Connect with us

ගොසිප් පුවත්

“මළ මිනියක් දූෂණය කිරීම කියන මානසික රෝගය ද අඩු වැඩි වශයෙන් මේ මනෝභාව තුළ දකින්න පුළුවන්”

Published

on


සිනමාවේ හොඳම නළුවා, සිනමාවේ හොඳම සහාය නළුවා, සිනමාවේ හොඳම දුෂ්ටයා සහ සිනමාවේ හොඳම විකට නළුවාට හිමි සම්මානයත් දිනා ගන්න මට හැකි වුණා. මේ අංශ හතරම අපේ යුගයේ දිනා ගත් එකම නළුවා මම.

පිටපත් රචකයකු වීමේ බලාපොරොත්තු ඇතිව කලාවට පිවිසි ඔහු පසුව රංගන ශිල්පියෙකු ලෙස කලාවේ විවිධ මානයන් ඔස්සේ සැරි සරා සම්මානනීයත්වයට පත් වූ රංගන ශිල්පියෙකි. ‘හුස්ම‘ ඔහු රංගනයෙන් දායක වන නවතම කලාත්මක සිනමා පටයයි. මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංගයි.

හුස්මට ලැබෙන ප්‍රතිචාර සමඟ අපේ කතා බහ අරඹමු?

‘හුස්ම’ කලාත්මක ගණයේ චිත්‍රපටයක්. එහි අන්තර්ගතයේ, චිත්‍රපටය බලනවාට වඩා එහා ගොස් එහි කියවන්න තිබෙන ප්‍රමාණය වැඩියි. සම්භාව්‍ය ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කෙරෙන ‘හුස්ම’ සිනමා කෘතිය වැඩිහිටියන්ට අදාළ වන තේමාවක් යටතේ තිරගත වන චිත්‍රපටයක් නිසා බහුතර ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නමුත් සම්භාව්‍ය සිනමා කෘති පරිශීලනය කරන ප්‍රේක්ෂකයින්ගේ විචාර හා විශ්ලේෂණ ඔස්සේ ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

සංස්කෘතිය යන විෂයය තුළ රංගනයෙන් බැහැරව පුබුදු ප්‍රේක්ෂකයෙක් ලෙස මේ චිත්‍රපටය දකින්නේ කොහොමද?

මේ චිත්‍රපටය සංස්කෘතියට නොගැළපෙනවා යැයි කියන්න නම් එම සිදුවීම් මේ සංස්කෘතිය තුළ සිදු නොවුණු ක්‍රියාවක් විය යුතුයි. නමුත් මේ චිත්‍රපටය කරන්න කලින් ලංකාවේ විවිධ ප්‍රදේශවල වාර්තා වූ මෙවැනි සිදුවීම් කිහිපයක්ම පුවත්පත් වාර්තා ඔස්සේ අපට පරිශීලනය කරන්න ලැබුණා. එහි එම සිදුවීම් වූ අයුරු හා එයින් එක් අවස්ථාවක ඇත්තටම මළමිනියට පණ ආ ආකාරය ලංකාවේ පුවත්පත් වාර්තා කර තිබුණා. එයින් අදහස් වන්නේ මෙවැනි සංසිද්ධි මේ සංස්කෘතිය ඇතුළේ සිදුවන බවයි. මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ දේශපාලනික කියවීමකුත් තිබෙනවා. හේතුව, මේ චිත්‍රපටය නියෝජනය කරන තරුණයන් තිදෙනාගෙන් මෝචරියේ වැඩ කරන තරුණයාගේ මනෝභාවය නියෝජනය කරන්නේ ලංකාවේ පශ්චාත් නූතන සමාජයේ සිටින එක්තරා තරුණ කොටසක්. ඔහු මවට ආදරය කරන, මව හා ආසක්ත වුණු හිස්ටරික මනෝභාවයක් සහිත තරුණයෙක්. නමුත් ඔහු යන්නෙත් ආශාව කියන ඉතා භායානක නිර්ණායකය පසු පස. එහි අවසානය විනාශය කරා එළැඹීමක්. අනෙක් තරුණයා මුදල් තිබෙන තම පියාට මානසිකව ආසක්ත වුණු සයිකෝසීය තරුණයෙක්. ඔහුගේ චරිත සොබාවට අනුව ඔහු ඉතා මුරණ්ඩු දැඩියි.

නමුත් ඔහුගෙත් පොදු දුර්වලතාව ආශාව පසු පස හඹා යාමයි. ඒ හඹා යෑමේදී මේ තරුණයින් දෙදෙනාටම ඔවුන්ගේ මනෝභාව අනුව මේ පවතින යථාර්ථයේ ශිෂ්ට බව අමතක වෙනවා. වර්තමානයේ ඇතැම් තරුණ කොටස් තුළින්ද අපි මේ ස්වාභාවයම දකිනවා. තම අසල්වැසියා, අත දරුවන් දූෂණය කරන්නේ ඒ මානසික අර්බුදයේ ප්‍රතිඵල ලෙසයි. මළ මිනියක් දූෂණය කිරීම කියන මානසික රෝගය ද අඩු වැඩි වශයෙන් මේ මනෝභාව තුළ දකින්න පුළුවන්. චිත්‍රපටයේ කුමාර සහ රුවන් කියන චරිත හරහා නියෝජනය වන්නේ ඒ තිබෙන මානසික ප්‍රශ්නයයි. මම පණ පොවන නාමල් නියෝජනය කරන්නේ උසස් අධ්‍යාපනය හැදෑරූ යම්තාක් දුරකට ශිෂ්ට වූ තරුණයකු ගේ චරිතයයි. ඒ ශිෂ්ටසම්පන්න තරුණයා මේ සිදුවන අශීලාචාර ක්‍රියාවලියට විරුද්ධව නැඟී සිටින්නේ ඒ නිසයි. නමුත් ඔහුගේ ශිෂ්ටත්වය මේ ක්‍රමය නොහොත් බහුතරය විසින් මරා දමනවා.

මගේ පෞද්ගලික මතයට අනුව නම් මේ මොහොතේ මේ රටේ සංස්කෘතිය තුළ සිදු වෙන්නෙත් ඒ ශිෂ්ටත්වය මරා දැමීමේ උත්සාහයක්. සංස්කෘතිය කියන්නේ ශිෂ්ටත්වයට. හොඳ සංස්කෘතියක් කියන්නේ හොඳ ශිෂ්ට සමාජයකට. එවන් සමාජයක් බිහි වෙන්න බාධා කරන්නේ අපේ ඇතුළාන්තයේ තිබෙන ඉතා නරක මනෝභාවය. මේ නරක කියන දේ අවසානයේදි විනාශ කර ස්ත්‍රිය ස්ත්‍රිය වෙනුවෙන් පෙනි සිටීම තමයි මේ කතාවේ අන්තර්ගතය ලෙස මම දකින්නේ.

ඔබේ රංගනයේ සීමා තිබෙනවාද?

සීමා පනවා ගෙන නැහැ. නමුත් මම වාණිජ හා කලාත්මක සිනමාවත් නියෝජනය කරන නිසා එයින් එකිනෙකට හානි නොවන ආකාරයේ නිර්මාණ තමයි බොහෝ විට තෝරා ගන්නේ. සරලවම ගත්තොත් මම ආනන්දය සහ ප්‍රඥාව යන දෙකම ප්‍රේක්ෂකාගාරය වෙත ලබා දෙන්නයි හැම විටම නිර්මාණයක් හරහා උත්සාහ කරන්නේ.

මෙම චිත්‍රපටයේ ‘රුවන්‘ ගේ චරිතයට ආරාධනය ලැබුණා නම් ඔබ එය බාර ගනීවිද?

කොයි ආකාරයෙන්ද ඒ ඉදිරිපත් කිරීම වෙන්නේ යන්න අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කොට එක්තරා සීමාවක සිට මට එය බාර ගන්න පුළුවන්.

කලාවේ ඔබේ ගැවසීම ගැන තෘප්තිමත්ද?

අතිශය තෘප්තිමත්. සිනමාවේ හොඳම නළුවා, සිනමාවේ හොඳම සහාය නළුවා, සිනමාවේ හොඳම දුෂ්ටයා සහ සිනමාවේ හොඳම විකට නළුවාට හිමි සම්මානයත් දිනා ගන්න මට හැකි වුණා. මේ අංශ හතරම අපේ යුගයේ දිනා ගත් එකම නළුවා මම. ඒ ඇගැයීමට මා මේ තරම් දුර ගෙනවිත් තිබෙන්නේ මගේ මහන්සිය, උත්සාහය සහ කිසිඳු හැඳුනුම්කමක් නැතිව මේ ක්ෂේත්‍රයට පය ගහද්දි මට හමු වූ හොඳ මිනිසුන්.

ඔබේ ජීවිතයට අත්වැලක් වූ මාෂි හා ගෙවෙන කාලය?

විවාහය කියන්නේ තමන්ට තමන්ව කියව ගන්න අවශ්‍ය කරන අපුරු පොතක්. මට ඒ පොත ලැබුණා. ඇය හරහා මම මාව යළි කියවනවා. මෙතෙක් මම මගේ ජීවිතේ නුදුටු පැත්තක් ඇය හමු වීමෙන් මට දකින්න ලැබුණා. එය සුවිශේෂි කාරණයක්. ජීවිතයේ ඉදිරියට යන්න කැඩපතක් අවශ්‍යයි. ඒ කැඩපත තම බිරිය වීම ලොකු වාසනාවක්. ජීවිතය ගත කරන ආකාරය ඇයගෙන් මමත්, මගෙන් ඇයත් ඉගෙන ගනිමින් විශේෂයෙන්ම ආදරය අප ඉතා ඉහළින් අගය කරමින් ජීවත් වෙනවා.

ඇයත් දැන් සිනමාවට ප්‍රවිෂ්ටව සිටිනවා?

ඇය දැනට චිත්‍රපට හතරක් කර තියෙනවා. ඇගේ රංගනයේ ප්‍රබලත්වය මම දැක්කේ ඇගේ පළමු චිත්‍රපටය වන ඉදිරියේදී තිරගත වීමට නියමිත චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන්. මම හිතන්නේ ලාංකේය සිනමාවේ රංගනයේ යෙදෙන්න පුළුවන් ලස්සන නිළියකුගේ අඩුවක් ඇය විසින් සපුරා ඇති බවයි. ඇයගේ චිත්‍රපට තිරගත වෙන්න පටන් ගත් පසු එය අපේ සිනමාවට හොඳ ප්‍රවණතාවක් වෙයි.

බොහෝ නළුවන් මෙන් දිනෙක අධ්‍යක්ෂවරයකු වීමේ හීනය ඔබත් දකිනවාද?

මම ක්ෂේත්‍රයට ආවේ පිටපත් රචකයෙක් වෙන්න. ආදායම් වාර්තා පවා තැබූ චිත්‍රපට කිහිපයක්ම තිර රචනය කරමින් ඒ බලාපොරොත්තුව ඉටු කර ගත්තා. තිර රචනය හදාරමින් තමයි මම මේ ගමන යන්නේ. ඒ හැදෑරිම් එක්ක මට ලොකු අවශ්‍යතාවක් තිබෙනවා චිත්‍රපට ලියන්න. ඒ අඩුව පුරවන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. ඒ සමඟ අධ්‍යක්ෂවරයෙක් වීමේ බලාපොරොත්තුව ටිකක් එහාට ගියත් කවදා හෝ හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරාත්තුව මටත් තිබෙනවා. සමහර විට එය ‘මායා 2’ චිත්‍රපටය වේවි.

ලබන වසර පුබුදුට නොසෑහෙන ප්‍රතිචාර ලබන වසරක් වේවි?

අනිවාර්යයෙන්ම. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘ගිරි වැසි පුර’ ආචාර්ය සෝමරත්න දිසානායකයගේ ප්‍රථම කලාත්මක චිත්‍රපටය වන ‘ජංගි හොරා’, අනුරුද්ධ ජයසිංහගේ ‘මා’ , පී. සිවදාසන්ගේ ‘දෙවැනි යුද්ධය’, ප්‍රිති රාජ් වීරරත්නගේ ‘එදත් දිනුම් අදත් දිනුම්’ සහ සුනිල් ප්‍රේමරත්න මහතාගේ ‘නිහඬ සෙවණැලි’ යන චිත්‍රපට හයම ලබන වසරේ තිරගත වෙනවා. ඊට අමතරව පුංචි තිරයෙන් ‘සුද්දේ’ ටෙලි නාට්‍ය ඔස්සේ ද මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකියි.

උපුටාගැණිම – සිළුමිණ











Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ගොසිප් පුවත්

“නොවැම්බර් 17 දිනන්නේ කවුද බලන්න ඕන නම් ටීවී එක ඉස්සරහට පලයන්.. පැරදුනේ කවුද කියලා බලන්න කණ්නාඩිය ඉස්සරහට පලයන්.” -සතිය පුරා බුකියේ සැරිසැරූ රස කතා එකතුව මෙන්න – (88 වන සතිය)

Published

on




ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 88 වැනි වරට මෙසේ ඉදිරිපත් කරමු.


Hela FM Media Network

Continue Reading

ගොසිප් පුවත්

“මම හරියට ඒ ගැන දුක් වුණා. මට අවස්ථාවක් ලැබුණොත් මම එය නොකර ඉන්නේ නැහැ” – හිමාලි සයුරංගි

Published

on


භූමිකාවෙන් කලාවට පිවිස, ගායනයෙන්ද නර්තනයෙන්ද වරින් වර ඉස්මතු වී පසුව රංගනයේ දී තමා සතු දක්ෂතා හඳුනා ගන්නා ඇය, විවිධ චරිතවලට දක්ෂ ලෙස පණ පොවමින් කාලයක් පුරා තම රංග කාර්යය මැනවින් ඉටු කිරීමට සමත් රංගන ශිල්පිනියකි.
ප්‍රේක්ෂක ආදරය, අවධානය හා ආකර්ෂණය දිනාගත හැකි චරිත මනා ලෙස හඳුනා ගනිමින් එවැනි රංගනයන් තුළ නිතර ගැවසුණු ඇය මෑත කාලීනව ජනාදරයට පත්ව සිටින්නේ ‘දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයයේ ‘උදේනි‘ ලෙසයි. ඇය දක්ෂ, ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පිනි හිමාලි සයුරංගි ය.

හිමාලිගේ රංගනය දැන්මෙ ගාවක් නිසා සීමා වෙලාද?
මෙගා නාට්‍ය නිසා අනෙකුත් නිර්මාණවලට දායක නොවන සීමාවක් මම පනවා ගෙන නැහැ. ‘දෙවැනි ඉනිම‘ ට එදා වගේම තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ නිසා තවමත් මම නාට්‍යයේ රැඳි ඉන්නවා. නමුත් මේ නාට්‍ය තුළ මට එපා වීමක් වුණු දවසට මම එයින් ඉවත් වේවි.
මේ කාලේ හොඳ තිර පිටපත්වල අඩුපාඩුවක් නැති නම් ඒ නිර්මාණ බාර ගන්න මේගා නාට්‍යය මම ප්‍රශ්නයක් කර ගෙන නැහැ.

“දෙවැනි ඉනිමේ” කොඳු නාරටියවන්ධ ර්මප්‍රිය ඩයස්, ඔබ වැනි රංගන ශිල්පීන් ඒ හරහා කිසිදු ජනප්‍රිය සම්මානයකට නිර්දේශ නොවන්නේ ඇයි?
ජනප්‍රිය සම්මානයට තේරි පත්වෙන පිළිවෙළම අද උභතෝකෝටික ප්‍රශ්නයක්.
ධර්මප්‍රිය ඩයස්, බිමල් ජයකොඩි වැනි අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් මෙවැනි සම්මානවලට නිර්දේෂ නොවන්නේ ඇයි ද යන්න මටත් ගැටලුවක්. එවැනි ප්‍රවීණයන්ගේ රංගන ප්‍රබලත්වය නාට්‍යයක ජනප්‍රියත්වයට සෘජුවම බලපානවා.

මේ සම්මානවල විනිවිද බව ගැන සතුටු විය හැකිද?
එකම එක නිර්මාණයකට පෙනි සිට ඒ නිර්මාණය ප්‍රේක්ෂයා අතරට ගොස් මාස තුන හතරක් ගත වෙන්නත් මත්තෙන් ඒ රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් ජනප්‍රිය ලැයිස්තුවේ පස් දෙනා අතරට ඇතුළත් වෙන්න පුළුවන්ද.., කවුද ඔවුන්ව එහෙම ඇතුළත් කරගන්නේ.., ජනප්‍රිය සම්මානය වෙනුවෙන් මෑතකාලීනව ඇයි මේ අවුරුදු 18-25 අතර වගේ නවකයින් හතර පස්දෙනකු විතරක්ම නිර්දේශ වෙන්නේ, ඇයි ප්‍රවීණයකුගේ නමක් එයට ඇතුළත් නොවන්නේ, මැදි වයසේ අයට ජනප්‍රිය කිරුළ ගන්න බැරිද? මට හිතෙන්නේ මේ සියල්ලටම හේතු සොයා වගකිව යුත්තන් මැදිහත් විය යුතු කාලය දැන් ඇවිත්.

කෙටි පණිවිඩ ඔස්සේ ජනප්‍රියත්වය තක්සේරු කළ හැකිද?
එය ප්‍රමිතිගත වෙනවා නම් වඩා හොඳයි. ජනප්‍රියත්වය ලස්සන මත පදනම් වූ දෙයක් නෙමෙයි.
නමුත් අද එය රූපය මත දෙන දෙයක් බවට පත් වෙලා. ජනප්‍රිය කිරුළ වෙළෙඳ ප්‍රචාරණ ක්‍රමෝපායක් වෙලා.
එස්.එම්. එස් මත පමණක්ම සම්මාන ලබාදීම සාධාරණයි කියලා මම හිතන්නේ නෑ.
සියයට පනහක් එස් එම් එස් මනාපවලිනුත්, ඉතිරි සියයට පනහ දක්ෂතාව මත ලබාදෙන ක්‍රමයක් ඇති කළොත් හැබෑම ජනප්‍රිය නළුවා නිළිය අපට දකින්නට ලැබේවි.
ඒ නිසා මම හිතන්නේ ජනප්‍රිය සම්මානයටත් ජූරියක් තිබිය යුතුයි. සම්මානය ලබා දීම පිළිබඳ යම් නිවරැදි මඟපෙන්වීමකට නම් ජූරියක මැදිහත් වීම අවශ්‍යයයි .

මෑත කාලීනව ජනප්‍රිය සම්මානයට නිර්දේශ වූවන් සැබවින්ම ජනප්‍රියද?
ඔවුන් ජනප්‍රිය ඇති. ඒ සම්මාන ගත් අය අතර දක්ෂයනුත් ඉන්නවා. නමුත් ඒ ගමනට ඔවුන් එකතු කර ගත යුතු දේවල් තවත් බොහොමයි. නිර්මාණ එකකට දෙකකට පෙනී සිට නිර්දේශ වන අයට වඩා මිනිස්සු ආදරේ කරන ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය, ප්‍රවීණයෝ ඉන්නවා. එවැනි අය ඇයි මේ ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ?

නවකයකුට ජනප්‍රියම සම්මානය හිමි වීම හානියක්ද?
දක්ෂයන් නිර්දේශ වීම සහ එයින් දක්ෂතම කෙනකුට එම සම්මානය හිමි වීමේ කිසිම හානියක් නැහැ.
නමුත් බොහෝ දුරට එය එසේ නොවීම මම දකින්නේ නවක පරම්පරාවට සිදුවන අපරාධයක් සහ ප්‍රවීණයන් අවතක්සේරුවකට, කලකිරීමකට හා හෑල්ලුවට ලක් කිරීමක් ලෙසයි.
මෙය මා නව පරපුර ගැන ද්වේෂයකින් හෝ ඊර්ෂ්‍යාවකින් කියන දෙයක් නෙමෙයි.
මුකුත් හසරක් නොදැන එක නාට්‍යකින් කලඑළි බහිද්දිම මේ වගේ ජනප්‍රිය සම්මාන දීම හෝ නිර්දේශ වීම ඔවුන්ට කරන අපරාදයක් හා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය මොට කිරීමක්.
මීට එහා ගමනක් නැහැ යනුවෙන් ඔවුන් එයින් අධිතක්සේරුවකට වුණත් පත් විය හැකියි. කවුරුන් හෝ කණ්ඩායමක් විසින් කෙරෙන මේ නොමග යෑවීමෙන් සිදු වෙන්නේ නව පරපුරට මේ ක්ෂේත්‍රය හොයා යන්න තිබෙන වුවමනාව, මේ විෂයය අත්හදා බැලීම් කරන්න තිබෙන අවස්ථා, එයට යොදන කාලය හා එවැනි දෑ තුළින් පන්නරය ලබන්න තිබෙන අවස්ථා ඔවුන්ගෙන් උදුරා ගැනීමයි. සමහර නළු නිළියන් කැමරාවට හරි බයයි. ඒ නුහුරු බව, චකිතය, මුහුණෙන්, දෙබස් කියන විදිහෙන් පවා පේනවා.
එහෙම අය ජනප්‍රිය කිරුළට නිර්දේශ වීම ප්‍රවීණයකුට කරන අවතක්සේරු කිරීමක් නෙමෙයිද? ජනප්‍රිය සම්මානය කියන්නේ අවුරුදු කුමරා කුමරිය තෝරා ගැනීමක් නෙමෙයි. නළුවකුට හෝ නිළියකට ජනප්‍රිය වෙන්න හොඳ රංගනයක් තිබිය යුතු නොවේද?

මේ වෙන්නේ ආධුනිකයන් බලෙන් ජනප්‍රිය කරවීමක් ද ?
ඔවුන් ජනප්‍රිය වෙන්නේ වසරක් හෝ දෙකක් ඒ නාට්‍ය විකාශය වන කාලය අතර. නමුත් අදටත් කොතැන ගියත් ලකි ඩයස්, ක්ලිටස් මෙන්ඩිස් , නිල්මිණි තෙන්නකෝන් වැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන් දුටු පමණින් හො නම කියූ සැණින් නොදන්න කෙනෙක් ඉන්නවාද?
මම කියන්නේ මේ කාලේ ජනප්‍රිය කෙනා හෝ කමක් නැහැ ඔහු හෝ ඇය කර තිබෙන නිර්මාණ කිහිපයක් බලන්න.
අද මේ ජනප්‍රිය චරිත බොහෝ වෙලාවට ‘කළු චරිත‘, හිඟන චරිත හෝ අපිළිවෙලට ඉන්න චරිතයකට පණ පොවන්න කැමැති නැහැ,
එය ජනප්‍රිය කිරුළට හානියක් ලෙසයි ඔවුන් දකින්නේ. නළුවා හෝ නිළියක් නම් එසේ වෙන්න බැහැ. මේ නව පරපුරට කලාව තුළ හැදෑරිම් කරන්න අවස්ථා හදලා දෙන්න, එවැනි හැදෑරිමකින් පසු ඔවුන් සම්මානනියත්වයට පත් කිරීම කිසිදු වරදක් නැහැ. එයින් ඔවුන්ගේ කලා දිවියට සුබසිද්ධියක් වේවි.

ජනප්‍රිය වූ පමණින් ක්ෂේත්‍රයේ පැවැතිය හැකිද?
එය මට හරියටම කියන්න බැහැ. සමහර අයගේ පැවැත්මක් තිබෙනවා. සමහරු ජනප්‍රිය සම්මාන ගත්තට පස්සේ එක නාට්‍යකවත් දකින්න ලැබෙන්නේ නැහැ.
මේ සම්මානවලට නිර්දේශ වන අය අතරේ දෙබසක් හරියට කියා ගන්න බැරි අය පවා ඉන්නවා.
ඔවුන්ට ඒ චරිත හැරුණු විට තව චරිත කරන්න පුළුවන් ද, ඔවුන් ඉදිරියටත් ක්ෂේත්‍රයේ රැඳේවී ද කියලවත් ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. ඔවුන් චරිතාංග නළු නිළියන් නම් වෙන චරිතවලට ද ප්‍රවිෂ්ට විය යුතුයි. ඒ නිසයි මම කියන්නේ අනෙක් හැම සම්මානෙකටම ජුරියක් තිබෙනවා වගේ මේ සම්මානෙටත් ජූරියේ අවධානය යෙමු කරන්න දැන් කාලය එළැඹිලා කියලා.

ඔබේ මතය ඔවුන් පිළිගනීවිද?
අපි පිළිගත්තා. මමත් ජනප්‍රිය නිළිය, නැගී එන නිළියට නිර්දේශ වෙලා තිබෙනවා. මේ අධුනිකයන්ට ‘නැඟි එන නළුවා -නිළිය‘ සම්මාන ලැබෙනවා නම් සාධාරණයි. ජනප්‍රියත්වයට, දක්ෂතාව සහ පැවැත්ම සැලකා බැලිය යුතුමයි.
අපි ක්ෂේත්‍රයට එන කාලේ ජනප්‍රිය නළු – නිළි සම්මාන ගත්තේ එක් නාට්‍යයකින් ආ අය නෙමෙයි. චරිතාංග නළු නිළියන් ලෙස ක්ෂේත්‍රයේ යම් කාලයක් තම දක්ෂතා පෙන­්වමින් ක්‍රමානුකූල ආ ගමනේදී තමයි ඔවුන්ට ඒ සම්මාන ලැබෙන්නේ. අද ප්‍රවීණයන් ලෙස අපි දකින ලකි ඩයස්, යශෝධා විමලධර්ම, නිල්මිණි තොන්නකෝන් වැනි රංගන ශිල්පීන් ශිල්පිනයන් එවැනි දක්ෂතා සහ පැවැත්මක් ඇතිව සම්මාන හිමි කර ගත් අය.

ඔබ හිතන විදිහට මොකද්ද මේ ජනප්‍රිය සම්මාන මාෆියාව?
සම්මාන උළෙල සංවිධානය කරන පිරිස මෙය කරනවාද, සම්මාන උලෙළ ට අනුග්‍රහාය දෙන පිරිස මෙය කරනවාද, එහෙමත් නැතිනම් අනුග්‍රාහක වෙළෙඳ ආයතන ඔවුන්ගේ අභිලාෂයක් ඉටු කරනවාද යන මේ ප්‍රශ්නයේ යටි පෙළ නම් මම දන්නේ නැහැ. නමුත් මම පුන පුනා කියන්නේ, නව පරපුරේ දක්ෂතාව, පැවැත්ම බලන්න ජූරියක් තිබුණොත් ඔවුන් ඉදිරියටත් රැකිලා තව දිගු ගමනක් යයි.

ප්‍රවීණ පරපුරට කෙරෙන ගෙවීම්ස ම්බන්ධයෙනුත් අද යම් ගැටලු තිබෙනවා නේද?
ලංකාවේ වර්තමානයේ වෘත්තීමය වශයෙන් කලාවේ යෙදෙන්න බැහැ. නමුත් අවසානාවකට රඟපාන්න දන්න කෙනා රඟපානවා හැරෙන්න වෙන දෙයක් කරන්න දන්නේ නැති නිසාම මෙය අපේ වෘත්තීය බවට පත් වෙලා.

මේ වෘත්තීය ඇතුළේ අපි ඉල්ලන ගණන් සමහර විට අපට ගන්න බැහැ. නමුත් කොහොම හරි මේ ක්ෂේත්‍රය හැමෝම එකතු වෙලා හදා ගත්තොත් ඉදිරියේදී හෝ වෘත්තීය මය කලාකරුවකුට තමාගේ කැප කිරීමේ නියම වටිනාකම ලබා ගන්න බැරි වෙන එකක් නැහැ.

හිමාලි, ළඟකදී එන සුනාමිය ගැනත් කියමුද ?
‘සුනාමි‘ කියන්නේ වසර ගණනකට පස්සේ මට ලැබුණු චිත්‍රපටයක්. ‘සිකුරු හත‘ තිරගත වුණාට පස්සේ බොහොම ආසාවෙන් බලන් හිටියත් කිසිම අධ්‍යක්ෂවරයෙක් මගෙන් වැඩක් ගත්තේ නැහැ. මම හරියට ඒ ගැන දුක් වුණා. නමුත් මගේ වාසනාවකටදෝ ‘සුනාමි‘යට මාව මතක් වුණා. මම එහි ප්‍රධාන චරිතයක් කරනවා.
ඉතාමත් සතුටින් සහ කැපවීමකින් කළ ඒ චරිතයට මම හොඳ සාධාරණයක් කර ඇතැයි බලාපොරොත්තු වෙනවා. එය ප්‍රේක්ෂකයාට මුදා හැර ඔවුන්ගේ ප්‍රතිචාර ලැබෙන තුරු බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

ඔබේ කාර්යබහුල ජීවිතයේ දරුවා වෙනුවෙන්කා ලය වැය වෙන්නේ කොහොමද ?
ලැබෙන හැම විවේකයදීම මම ඇය සමඟයි ගත කරන්නේ. කෙතරම් කාර්යබහුල වුණත් ඇය වෙනුවෙන් වෙන් වෙලා තිබෙන කාලය මම නැති කර ගන්නේ නැහැ.

හිමාලි සයුරංගි කියන ඒ නිවේදිකාවට මොකද වුණේ?
හොඳ අවස්ථාවක් ලැබුණොත් මම එය නොකර ඉන්නේ නැහැ. නමුත් මගේ පළපුරුද්ද සමඟ ගුණවත් හරවත් වැඩසටහන් ලැබෙන තුරු මම බලන් ඉන්නවා. රූපවාහිනියෙන් නොදකින සම්මාන උළෙල සහ වෙනත් වැඩසටහන්වල නිවේදනයෙන් සහභාගී වෙනවා.











Hela FM Media Network

Continue Reading

ගොසිප් පුවත්

නිසංසලාව නිසල කළ මාරයා කවුද..? – Web Gossip

Published

on


දුව හැම­දාම ඉස්කෝලේ ඇරිලා හවස හත­ර­හ­මාර වෙන­කොට ගෙද­රට එනවා… පළ­මු­වැ­නිදා හය වෙන­කො­ටත් ගෙදර ආවේ නෑ… ඒක නිසා අපි විදු­හ­ල්ප­ති­තු­මා­ටත් කතා­ක­රලා ඇහුවා… වෙනද වෙලා­ව­ටම යාළු­වොත් එක්ක පාස­ලෙන් ගියා කිව්වා… ඒත් අන්ති­මට ගෙදර ළඟ­ටම ආපු දරු­වට වෙච්ච දෙයක්.“ චන්දිමා නිසං­සලා ඉංග්‍රීසි ගුරු­ව­රි­යගේ මව චන්ද්‍රා ජය­වී­ර හඬා වැල­පෙ­න්නීය.

රටම කම්පා­වට පත්වූ ගම්පොළ කීර­පන ප්‍රදේ­ශයේ විසූ අබිර­හස් ලෙස මිය­ගිය නිසං­ස­ලාගේ මළ­සි­රුර ඇය අතු­රු­දන්වූ ගම්පොළ සිට කිලෝ­මී­ටර් 40ක් පමණ දුරින් පිහිටි හාර­ගම ප්‍රදේ­ශයේ මහ­වැලි ගඟේ වික්ටෝ­රියා ජලා­ශයේ තිබි­යදී හමු­වූයේ දින අට­කට පසු­වයි.

පසු­ගිය නව වැනිදා ඇගේ සිරුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ මහ­නු­වර රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි සිව­සු­බ්‍ර­ම­නි­යම් මහතා විවෘත තීන්දු­වක් ලබා දුන්නෙ ඇගේ මර­ණය පිළි­බ­ඳව ප්‍රශ්නා­ර්ථ­යක් ඉතිරි කර­මිනි.

චන්දිමා නිසං­සලා රත්නා­යක 27 හැවි­රිදි රූමත් තරු­ණි­යකි. හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ලයේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය භාර ගුරු­ව­රිය ලෙස සේවය කළ ඇය දින­පතා ගම්පොළ සිට කිලෝ­මී­ටර් පන­හක් පමණ දුරින් පිහිටි හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ල­යට ආව ගියාය.

කෙත­රම් වෙහෙ­ස­කර ගම­නක් වුවද පාසල් දරු­වන්ට මෙන්ම ගුරු වෘත්ති­යට ඇය දැක්වූ ආද­රය නිසා කුමන බාධක පැමි­ණි­යද නිසං­සලා පාසල් යෑම අත­පසු නොක­ළාය.

පළමු වැනි­දාට යෙදුණු ලෝක ළමා දින­යදා පාසල් දරු­වන්ට සතු­ටු­දා­යක දිනකි. එදින පාසලේ පැවැති ළමා දින වැඩ­ස­ට­හ­න්ව­ලදී ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් කළ නිසං­සලා තමාගේ පන්තියේ දරු­වන්ට අයි­ස්ක්‍රී­ම්ව­ලින්ද සංග්‍ර­හ­යක් කර තිබු­ණාය.

පාසල නිම වීමෙන් පසු තම යෙහෙ­ළි­යක වූ සාවිත්‍රි ගුරු­ව­රිය සම­ඟින් සුපු­රුදු ලෙස හැටන් සිට මහ­නු­වර බලා පිට­ත්වන බස­යට ගොඩ වී තිබුණේ නිවෙස් බලා යෑම­ටයි. පැය දෙකක පමණ ගම­න­කින් පසු ගම්පො­ළට පැමිණි නිසං­සලා, යෙහෙ­ළි­ය­ගෙන් සමු­ගෙන ගම්පොළ නග­රයේ සිට මීටර් 150ක් පමණ දුරින් පිහිටි නිවෙ­සට පාග­ම­නින් ගොස් තිබු­ණාය. ඒ ඇය දින­පතා යනෙන සුපු­රුදු ගමන් මාර්ග­යයි.

සාමා­න්‍ය­යෙන් සවස හත­රයි තිහ පමණ වන විට සෑම දිනෙ­කම ඇය නිවෙ­සට පැමි­ණෙ­න්නීය. පාසලේ විශේෂ උත්ස­ව­යක් හෝ අති­රේක පන්ති­යක් පැවැති දින­වල නිවෙ­සට පැමිණ තිබුණේ රාත්‍රී අඳුර වැටෙන විටයි. එවැනි බාහිර වැඩක් යෙදි නොති­බුණු පළ­මු­වැ­නිදා සුපු­රුදු වේලාව ගෙවී පැය ගණ­නක් යන­තුරු අගේ නොපැ­මි­ණිම නිවැ­සි­යන්ට ප්‍රශ්න­යක් විය. එදින හැන්දෑවේ ඇද හැළුණ ධාරා­නි­පාත වර්ෂාව දුවගේ ගම­නට බාධා­වක් වන්නට ඇතැයි ඔවුහු සිතුහ. ඇයගේ දුර­ක­ථ­න­යට ඇමැ­තුම් ගත්තද එයද අක්‍රි­යව තිබිණි.

අන­තු­රුව පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා ඇමැතූ විට නිසං­ස­ලාගේ දෙමා­පි­යන්ට විදු­හ­ල්ප­ති­ව­රයාගෙන් දැන ගන්නට ලැබී ඇත්තේ නිසං­සලා සුපු­රුදු වෙලා­වට පාස­ලෙන් පිටත් වූ බවයි.

මහ වැස්සේම නිසං­සලා ගැන සොයා බැලී­මට ඇගේ ඥාතිහු උනන්දු වූහ. නිසං­ස­ලාගේ අන­පේ­ක්ෂිත අතු­රු­දන් වීම පිළි­බ­ඳව ගම්පොළ පොලිස් පොතේද සට­හ­නක් තැබිණි. ගම්පොළ දුම්රිය පොළ ආස­න්නයේ කීර­පන දුම්රිය හරස් මාර්ගය මාරුවී නිවෙ­සට යාමට ඇති අතුරු මාර්ගය නිසං­සලා සැමදා යනෙන මාර්ග­යයි. ඒ මාර්ගයේ සෝදි­සි­යේදී ‘ඉගෙ­නුම’ නමැති උසස් අධ්‍යා­පන ආය­තන සීසී­ටීවී කැම­රාවේ සට­හන් වී තිබුණේ නිසං­සලා කුඩ­යක් ඉහ­ළා­ගෙන යන ආකා­ර­යයි. එහි වෙලාව ලෙස සවස 4.06 සට­හන් වී තිබිණි. එතැන් සිට නිසං­ස­ලාගේ නිවෙ­සට තිබුණේ මීටර් සිය­යක පමණ දුරකි.

කිලෝ­මී­ටර් පන­හක් පමණ දුරක සිට පැමිණි ඇයට නිවෙ­සට මීටර් සිය­යක දුර­කදී වූයේ කුමක්ද යන්න සැමට ප්‍රහේ­ලි­කා­වකි. එහෙත් එම මාර්ගය අධික වර්ෂාව පව­තින විටදී ජල­යෙන් යට වන බවත් එවැනි අව­ස්ථා­වල මාර්ග­යට සමා­න්ත­රව ගලා යන කොන්ක්‍රිට් කාණු­වට අතුරා තිබෙන කොන්ක්‍රීට් ලෑලි මත ගමන් කිරීම බොහෝ දෙනෙ­කුගේ පුරු­ද්දකි. එහෙත් ඇතැම් ස්ථාන­වල කොන්ක්‍රිට් කාණුවේ ලෑලි නොමැති බවකි. නමුත් ජල­යෙන් ය­ටවූ විට කොන්ක්‍රිට් නොමැති ස්ථාන හරි­හැටි නොපෙනේ.

නිසං­සලා මේ කාණු­වට වැටු­ණාද යන්න බොහෝ දෙනෙ­කුට සැක­යක් මතු­විණි. එහෙත් ඒ පිළි­බ­ඳව කිසිදු හෝඩු­වා­වක් නොවිණි. අඩුම තරමේ ඇය සන්ත­කයේ වූ අත්බෑ­ගය, සෙරෙ­ප්පු­වක් හෝ ඉහ­ළා­ගෙන ගිය කුඩ­යද අස­ලක රැඳී නොති­බිණි. ගම්මු සහ පොලි­සිය එක්ව අධික වර්ෂා­වේම ඇය ගැන සොයා බැලු­වත් කිසිඳු හෝඩු­වා­වක් නොවූහ. එම කාණුව මඳ දුරක් ගොස් වැටුණේ ඇළ­ක­ටයි. එම ඇළ කිලෝ­මී­ටර් භාග­යක පමණ දුරක් ගොස් මහ­වැලි ගඟට එක්වේ.

පළමු වැනිදා සිට කිසිදු තොර­තු­රක් නොමැ­තිව දින ගණ­නා­වක්ම අතු­රු­දන්ව සිටි නිසං­සලා ගැන ඒ වන විට නොයෙක් කට­ක­තාද පැති­රෙ­මින් තිබිණි. ඇය විවාහ වීමට ඒ වන විටත් නම් ප්‍රසි­ද්ධි­යට පත්කොට සිටි­යාය. ඒ, යෝජිත විවා­හ­යක් මත උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වන සංජීව සුරේෂ් සම­ඟිනි. කලක් ගම්පොළ පොලි­සියේ සේවය කළ ඔහු මේ වන විට මන්නා­රම පොලි­සියේ සේවය කර­මින් සිටී. නිසං­ස­ලාගේ අතු­රු­දන් වීම සිදු­වන විට සංජීව නිවාඩු ලැබ පැමිණ සිය ගම් ප්‍රදේ­ශය වන හොරණ විසු­වේය. ඔහුද මේ මස 29 වැනිදා විවා­හය ලියා­ප­දිංචි කිරී­මට සිටි සිය අනා­ගත බිරි­යගේ අන­පේ­ක්ෂිත අතු­රු­දන් වීම පිළි­බ­ඳව මහත් කම්පා­වට පත්ව ඇය සෙවීමේ කට­යු­තු­ව­ලට ද එක්ව සිටි­යේය.

ඇගේ අතු­රු­දන් වීමෙන් දින හත­ර­කට පසු අප ප්‍රාදේ­ශීය වාර්තා­කරු දිල්හාන්ට අවට ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දි­ය­කු­ගෙන් තොර­තු­රක් ලැබී තිබුණේ නුවර සිටඩෙල් හෝට­ලය ආස­න්නයේ මහ­වැලි ගඟේ තරු­ණි­ය­කගේ මළ­සි­රු­රක් පාවෙන බවයි. ඒ පිළි­බඳ අප මාධ්‍ය­වේ­දියා නිසං­ස­ලාගේ ඥාතින්ද දැනු­ව­ත්කොට එය බැලී­මට යාමට සැරැ­සෙද්දී නැව­තත් පණි­වි­ඩ­යක් ලැබී තිබුණේ ගඟේ සැඩ පහර වැඩි හෙයින් සිරුර ලේවැල්ල පාල­මද පසු­කොට ගොස් ඇති බවයි. පසුව තොර­තු­රක් ලැබී තිබුණේ එම සිරුර පොල්ගොල්ල වේල්ලෙන්ද පහ­ළට වැටුණ බවට හමුදා නිල­ධා­රි­යෙක් දැක ඇති බව­ටයි.

කෙසේ හෝ ඒ වන විට නිසං­ස­ලාගේ සිරුර පිළි­බ­ඳව කටු­ග­ස්තොට, වත්තෙ­්ගම, කුණ්ඩ­සාලෙ, තෙල්දෙ­ණිය යන පොලිස් ස්ථානද දැනු­ව­ත්කොට තිබුණේ ගම්පොළ පොලි­සිය විසිනි.

පසු­ගිය හත් වැනිදා සවස මහ­වැලි ගඟ සහ වික්ටෝ­රියා ජලා­ශය යාවන ප්‍රදේශයේ ධීව­ර­ය­කු­ගෙන් හෝඩු­වා­වක් ලැබුණේ මළ­සි­රු­රක් පාවෙන බවට තෙල්දෙ­ණිය පොලි­සි­ය­ටයි. එම ඉසව්ව තෙල්දෙ­ණිය පොලි­සි­යට අයත් නොවන හෙයින් පසුව ඒ පිළි­බඳ පරී­ක්ෂණ තලා­තු­ඔය පොලි­සි­යට බාර කෙරිණි.

කිමි­දු­ම්ක­රු­වන් දෙදෙ­නෙක් යොදා හත්වැ­නිදා රාත්‍රි­යේම මළ සිරුර ගොඩ­ගෙන තිබිණි. නිසං­ස­ලාගේ පියා­ණන් සහ ඥාතින් විසින් පසු­ගිය අට­වැ­නිදා පෙර­ව­රුවේ එම සිරුරේ අතෙහි බැඳි කහ­පැ­හැති නූලක් සහ ඇය අව­සන් වරට ඇඳ සිටි හැට්ටයේ පාට අනුව ඒ තම දිය­ණිය බවට හදුනා ගත්හ.

නිසං­සලා ගමන් ගත් මාර්ගයේ තිබූ කාණුව අධික වර්ෂා­වට ජල­යෙන් යට­වීම නිසා ඇය කාණු­වට වැටි එම කාණු­වෙන් ඇළට ගොස් ඊට මීටර් පන්සී­යක් පමණ දුරින් ඇති මහ­වැලි ගඟට ගසා­ගෙන ගොස් පසුව වික්ටෝ­රියා ජලා­ශය දක්වා ගසා­ගෙන යන්නට ඇතැයි පොලි­සීය සැක කරයි. එය එසේ වුවද ඇයට වූයේ කුමක්ද යන්න මෙතෙක් කිසිම ඇසින් දුටු සාක්ෂි­යක් නොමැත. ඇයගේ ගෙල බැඳි පවුම් තුන රන් මාලය මළ සිරුරේ තිබිණි.

නිසං­ස­ලාගේ පියා­ණන් වන වීර­සිංහ මුදි­ය­න්සේ­ලාගේ රත්නා­යක මහතා පවසා තිබුණේ තම දිය­ණි­යගේ අතු­රු­දන් වීම පිළි­බ­ඳව සැක­යක් පව­තින බවයි. “දුව ගැන මීට වසර පහ­කට පමණ පෙර පුද්ග­ල­යකු උන­න්දු­වෙන් හිටියෙ. ඊට අක­මැති වුණ නිසා ඒ පුද්ග­ලයා යම් යම් බල­පෑම් කළා. මගේ දුව හරිම අහිං­සක කෙනෙක්. දුවට වූ විපත ගැන විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කර­න්නයි මම ඉල්ලන්නෙ.“ නිසං­ස­ලාගේ පියා පව­සන්නේ බොහෝ කම්පා­වෙනි.

චන්දිමා නිසං­සලා මූලික අධ්‍යා­ප­නය ලබා තිබුණේ ගම්පොළ ශාන්ත ජෝෂප් බාලි­කා­වෙනි. අපොස සාමාන්‍ය පෙළ ඉහ­ළින් සමත්වූ ඇය පසුව මහ­නු­වර පුෂ්ප­දාන බාලි­කා­වට ඇතු­ළත්ව උසස් පෙළට පෙනි සිට පේරා‍දෙ­ණිය සර­ස­වි­යට සුදු­සු­කම් ලබා තිබු­ණාය. ඉංග්‍රීසි භාෂා­වට හප­න්කම් පෑ නිංස­සලා ඉංග්‍රීසි මාධ්‍ය­යෙන් උපා­ධිය සම්පූ­ර්ණ­කොට ගුරු පත්වී­මක් ලැබු­වාය.

2016 වස­රේදී මුල්ම පත්වීම ලෙස ඇය වැඩ බාර­ගෙන තිබුණේ හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ල­යෙනි. එම විදු­හලේ විදු­හ­ල්පති වසන්ත කවි­රාජ මහ­තාද නිසං­සලා ගැන මත­කය අවදි කළේ මෙසේය.

“අපේ පාසලේ ඉංග්‍රීසි විෂ­යට අම­ත­රව සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැ­න්නු­වෙත් නිසං­සලා. ඒ වගේම පාස­ලට ඇතු­ළත් කිරී­මට පෙර හය ශ්‍රේණියේ දරු­වන්ට කරන විශේෂ ඉංග්‍රීසි වැඩ­ස­ට­හන් සිය­ල්ලම බාරව කට­යුතු කළේ මේ ගුරු­තු­මිය. ඇගේ වියෝව අපේ පාස­ලට මහත් පාඩු­වක්. කොත­රම් දුරක සිට පැමි­ණි­යත් කියන කිසිම වැඩක් අත­පසු කළේ නැහැ.

දරු­වන් වෙනු­වෙන් ඉතාම හොඳින් කැප­වුණ ගුරු­ව­රි­යක් හැටි­යට මුළු පාස­ලේම දරු­වන්ගේ සිත් දිනා­ගෙන සිටියා. මොන­ත­රම් දුරක සිට පාස­ලට පැමි­ණි­යත් කිසිම දිනෙක පරක්කු වෙලා ආවෙ නෑ. දරු­වන් වෙනු­වෙන් හවස අති­රේක පන්ති පැවැත් වුවත් නිසං­සලා ටිචර් කිසිම දවසක එම පන්ති මඟ හැරියේ නෑ.

තව­මත් අබිර­හ­සක්ව පව­තින නිසං­ස­ලාට සැබැ­වින්ම සිදු වුයේ කුමක්ද? ඇය මිය ගියේ කොන්ක්‍රිට් දමා වසා නොති­බුණ කාණු­වට වැටී­මෙන් ද? එසේ වැටුණා නම් ඈ ඉහළ‍ෙගන ආ කුඩ­යට මෙන්ම ඈ අත තිබුණු බඩු­ව­ලට සිදු වුයේ කුමක්ද? එහෙ­මත් නැති­නම් කවු­රුන් හෝ ඇයට විප­තක් කළේද? මේ සිය­ල්ල­ටම පිළි­තුරු තිබිය යුතුය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත











Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd