Connect with us

උණුසුම් පුවත්

මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් බිහි කිරීමට මේ ජනාධිපතිවරණය යොදා ගන්න

Published

on


මෙවර ජනාධිපතිවරණයේ දී සංස්කෘතික ප‍්‍රාග්ධනය කියන කාරණය උපරිමයට ගෙනැවිත් තිබුණු යාපනය නැවත වරක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය මෙතෙක් ලංකාවේ ඉදිරිපත් කළ හොඳ ම දේශපාලන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වංචා නැති, අපරාධ නැති, දූෂණ නඩු නැති නායකයෙක් අපි ඔබ වෙනුවෙන් නම් කරලා තියෙනවා. මේ වටිනා අවස්ථාව නිවැරදිව පාවිච්චි කරන්න කියලා ඔබ සැම දෙනාගෙන් ඉතා කාරුණිකව හා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාව ගිලිහුණහොත්, අපේ ජීවිත කාලය තුළ වෙනත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. එක ම හදකින් හිතන්න පුළුවන් මනුෂ්‍යත්වයෙන් පිරුණු සමාජයක් බිහි කරන්න මේ ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.” යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා පවත්වනු ලබන “ගොඩනගමු රට” ජනතා සභා මාලාවේ පසුගිය 02 වෙනිදා යාපනය ට්‍රිමර් ශාලාවේදී පැවති යාපනය දිස්ත්‍රික් ජනතා සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා…

“මා මීට පෙර බොහෝ වර යාපනයට පැමිණ තිබුණත්, අද පැමිණියේ, බොහෝම සතුටින් විශේෂ ගමනක්. ඒකට හේතුවක් තියෙනවා. මේ ගමන කිසිම ආකාරයකින් පෞද්ගලික අරමුණු ඇතිව ආව එකක් නොවෙයි. අපි සියලු දෙනාගේ ම ජීවිත සතුටින් තියන්න පුළුවන් වෙනස් අරමුණක් වෙනුවෙන් අද ආවේ. ඒ පොදු හැඟීම නිසා අපේ හදවත් අද සතුටින් පිරිලා තියෙන්නේ.

යුද්ධය දෙදහස් නවය අවුරුද්දේ දී කිසියම් කෙළවරකට පැමිණි බව අපි දන්නවා. ලංකාවේ දකුණුකරයේ මිනිස්සු බොහෝ විට උතුරුකරයට එන්න පටන් ගත්තේ විනෝද ගමනක් විදියට. මම ඒ එක ම විනෝද ගමනක්වත් ආවේ නැහැ. එහෙම එන විනෝද ගමන්වල බරපතළ අමානුෂිකකමක් තියෙන බවයි මට හැඟෙන්නේ. මරණය, මරණ භය දේශපාලනිකව පතුරුවා තිබූ ප‍්‍රදේශයක විනෝද වෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම යාපනයට ආවේ දෙදහස් දොළහේ දී. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික ආදායමෙන් සියයට හයක් වෙන් කරන්න බල කරමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටන් කළ බව ඔබට මතක ඇති. ඒ සටනේ දී යාපනයේ පා ගමනකට හා උද්ඝෝෂණ රැළියකට තමයි, මම මුලින් ම ආවේ.

එදා යාපනයට ආව ගමන් මම කළේ ගිනි තබා විනාශ කර තිබූ ඔබේ ආදරණීය පුස්තකාලයට පොත් තොගයක් පරිත්‍යාග කිරීම. ඒ මහා පුස්තකාලය ඔබට තිබුණු එක ම හා ප‍්‍රබලම ඥාන මාර්ගයයි. ප‍්‍රබල ම දැනුම් මාර්ගයයි. අදටත් මගේ ෆේස්බුක් එකේ වසර හතක් පුරා ඒ ආ ගමනේ සටහන් තිබෙනවා. ඉතා ම වටිනා පොත් අනූහත් දාහක් ගිනිබත් කළ සිද්ධිය යාපනයේ ඔබේ ම ආදර සොමිධරන් සහෝදරයා කෙටි චිත‍්‍රපටයකින් ප‍්‍රතිනිර්මාණය කළා. ‘බර්නි මෙරේස්’ කියලා චිත‍්‍රපටය නම් කරලා තිබුණා. ඒ චිත‍්‍රපටයේ අන්තර්ගත කරලා තියෙන්නේ, පුස්තකාලය ඔවුන්ගේ ජීවිතවලට බැඳී තිබුණු ආකාරය. ඔබේ ප‍්‍රදේශයෙන් බිහි වූ මහාචාර්ය කේ. සිවතම්බි ඉතා විශිෂ්ට බුද්ධිමතෙක්. ඔහුගේ පියා ඔහුට කීවේ පුස්තකාලය ශ්‍රේෂ්ඨතම මාර්ගය කියලා. ඔහු අහනවා, දැන් මම මගේ පුතාට කියන්නේ මොකක් ද කියලා.

අප අතරේ භාෂා බාධකය විශාල වශයෙන් තිබෙන බව ඔබ දන්නවා. මේ භාෂාව නමැති බාධකය ඉවත් නොකර තිබෙනා තුරු අපට බොහෝ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. අතීතයේ ඔබට තිබූ ගැටලුවලටත්, තවත් ගැටලු රැසකටත් විසැඳුම් දෙන්න පුළුවන් තැනක් දැන් අපට හමු වෙලා තියෙනවා. මේ පණිවිඩය අරගෙනයි අප මෙහි ආවේ.

සරල උදාහරණයකින් කියනවා නම්, මේ භාෂා බාධකය ජය ගන්න විසැඳුම් අප සකස් කර තිබෙනවා. ඉන්දියාවේ විශිෂ්ට දේශපාලනඥයකු වූ ආචාර්ය අම්බෙඩ්කාර් ඉන්දියාවට ලබා දුන් ඒ විසැඳුම අපටත් ආදර්ශයක්. අම්බෙඩ්කාර්ගේ භාෂා ප‍්‍රතිපත්තිය මම ඉතා ම අගය කොට සලකනවා. අප අතරේ තිබෙන භාෂා ගැටලුව විසදා ගන්නත් ඒක ආදර්ශයක්. ඔහු මූලික කරුණු තුනක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

1. සියලු ම දෙනා තම තමන්ගේ මවු භාෂාව ඉගෙන ගත යුතුයි.

2. සියලු ම දෙනා තවත් ප‍්‍රධාන භාෂාවක් ඉගෙන ගත යුතුයි.

3. ඒ සියලු ම දෙනා ඉංශ්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි.

මේ භාෂා ප‍්‍රතිපත්තිය පදනම් කරගෙන ජාතික ජන බලවේගය ඔබට අපට භාෂා ප‍්‍රතිපත්තියක් සකස් කර තිබෙනවා. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සිංහල, දෙමළ, ඉංශ්‍රීසි භාෂා තුනෙන් ම කියවන්න පුළුවන්. ඔබ සියලු ම දෙනා ඒ භාෂා ප‍්‍රතිපත්තිය සොයාගෙන කියවන්න කියලා මම ආරාධනා කරනවා. අපට මේ වාගේ භාෂා බාධක එක්ක තව දුරටත් වැඩ කරන්න බැහැ.

ආදරණීය මිතුරු මිතුරියනි, භාෂාව කියන්නේ, කෙනකු හිතන මතන, දැනුම් පරිමාව තීරණය කරන සාධකයක්. සංහිඳියාව කියන වචනය ඔබ අතරේ ප‍්‍රසිද්ධ වෙලා තියෙනවා. නමුත්, මේ පාලකයෝ සියලු දෙනා බලය ගැනීම සඳහා අපව රවට්ටන විට සිංහල, දෙමළ භේදයක් තිබුණේ නැහැ. සංහිඳියාව නමින් මේ පාලකයන් ඔබව කොපමණ රවට්ටා තිබෙනවා ද? එසේ නොකරන රටක්, එසේ නොකරන නායකයෙක් අපි අපේ දරුවන්ට දායාද කරන්න ඕනෑ. නැවත යුද්ධයක් ඇති වෙන්න තියෙන හේතු ස්ථිර වශයෙන් ම සමාජයෙන් ඉවත් කරන්න ඕනෑ. එහෙම වුණොත්, ඉස්සර තිබුණු වටිනා, සශ්‍රීක යාපනයක් නැවත අපට දකින්නට ලැබෙයි.

විශ්වවිද්‍යාලයේ මගේ විෂයය සිනමාව. යාපනය තරම් චිත‍්‍රපට ශාලා තිබූ නගරයක් ලංකාවේ වෙනත් තැනක නොතිබුණු තරම්. එක්දහස් නවසිය හැත්තෑහතරේ යාපනය විශ්වවිද්‍යාල මණ්ඩපය විවෘත කරන කොට සිනකමා සමාජයක් පිහිටුවාගෙන තිබුණා. ආචාර්ය ධර්මසේන පතිරාජ හැදූ ‘පොන්මණි’ වගේ චිත‍්‍රපටයක් සමහර විට අද තරුණ පරපුර දැකලාවත් නැතිව ඇති. ඒ තරමට මේ සමාජ සංස්කෘතික ජීවිතය බිඳවැටිලා.

මෙවර ජනාධිපතිවරණයේ දී සංස්කෘතික ප‍්‍රාග්ධනය කියන කාරණය උපරිමයට ගෙනැවිත් තිබුණු යාපනය නැවත වරක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය මෙතෙක් ලංකාවේ ඉදිරිපත් කළ හොඳ ම දේශපාලන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වංචා නැති, අපරාධ නැති, දූෂණ නඩු නැති නායකයෙක් අපි ඔබ වෙනුවෙන් නම් කරලා තියෙනවා. මේ වටිනා අවස්ථාව නිවැරදිව පාවිච්චි කරන්න කියලා ඔබ සැම දෙනාගෙන් ඉතා කාරුණිකව හා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාව ගිලිහුණහොත්, අපේ ජීවිත කාලය තුළ වෙනත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. එක ම හදකින් හිතන්න පුළුවන් මනුෂ්‍යත්වයෙන් පිරුණු සමාජයක් බිහි කරන්න මේ ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන වැසි ජලයෙන් යටවෙයි – යුද හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

Published

on


December 7, 2019 11:05 am | Hela FM Media

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

කිලිනොච්චිය ධර්මුපරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පන්ති කාමර ජලයෙන් යටවි තිබූ බවත් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහළ තට්ටුවල තිබූ මේස පුටු ඉහළ තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

එමෙන්ම විභාගයට පෙනි සිටින දරුවන්ට ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයද අද උදෑසන ජලයෙන් යටවි ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..

Published

on


මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක් !

Published

on


කොළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි.

මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සැලසුම ක්‍රියාත්මක වනු ඇත්තේ කොළඹට තදාසන්න නගරවල සිට සුඛෝපභෝගී බස් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත් සමග බවයි.

කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය හා දිනපතා ඉහළ වන වායු දුෂණය අඩු අඩු කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.

නගරයට ඇතුළු වන වාහන වලින් ගාස්තුවක් අය කිරීමට අමතරව තදබදය අඩු කිරීමට තවත් යෝජනා කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.


Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd