආවිශ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.
“කවුද මේ අඬන්නේ?”
“අනේ! මහත්මයා මාව පන්නන්න නේද හදන්නේ?” භූතයා ද ගවේෂකවරයාගෙන් ඇසීය.
“මම ඇහුවේ ඔයා කවුද කියලා?”
“මම සැම්සන්”
“කවුද සැම්සන් කියන්නේ?”
“අනේ මහත්මයා මම කාත් කවුරුත් නැති යන්න එන්න තැනක් නැති හිඟන්නෙක්. අනුන්ට අත පාලා ජීවත් වුණු කෙනෙක්. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා. මට යන්න තැනක් නෑ. මේ සුදු නෝනා විතරයි මට සැලකුවේ”
“තමුන් මැරුණේ කවදා ද?”
“මීට අවුරුද්දකට විතර කලින්. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා.”
“එහෙම නම් මම කියන දේ කරන්න ඕනෑ”
“හොඳයි මහත්මයා. කියන දෙයක් මම කරන්නම්”
“මම මේ නෝනාට තවත් සතියක් බෝධි පූජා තියන්න නියම කරනවා. සැම්සන් මේ අයත් එක්ක බෝධි පූජාවට යන්න ඕනෑ. ගිහින් මේ අය ගාථා කියන කොට තමනුත් ඒවා අහගෙන බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන කියන්න ඕනෑ” යි ගවේෂකවරයා භූතයාට නියම කළේය.
ඉන් පසු විමලා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා සැම්සන් කියන්නේ කවුදැයි ඇගෙන් ඇසීය.
“මහත්මයා මම සැම්සන් කෙනෙක් හඳුනන්නේ නැහැ”
ඇය ගවේෂකවරයාට කීවාය.
“ඔබ තුමිය නිතර සංග්‍රහ කරපු හිඟන්නෙක් ගැන දන්නවාද?.”
“ඔව් මහත්මයා, හොරණ ටවුන් එකේ හිඟන්නෙක් හිටියා. මම හැමදාම ඒ මිනිහට කෑම එකක් දුන්නා. මිනිහා අවුරුද්දකට විතර කලින් මැරුණා කියලා ආරංචියි.”
“හොඳයි තවත් සතියක් බෝධි පූජා පවත්වලා ඒ කියන මනුස්සයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරලා නැවත එන්න”
ගවේෂකවරයා විමලාට කීවේය.
බෝධි පූජා අවසන් කොට ඇය දරුවන් සමඟ නැවත පැමිණියාය. ගවේෂකවරයා භූතාත්මය ඇයට දිෂ්ටි ගන්වා යළි ප්‍රශ්න කළේය.
“තමුන් මේ අය සමඟ බෝධි පූජාවලට ගියාද?”
“ඔව් ගියා මහත්මයා” භූතයා කීවේය.
“එහෙම නම් දැන් ඇත්ත කියන්න. ඇයි මේ නෝනට හිරිහැර කරන්නේ?”
“මහත්මයා මට කාත් කවුරුත් නැහැ. මේ සුදු නෝනා විතරයි මට හොඳට කන්න දුන්නේ. මම සුදු නෝනට ආසයි. මම මැරෙන වෙලාවේ සුදු නෝනා මතක් වුණා. මැරුණු ගමන් සුදු නෝනා ළඟට ආවා. මම මෙයාට කරදර කරන්නේ නෑ. මම හෝටලයට ඇවිත් කෑම කෑවා. ආසාවෙන් කෑම අත ගෑවා. බේකරියටත් ගියා කෑම සුවඳට. හෝටලය ඇතුළේ ඇවිද්දා. මට යන්න තැනක් නැහැ. නෝනා ළඟට වෙලා හිටියා.”
“නමුත් අමනුස්සයන්ටයි මනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. තමුන්ට හොඳින් සංග්‍රහ කළ මේ මෝනා තමුන් නිසා දැන් අසනීප වෙලා. ව්‍යාපාර පිරිහිලා.”
“මේ මම නිසා ?”
“ඔව් තමුන් ප්‍රේතයෙක්. ප්‍රේතයෙක් ළං වුණාම මිනිස්සු ලෙඩ වෙනවා. ඇයි ජීවත්ව ඉන්දෙද්ද.ී අහලා නැද්ද?”
“අනේ මහත්මයා මේ නෝනට මම නිසා හිරිහැර නම් මම ඉවත් වෙලා යන්න කැමතියි. මට ඉන්න තැනක් හොයා දෙන්න”
ප්‍රේතයා ගවේෂකවරයා ඉදිරියේ බැගෑපත් විය.
විමලා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා හෝටලයේ තුන් වරු පිරිතක් කියවා සාංඝික දානයක් පිරිනමා සැම්සන්ගේ නම කියා පින් අනුමෝදන් කොට පළතුරු වට්ට්යක් රැගෙන නැවත එන්නැ යි ඔවුනට කීවේය.
ඒ අනුව කටයුතු කොට ඔවූහු නැවත පැමිණියහ. එදින පළතුරු වට්ටියට ප්‍රේතයා සම්බන්ධ කොට ඔවුන් අතම භූතාත්මය අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේය.ඉන් අනතුරුව විමලා සම්පූර්ණයෙන්ම සුවය ලැබීය.















To Top


error: Content is protected !!





Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd