Connect with us

විනෝදාත්මක

දිවි කතරින් එතෙර වුවත් අපේ සිතේ සදා වැජඹෙන මහා ‍ගාන්ධර්වයා – මතක සටහන් 7ක් – Hela FM Media

Published

on


 

ශ්‍රී ලාංකික මතක පොතට 2016 වසරේ නොවැම්බර් තුන් වැනිදා කියන්නේ අඳුරු මතකයක් සහ අහිමි වීමක් එකතු කරපු දිනයක් වුනා. ඒ අඩසිය වසකටත් පුරා වැඩි කාලයක් ලංකාවේ ගීත සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කරන්නට මහා දායකත්වයක් සැපයු විසල් වෘක්ෂයක ජීවන ගමනක අවසාන වූ නිසාවෙන්.

 

1. උපත සහ අධ්‍යාපනය
WD Amaradewa biography
Source – fragmenteyes.blogspot.com

ඔහු නමින් ඩබ්ලිව්. ඩී. අමරදේව. ඒ එතුමාට සංගීතය විසින් පබැඳු නම 1927 දෙසැම්බර් 05 වැනිදා මොරටුවේදී මෙලොව එලිය දුටු අමරදේවයින් ගේ උප්පත්ති නාමය වන්නේ වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා.

ජිනොරිස් පෙරේරා පියාණන්ට සහ මැගී වෙස්ලිනා මැන්දිස් මාතාවට දාව උපත ලැබූ දරුවන් හය දෙනෙක් ගෙන් යුතු පවුලේ බාලයා ලෙසයි අමරදේවයන් උප්පත්තිය ලබන්නේ.  කතෝලික මවකටත් බෞද්ධ පියෙකුටත් දාව උපත ලබන අමරදේවයින් ආගම් දෙකක මිශ්‍ර පරිසරයක ජිවත් වන්නට වාසනාව ලබන්නේ මේ නිසා.

මෙතුමා මුලික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් වන අතර එතුමාගේ ද්විතියික අධ්‍යාපනය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ කළුතර විද්‍යාලයටද සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

 

2. සංගීත ජිවිතයේ ආරම්භය
WD Amaradewa biography
Source – gossiplankanews.com

අමරදේව ගේ සංගීතය ජීවිතය ඔහුට නිවසින්ම ලැබුන දායාදයක් වගේ වෘත්තියෙන් වඩුවෙකු වූ අමරදේවගේ පියාණන් පැරණි වයලීන අලුත්වැඩියාකරන්නෙක් සහ නිපදවන්නෙකුද වෙනවා. ඔහු තමන්ගේ විවේක කාලය තුලදී වයලීනය වාදනය කිරීම කරන අතර මෙය සිතට ගන්නා අමරදේව මේ සංගීත භාණ්ඩ කුඩා කල සිටම වාදනයට පෙළඹෙනවා.

මෙතුමා මුලින්ම තමන්ට කියා සංගීත භාණ්ඩයක අයිතිය ලබන්නේ තමන්ගේ හත්වන උපන්දිනය දවසේදී ඔහුගේ පියා විසින් ත්‍යාග කරනු ලබන වයලීනයක් සමඟයි.

ඒ විතරක් නොවෙයි, කුඩා අමරදේවගේ ගායන හැකියාව ගැන පැහැදෙන කොරලවැල්ල විහාරස්ථානයේ මාලාලංකාර  නායක හිමියන් යටතේ මුලික අධ්‍යාපනය ලබන අමරදේව තමන්ගේ හැකියාව නිසාම විහාරස්ථානයේ කවි සහ ගීත ගානයා කිරීම සඳහා එක්කරගනු ලබනවා. එයින් පසුව තමන් ජිවත් වෙන ගමේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය ලබන්නේත් අමරදේව විසින්ම තමයි.

මෙයින් පසුව පාසලේ ගායක කණ්ඩායම ලබන ජයග්‍රහණයක් හේතුවෙන් පාසලේ ගුරුවරු විසින් ඔහුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගායක කණ්ඩායමට ඇතුලත් කිරීමට ක්‍රියා කරනවා. 1945 වසරේදී ජන කලා මණ්ඩලයෙන් සංවිධානය කරන ගායන සහ වාදන තරඟයෙන් රන්පදක්කම ලබන්නේ මෙන්න මේ කාලය තුලදී තමා.

මින් පසුව පාසලේ විවිධ ආකාර වලින් දක්ෂතා දක්වන අමරදේවයන් විවිධ උගතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී අවසන ගුවන්විදුලි වාදන වෘන්දයට එකතු වන අතරේ මේ දක්ෂතාවයන් නිසා එතුමාව භාත්ඛන්ඩේ විශ්වවිද්‍යාලය සංගීත අධ්‍යයනය සඳහා තෝරා ගනු ලබනවා.

 

3. වෘත්තීය සහ අමරදේව නාමය
WD Amaradewa biography
Source – gossiplankanews.com

භාත්ඛන්ඩේ විශ්ව විද්‍යාලයෙන් ලබන අධ්‍යාපනය හමාර කරන ඇල්බට් ලංකාවට ආපසුව තම නාමය අමරදේව ලෙසින් වෙනස් කරගනු ලබනවා. එය ඔහු විසින් කරන්නක් නොව ඔහුගේ ගුරුවරයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමන් විසිනුයි ඒ නම ලබාදෙන්නේ. “අමරණිය ආත්මයක් ලද දේවයාණන්” යන අරුතින් යුතුවයි අමරදේව යන නම පටබඳිනු ලබන්නේ. එතැන් පටන් වන්නකු වඩුගේ ඇල්බට් පෙරේරා ව හඳුන්වන්නේ  වන්නකු වඩුගේ අමරදේව යන නමින්.

ඉන්දියානු ආභාෂය ගත් සංගීතයට ලාංකික උරුවක් සහිතව අපේ කමක් ආරුඪ කරන අමරදේවයන් අතින් ගැයුණු සහ තනු නිර්මාණය කෙරුණු ගීත දහස් ගණනක් වෙනවා.

මෙයට අමතරව අමරදේවයන්ගේ තනු නිර්මාණ වලට පබඳෙන මහගම සේකරයන් ගේ ගී තනු එකල මහත් ජනප්‍රියත්වයක් ලබනවා. ඒ ජනප්‍රියත්වය කොතරම්ද යත් ඔවුන් දෙදෙනාව හඳුන්වා ඇත්තේ “ගී පොතයි මී විතයි” යන අනවර්ථ නාමයෙනුයි.

 

4. සිනමා දායකත්වය
WD Amaradewa biography
Source – vod.lk

ඒ වගේම ලාංකික සිනමාවට මෙතුමා ලබාදුන්නු සේවාව අතිමහත්. ඒ අතර එතුමා විසින් දායකත්වය සපයන ලද රන් මුතු දූව, අදට වැඩියෙන් හෙට හොඳයි, සිකුරු තරුව, ගම්පෙරළිය, ගැටවරයෝ, සාමා, ළා දළු, සාරවිට, ආදරයයි කරුණාවයි, සංදේශය,  දෙළොවක් අතරේ, වෙසතුරු සිරිත වැනි චිත්‍රපට විශේෂ වෙන්නේ එහි ගායනාව, තනු නිර්මාණය ආදියට අමරදේවයින්ගේ ලැබුණු ආලෝකය නිසා.

 

5. සම්මාන
WD Amaradewa biography
Source – news.lk

සිංහල කළා කෙතට කල සේවය සහ නිර්මාණ අගය කරනු පිණිස අමරදේවයින් ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන වලින් ද පුද ලබන්නට තරම් වාසනාවන්ත වුනා. ඒ අතර වසර කිහිපයකම  හොඳම තනු නිර්මාණය ට ලබන සරසවි සම්මාන සහ ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සහ කලාකීර්ති ගරු නම්බුනාමය සහ සම්මානය ද වෙනවා.

එමතු නොව ඉන්දියානු රජයෙන් පිරිනමන පද්ම ශ්‍රී සම්මානය සහ පිලිපීන රජයෙන් පිරිනමන ” රමොන් මැග්සයිසේ ” සම්මානයද ඒ අතර වෙනවා. මෙයට අමතරව ප්‍රංශ රජයෙන් පිරිනමන “Officier de l’ordre des Arts et Lettres” නම් සම්මානයේ ද හිමිකරුවා වන්නේ අමරදේවයින් ම තමයි.

 

6. සැඳෑ කාලය
WD Amaradewa biography
Source – gossiplanka9.info

කාලයත් සමඟ වියපත් වෙන අප සැමටම පොදු ධර්මතාවයෙන් ගැලවෙන්නට අමරදේවයින්ටත් හැකි වුනේ නැහැ. එහෙත් කයෙන් වියපත් වුවත් සිතින් සැමදා තරුණ අමරදේවයින් සිය දිවියේ අවසාන කාලයේ තරුණ පරපුරේ ගීත වලටත් තම දායකත්වය සපයන්නට අමතක කලේ නැහැ. පහත ගීතය ගායනා කලේ නව පරපුරේ ශිල්පිනියක් වෙන උමාරා සින්හවංශ සමගිනුයි.

 

 

ඒ වගේම පසු කාලෙක නිර්මාණය කල ටෙලි නිර්මාණයකට ගායනා කල මේ පසුබිම් ගායනාවත් අපේ සිත්වල තවමත් තිබෙනවා.

 

 
 

7. නික්ම යෑම
WD Amaradewa biography
Source – sangeetharasa.com

එපමණක් නොව සදා අමරණීය වන නිර්මාණ කටයුතු රැසකට දායකත්වය සපයපු මේ සුන්දර නිර්මාණ කරුවා, ඒ හෙළයේ මහා ගාන්ධර්වයා නොවැම්බර් තුන්වනදා තමන්ගේ වසර 88ක ජිවන ගමන නිමා කලේ සියලු ලෝ වැසියන්ට මෙන්ම තමන් හටත් ජීවිතය අනිත්‍යයි යන ගැඹුරු ලෝක ධර්මය නිහඬව පසක් කරමින්.

 

සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා..!

 
Cover Image Source – gossiplankanews.com
 




Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විනෝදාත්මක

ඔහෙප්පලයං! අයි නෝ ද ලෝ! මතකද මේ ටෙලි නාට්‍ය දෙබස් 10? – Hela FM Media

Published

on


 
වසර 30කටත් ඈතට දිවයන සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසය තුල අපි මේ වෙනකොට ටෙලිනාට්‍ය සියගණන් බලල ඇති. සමහර ටෙලිනාට්‍ය සහ චරිත අපට අදටත් එදා වාගෙම මතක තියනව. ඒ වගේම තමයි ඒ නාට්‍ය වල ආපු දෙබස් ඛණ්ඩ. හිත්ගත් චරිත විසින් කියනු ලබන සමහර දෙබස් හරි ඉක්මනට ප්‍රේක්ශක ජනතාව අතරේ පැතිරිලා යන්නේ නොසිතන ජනප්‍රියත්වයක් අත්කරගනිමින්.

මේ අපි කියන්න යන්නේ ඒ වගේ ටෙලිනාට්‍ය මගින් ජනතාව අතර ජනප්‍රිය වූ දෙබස් ඛණ්ඩ, එහෙමත් නැත්නම් catchphrases ගැනයි. බලන්න මේවයින් කීයක් ඔයාලටත් මතකද කියලා. මේ ලයිස්තුවේ සඳහන් වෙලා නැති catchphrases ඔයාලට මතකනම් අපිත් එක්ක බෙදාගන්නත් පුලුවන්,

 

1. ඔහෙප්පලයං!
Source - itn.lk
Source – itn.lk

ඔහෙප්පලයං කියල ඇහුණම හිත කෙළින්ම දුවන්නෙ අපේ ළමා කාලෙට. කෝපි කඩේ කුරුං ගොයියා නිතර කියන ඔහෙප්පලයං හරි ජනප්‍රිය වචනයක්. පුදුමය හඟවන්න තමයි කුරුං ගොයියා මේ වචනෙ පාවිච්චි කරන්නෙ. ඒ කාලෙ කෝපිකඩේ බලද්දි කුරුං ගොයියා ඔහෙප්පලයං කිවුවොත් අපි දන්නවා මොකක්ම හරි අවුලක් තමයි කියල.


 
 

2. වානං වා පෝනං පෝ කම් ඕ ගෝ චිකාගෝ
Source - sarasaviya.lk
Source – sarasaviya.lk

අසූ ගණන් අන්තිම හරි අනූ ගනන් මුල හරි විකාශනය වෙච්ච ගමන හෝ ප්‍රමාද වැඩියි කියන ටෙලිනාට්‍යය දෙකින් එකක තමයි මේ කියන වචන සෙට් එක තිබ්බෙ. අප අතරින් වියෝ වුනු රංජිත් පෙරේරා කියන නලුව තමයි මේ දෙබස් ඛණ්ඩය කියමින් රඟපෑවෙ. ඕනෑම දේකට ඔට්ටුයි වගේ තේරුමක් තියන මේ කියමන ඒ කාලෙ “අයියලා” අතරෙත් හරි ජනප්‍රයි කියමනක්.
අනිවා බලන ඔයාල කවුරුවත් දන්නවද හරියටම මේ දෙබස තිබ්බ ටෙලිනාට්‍යය?

 

3. ජෑක්සන් ජෑක්සන් සහ ටැප් එක අරින්නෙපා- හිරුට මුවාවෙන්

ඉඳිආප්ප කතාව කියන නමින් ඒ කාලෙ වඩාත් ප්‍රසිද්ධ උන මේ ටෙලිය හින්ද ජනප්‍රිය වෙච්ච දේවල් කීපයක්ම තිබ්බ. Peg Solitaire නමින් හඳුන්වන Board Game එකට චකබ්ලාස් කියල මෙහෙ අය හඳුන්වන්න ගත්තෙ ඔය නාට්‍යයෙන් පස්සෙයි. ලංකාව පුරා චකබ්ලාස් වසන්තයක් ඇති උනා. ඊට අමතරව ජැක්සන් ජැක්සන් කියල අඬගහමින් පූස් පැටියෙක්ව කොයිවෙලෙත් හොයන රත්නා සුමනපාලගේ චරිතයත් හරි ජනප්‍රිය උනා.

අනිත් එක තමයි “ටැප් එක අරින්නෙපා” කියන එක. මේකෙන අදහස් කෙරෙන්නෙ අඬන්න එපා කියන එකයි. ඒ කාලෙ කොල්ලො කෙල්ලො අතරෙ නැගල ගිය යෙදුමක් මේක.

මේ තියෙන්නෙ හිරුට මුවාවෙන් චකබ්ලාස් සීන් එක.


 
 

4. පට් පට් ගාල සමිතිං එකක් හොයාගන්න – සූරසේන, පළිගු මැණිකේ

සූරසේන කියන්නෙ එතෙක් මෙතෙක් ටෙලිනාට්‍ය ඉතිහාසෙ හිටපු නියමම චරිතයක්. ශ්‍රියන්ත මෙන්ඩිස් තමයි රඟපෑවෙ. කොළඹ ඉඳලා ගමට ඇවිත් ගමට වැඩ පෙන්නගෙන ඉන්න සූරසේන චරිතය එන්නෙ පලිඟු මැනිකෙ නාට්‍යයෙ. ඒක බොහොම හිට් චරිතයක් උනා. සූරසේන සල්ලි හොයන්න දක්ෂයෙක් ඒ නිසාම ඔහුගෙ කටේ කොයිවෙලෙත් තිබ්බෙ “පට් පට් ගාල සම්තින් එකක් හොයගන්න” කියන වචන සෙට් එක…

 

5. ආයිස් අම්මා ගුණ්ඩු – සබඳ පබිලිස්

සබඳ පබිලිස් මතකද? අමතක වෙන්න බෑ. අපි අතරින් වියෝවුණු ඇන්ටන් ජූඩ් මහත්මය තමයි පබිලිස්ට රඟපෑවෙ. සන්තෝසයක් ආවම පිබිලිස් පාවිච්චි කරපු අමුතු වචනයක් වගයක් තිබ්බ. ඒ තමයි මේ “ආයිස්අම්මාගුණ්ඩු”.


 
 

6. බංකු බංකු සහ ෆුල් හිංදුස්තානි- තට්ටුගෙවල්
Source - youtube.com
Source – youtube.com

ස්වර්ණවාහිනියෙ ගිය තට්ටු ගෙවල් නැරඹුවනම් මිස්ට බංකු බංකු සහ පිං පොං කියන අතිශය ජනප්‍රිය චරිත දෙක ඔබට මතක ඇති. ෆිට් තමයි කියන්න යොදාගත් “බංකු බංකු” වාක්‍යයත් අතේ සල්ලි හිඳිල හෝ දුක්ඛිත කාලයක් ගතකරනව කියන්න භාවිතා කරපු “ෆුල් හින්දුස්තානි” යෙදුමත් කරලියට ගේන්න මේ නාට්‍ය සමත් වෙනව.

මේ නාට්‍යයේ බංකු බංකු චරිතය රඟපාපු නලුව දැන් ජීවතුන් අතර නැහැ. විකට නලුවෙක් හැටියට හොඳ අනාගතයක් තිබ්බ තරුණයෙක්.


 
 

7. අයි නෝ ද ලෝ – අසල්වැසියෝ හි පෝල් මහත්තයා
Source - nfc.gov.lk
Source – nfc.gov.lk

අනූවෙ මුල් කාලෙ රටම හිනැස්සුව අසල්වැසියෝ නාට්‍ය මතකයිද? එහෙනම් ඉංග්‍රීසි පන්නෙට ඇඳපැළදගෙන ඉංග්‍රිසි වචන කෑලි දදා කතා කරන පෝල් මහත්තයව ඔබට මතක ඇති. හේමසිරි ලියනගේ තමයි පෝල් චරිතයට පණ දුන්නෙ. පෝල් මහත්තය කොයි වෙලෙත් කියන “අයි නෝ ද ලෝ” කියන එක බෙහෙවින් ජනප්‍රිය උනා. කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් පස්සෙ කාලෙක වාහන අමතර කොටස් ඇඩ් එකකුත් ආවා “අයි නෝ ද ලෝ” වචන යොදාගෙන.


 
 

8. අහිංසා ඔයා?- සත්පුරවැසියෝ

ඉෂිතලා රමන්ලා ලංකාවට සැපත් වෙන්න කලින් ලංකාවෙ හිටපු ජනප්‍රියම පෙම් යුවලක් තමයි අහිංසා-පැතුම් කියන්නෙ. යශෝදත් චන්න පෙරේරත් පෙම්වතුන්ට රඟපාපු මේ ටෙලිය ගැන කවුරුත් කතා කලා. අහිංසයි පැතුමුයි එකතු වෙයිද? වෙන් වෙයිද කියන එක රටේ දැවෙන ප්‍රශ්නයක් උනා. මේ නාට්‍ය මගින් ජනප්‍රිය වෙච්ච “අහිංසා ඔයා?” කියන දෙබස මාර ජනප්‍රිය උණා. කොල්ලො අතරේ විතරක් නෙමෙයි ත්‍රීවීල් බස් පිටිපස්සෙත් අහිංසා ඔයා කියල ස්ටිකර් ගහන්න පටන් ගැණුනා.

 

9. මල් දෙවැට

මෑතකදි ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙච්ච මල් දෙවැට නාට්‍යයත් මේ වගේම රසවත් දෙබස් ඛණ්ඩ සහිත නාට්‍යයක්. ඒකෙ ත්‍රීවීල් සනා මල්ලි කියන “මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත” කියන එකත් බර්ටි අයියා කියන“අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද?” කියන කෑල්ලත් ඔයාලට මතක ඇති නේ?


 
 

10. ගින්දර වගේ

තාමත් හොඳ දෙයක් ගැන කියද්දි ගින්දර වගේ කියල කියනවනෙ නේද? මතක විදිහට මේ ගින්දර වගේ කෑල්ල ජනප්‍රිය උනේ රොෂාන් රවීන්ද්‍ර රස්තියාදුකාර චරිතයක් රඟපාපු සඳ ගිනිගත් රාත්‍රිය ටෙලිනාට්‍යයෙන්.

 

ඔහෙප්පලයං, ලිපියෙ අවසානෙටත් ඇවිල්ල නේද? හරි එහෙනම් අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියල පට් පට් ගාල ඔයාලත් දන්න ගින්දර වගේ දෙබසුත් අපිත් එක්ක ෂෙයාර් කරගන්න. හැමෝටම එහෙනම්, බංකු බංකු!

 




Hela FM Media Network

Continue Reading

විනෝදාත්මක

නම ගප්පියා වුනාට වැඩ මෝරා වගේ – මෙන්න හොඳම ගප්පි වීඩියෝස් 7ක්! – Hela FM Media

Published

on


ගප්පියා කියන්නෙ ලංකාවේ ඉන්ටනෙට් භාවිතා කරන පිරිස අතරෙ අති ප්රසිද්ධ කැරැක්ටර් එකක්. තරිඳු විජේසේකර කියන්නෙ ගප්පියගෙ ඇත්ත නම. ගප්පියා කියන්නෙ මහරගම හිටපු නාලන්දෙන් ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාව දැන් ජීවත්වෙන කොල්ලෙක්. ගප්පියගේ වීඩියෝවලත ඉන්න ගප්පියවෙයිෆ් වෙච්ච ලිලී ගැනනං ගප්පියා කියන්නෙ සිටිසන්ෂිප් ගන්න බැන්දා කියලයි. පස්සෙන් පස්සට හොයාගෙන ගියොත් ගප්පියා ඉස්සර හදපු වීඩියෝත් අපිට බලන්න පුළුවන්. ගප්පියගෙ වැඩ ප්රසිද්ධ වෙනව වගේම ගප්පියගෙ වචන කෑලිත් මිනිස්සු අතරෙ හොඳටම හිට් වුනා. හින්දා ගප්පියා ගැන ටීවීවල මැගසින්වල කියවුනා වගේම ලැබිච්ච ප්රසිද්ධියත් එක්ක ගප්පියට ඇඩ්වලට ඉන්නත් හම්බුනා. මේ ගප්පියගෙ හිට් වෙච්ච ෆුල් ෆේමස් වීඩියෝ හතක්.

ඉට්ස් ඕකේ බේබි

මේක තමයි ඉතිං ගප්පියගේ ෆේමස්ම වීඩියෝ එක. මේකෙ තමයි මේ කාලෙ කොල්ලො වැඩියෙම්ම පාවිච්චි කරන කැච් ෆ්රේස්  එක තියෙන්නෙත්. මේක කියව කියව ඉන්නැතුව  මේ වීඩියෝ එක බලන්න. බැලුවනං ඉට්ස් ඕකේ බේබි.. දැන් පලයං!

මිස්ටර් මාවලස්

මේ අනිත් වැඩේ. මේක විශේෂ වෙන්න හේතුවක් තමයි ගප්පියගෙ චිත් සහ වොයිස් එක. මේ කතාව මිනිහෙකුගෙ ජීවිතයටත් යම් වටිනාකමක් එකතු කරනවා. සරළ සුදු පසුබිමේ කළු චිත්රවලට ගප්පියගේ වොයිස් එක අනිවා නියමෙට මැච් වෙනවා.

ක්ලයිමැක්ස් එක

මේ තවත් සුපිරි ගප්පි වැඩක්. මේක හිට් වෙන්න තවත් හේතුවක් තමයි මේකට සෙට් වෙන අනිත් දෙන්නා. වීඩියෝ හදන වැඩේදි ගප්පියා වගේම ආතල් එකක් දෙන පොඩ්ඩා සහ නවුරන්. මේ සෙට් එකත් එක්ක ගප්පියගෙ රත්නෙ අයියයි, පිට් මල්ලියිත් ඉන්න එක මසුරං!

හංසිකා

කොල්ලෙකුට කෙල්ලෙකුගෙ ආදරේ වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරන්න පුළුවන්ද කියල මේ වීඩියෝ එක කියනවා. කැපකිරීම්වලින් පස්සෙ කොල්ලෙක් පරාජය භාරගන්න කොච්චර අකමැතිද කියලත් මේකෙ තියනවා. මේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල්

පල් හොරා

ගප්පියගෙ තවත් වෙනස් වැඩක්. සරල කන්සෙප්ට් එකක් වුනාට තනියම මේ වගේ වැඩක් කරන්න ලොකු ඝටක් තියෙන්න ඕන වගේම වෙනස් වොයිස් රේන්ජ්වලින් එක වීඩියෝ එකක් හදන්නත් ගප්පියගෙ තියෙන හැකියාව අගය කළ යුතුමයි.

කලු සුද්දා

මේ රට ගියාම අපේ උන්දලට සිද්ධ වෙන දේ.  තමුන් ඉන්න තැනට අනුව හැඩ ගැහෙන්න ඕන වුනත් තමුන් ආපු තැන අමතක කරන එකනං නරක වැඩක්. මේ ගප්පියගෙන් එහෙම කරපු අයට හීනි ටොක්කක්.

#JustAsk

මේ #JustAsk සීරීස් එකේ හතරවෙනි වීඩියෝව. ගප්පියගේ #JustAsk වැඩේ නැගලා ගියා. තමන්/ රසිකයෝ අහපු දේවල්වලට කට කැඩෙන උත්තර දීපු ගප්පියා මේවට තමන්ගෙ බිරිඳ වෙච්ච ලිලීවත් සෙට් කරගත්තා.

මේ වීඩියෝ ටික බලන්න. බලල ෆුල් මාවලස් වෙන්න.




Hela FM Media Network

Continue Reading

විනෝදාත්මක

තහනම නිසා ලංකාවේ අපට බලන්න, කියවන්න නොලැබුණු චිත්‍රපටි, ටෙලි නාට්‍ය, පොත් 7ක් – Hela FM Media

Published

on


 

අපේ රටේ මොකක් හරි චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් හෝ පොතක් තහනමට ලක්වුණා කිවුවම හුඟක් දෙනෙකුට මුලින්ම ඔලුවට එන හේතු තුනක් තියනව. ඒ තමයි ලිංගිකත්වය, යුද්ධය හෝ ආගම. ලංකාවේ නිර්මාණ වැඩි ප්‍රමාණයක් තහනමට ලක්වීමට හේතු වුණ කාරනා තුන තමයි ඔය (මේක ලංකාවට විතරක් පොදු කරුණකුත් නෙමෙයි).

කිසියම් කලා නිර්මාණයක් තහනමට ලක්වෙන්නෙ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම හෝ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු  ඉදිරිපත් කිරීම වැනි සාධක නිසා පමණක්ම නෙමෙයි. විවිධ දේශපාලන බලපෑම් මතත් සමහර විට අදාල බලධාරීන්ගේ නොදැනුවත්කම් මතත් ඇතැම් කලා නිර්මාණ වාරණයට ලක්වී තිබෙනවා.

මේ විදිහට වාරණයට ලක්වූ කළාකෘති බොහොමයක් අපේ රටේ ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදී අපිට හමු වෙනවා.

අද අපේ ලැයිස්තුවෙන් අපි ඔබ වෙතට ගෙන එන්නේ ලංකාව තුළ තහනම් වූ එවන්වූ කලා නිර්මාණ 7ක් ගැන තොරතුරුයි.

 

1. අක්ෂරය චිත්‍රපටය – අශෝක හඳගම
Source - 3mana.com
Source – 3mana.com

අශෝක හඳගම මහතාගේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අක්ෂරය චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනමක් පැණවෙන්නේ නෑ. ඔවුන් වැඩිහිටියන්ට පමණය වර්ගීකරණය යටතේ එම චිත්‍රපටය තිරගත කිරීමට අවසරය ලබාදෙනවා. කෙසේ නමුත් එවක සංස්කෘතික ඇමතිවරයාගේ මැදිහත්වීම මත මේ චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු යෙදෙනවා. කුඩා දරුවෙක් සහ කාන්තාවක් සම්බන්ධ ජවනිකාවක් මූලික කොටගෙන තමයි මේ තහනම පැණවීමට හේතු සැපයෙන්නේ.

කෙසේ වෙතත් මේ තහනමත් සමගම මේ චිත්‍රපටය සහ වාරණයේ සාධාරණ අසාධාරණ භාවය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල කතාබහක් ඇති වෙනවා. මවු සෙනෙහස කෙළෙසන අසම්මත ජවනිකා ඇති චිත්‍රපටයක් ලෙසට සමහරුන් තර්ක කරද්දී තවත් සමහරුන් නිර්මාණයේ ස්වාධීනත්වය ගැන අදහස් දක්වනවා. කෙසේ නමුත් තහනම මධ්‍යයේ වුවත් විශාල පිරිසක් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ මේ චිත්‍රපටය නැරඹීමට මේ වනවිට සමත්ව තිබෙනවා.

 

2. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය – සංජීව පුෂ්පකුමාර
Source - blogs.indiewire.com, bbc.com
Source – blogs.indiewire.com, bbc.com

සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ සිනමාපටයත් මෑතකදී ඉතාමත්ම ආන්දෝලනයක් ඇති කරමින් තහනමට ලක් වූ චිත්‍රපටයක්. හමුදා නිලඇඳුම් භාවිතා කරමින් හමුදාව අපකීර්තියට පත්කිරීම මේ චිත්‍රපටයට එරෙහිව එල්ලවූ මූලිකම චෝදනාවයි. ඊට අමතරව එල්.ටී.ටී සංවිධානයේ මුදල් ආධාර ලබා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හැටියටත් මේ චිත්‍රපටයට චෝදනා එල්ල වුණා.

චිත්‍රපටයේ පිටපත් රාජසන්තක කල අතර ශිල්පීන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමටද කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් තහනමත් සමග කරළියට පැමිණි චිත්‍රපටයේ ආන්දෝලනයට තුඩුදෙන යම් යම් සිදුවීම් චිත්‍රපටය පිළිබඳ මහත් ප්‍රේක්ෂක උනන්දුවක් ඇති කිරීමට සමත්වුණා. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටයද තහනම මධ්‍යයේ වුවද බහුතරයක් මේ වන විට නරඹා ඇති චිත්‍රපයක් වී හමාරයි.

 

3. දුටු ගැමුණු – ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය – ගිවන්ත අර්ථසාද්
Source - dailynews.lk, sarasaviya.lk
Source – dailynews.lk, sarasaviya.lk

ශ්‍රී ලාංකික සිනමාව ඇතුලෙ කාටූන් චිත්‍රපට වලට ඇති තැනක් නැත්තේම තරම්. කාටූන් චිත්‍රපට නිර්මාණය වෙන්නේද නැති තරම්. අද තත්ත්වය එසේ වුවත් ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය බිහිවීම 1979 වර්ෂය වැනි ඈත කාලයකට දිව යන්නක්. ඒ තමයි අපි මේ කියන්න යන දුටු ගැමුණු චිත්‍රපටය එළිදැක්වූ වර්ෂය. ප්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද් මහතාගේ නිර්මාණයක් වන දුටුගැමුණු චිත්‍රපටය තුළින් දුටුගැමුණු රජ චරිතය නවීන සහ වෙනස්ම ආරකින් යුතුවයි ඉදිරිපත් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් 1979 වර්ෂයේ ඔක්තෝම්බර් 19 වැනිදා තිරගත කිරීම අරඹන දුටුගැමුණු විත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට ලැබෙන්නේ එකම එක දවසකට පමණයි. හේතුවක් නැතිවම එහි ප්‍රදර්ශනය අත්හිටවනු ලබනවා. අදටත් මේ චිත්‍රපටය තහනම් කිරීම ගැන විවිධ අර්ථකතන සැපයෙනවා. සුරනිමල යෝධයා විසින් අලියෙක්ව කරකවා විසිකිරීමේ දර්ශනයකින් එවක පැවති ආණ්ඩුවට පහරක් වැදීම නිසා මෙය වූයේයයි යන්න සමහරු විසින් දරන මතයක්. දුටු ගැමුණු වැනි වීර චරිතයක් කාටූනයකට නැගීම මගින් ඒ චරිතයට අපහාසයක් වන නිසා තහනමට ලක් වුණිය යන්න තවත් මතයක්.

 

4. අවසඳ ටෙලි නාට්‍යය – සෝමරත්න දිසානායක
Source - sarasaviya.lk
Source – sarasaviya.lk

1990 වර්ශයේ විකාශය කෙරුණු අවසඳ ටෙලිනාට්‍යය මද කලක් විකාශය කිරීමෙන් පසුව හිටිහැටියේ තහනමට ලක්වූ ටෙලියක්. සෝමරත්න දිසානායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන මේ ටෙලිනාට්‍යයට ඩග්ලස් රණසිංහ සහ ගෝතමී පතිරාජ රංගනයෙන් එක්වී තිබුණා.

බොහෝ දෙනෙක් නැරඹු අවසඳ ටෙලිනාට්‍යය අතරමග ඇණ හිටින්නට හේතු වන්නේ එවක රජයේ සිටි ඇමතිවරයෙකුගේ විධානයක් නිසාවෙනුයි. ධනවත් පවුලක තරුණියක් සහ ඒ පවුලේ සේවකයකු අතර ඇතිවන සම්බන්ධතාවයක් විදහා දක්වන මේ ටෙලියේ එක් ජවනිකාවක තරුණිය විසින් සේවක තරුණයාගේ පිටේ දහඩිය පිසින රූප රාමුවක් ඇතුළත්වීම මෙයට හේතුවී ඇතැයි යන්න එකල බහුතරයක් අතර තිබුණු මතයක්.

අසභ්‍ය සිදුවීම් කිසිවක් නොමැති හොඳ කතාවස්තුවකින් සමන්විත ඒ නාට්‍යය තහනමට ලක්වීම කලා රසයක් නොමැති පුද්ගලයන්ගේ මුග්ධ තීරණ වලට හොඳ උදාහරණයක්.

 

5. A330 ටෙලි නාට්‍යය – චාමර ජනරාජ් පීරිස්
Source - photo.gossip-lankanews.com
Source – photo.gossip-lankanews.com

2014 වර්ෂයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරමින් තිබූ A330 ටෙලිනාට්‍යය චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. යාය 4, අයාල්, පියවි වැනි කැපී පෙනෙන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කල චාමර මේ නාට්‍යයේ තේමාව කොටගෙන තිබුණේ ගුවන් සමාගමක සේවක සේවිකාවන්ගේ ජීවිතයි.

කොටස් කිහිපයක් ප්‍රචාරණයෙන් පසුව මේ ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කිරීම නවතා දමන්නට ස්වාධීන රූපවාහිනියට සිදුවනවා. ඒ එයාර් ලංකා සමාගම විසින් කරනු ලබන පැමිණිල්ලක් නිසාවෙන්.  අධිකරණ නියෝගයක් මගින් එම සමාගම පවසා තිබෙන්නේ ගුවන් සේවක සේවිකාවන්ගේ ඇඳුම් සහ එයාර් ලංකා සමාගමේ ලාංඡන ටෙලිනාට්‍යෙයන් ඉවත් කරන ලෙසටයි. කෙසේ නමුත් නිෂ්පාදනය කොට අහවරව ප්‍රදර්ශනයත් ඇරඹි පසු එසේ කිරීම අපහසු බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.

 

6. දැති රෝදෙන් උපන් බුදුන් කෙටිකතා සංග්‍රහය – ටෙනිසන් පෙරේරා
Source - dinamina.lk, feelgrafix.com
Source – dinamina.lk, feelgrafix.com

දණ්ඩ භූමි, භවාන්තරය, එකොළොස් ගිණි ආදි නවකතා රචනා කර තිබෙන ටෙනිසන් පෙරේරා කියන්නෙ අපිට ඉන්න ප්‍රවීණතම ලේඛකයෙක්. එතුමා විසින් රචිත කෙටි කතා සංග්‍රහයක් වන දැති රෝදෙන් උපන් බුදුන් කියන කෘතිය එළිදැක්වෙන්නෙ 1968 වර්ෂයේදීයි. එවක මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මේ ග්‍රන්ථය තහනමට ලක්වනවා විතරක් නොවෙයි ටෙනිසන් පෙරේරා මහතාව හතරවැනි තට්ටුවට ගෙනගොස් සී. අයි. ඩී. ප්‍රශ්න කිරීමකටද ලක්කරන්න මේ නිර්මාණය සමත්වනවා.

කාර්මික සමාජ විප්ලවයක් පාදක කොටගෙන ලියවුන කතාවක් වුවත් ඇතැම් අය මෙහි “දැති රෝදෙන් උපන් බුදුන්” නාමය බුදුන් වහන්සේට සහ ආගමට කල අපහාසයක් ලෙස හුවාදක්වමින් මේ ග්‍රන්ථය තහනම් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සියල්ල රාජසන්තක කිරීමටත් ඉන් ලැබුණු ආදායම් සියල්ල රජයට ලබා ගැනීමටත් කටයුතු කර තිබෙනවා. මේ පොතේ තහනමත් සමග තම වෘත්තීය සහ ලේඛණ කලා ජීවිතයට එකල ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවුණි යැයි ටෙනිසන් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 

7. මේරි නම් වූමරියා කෙටිකතා සංග්‍රහය – මංජුල වෙඩිවර්ධන
Source - boondi.lk
Source – boondi.lk

2000 වර්ෂයේදී එළිදැක්වුණ මංජුල වෙඩිවර්ධනයන්ගේ මේරි නම් වූ මරියා කෙටිකතා ග්‍රන්ථයත් ඉතාම ආන්දෝලනාත්ම අයුරින් තහනමට ලක්වූ කෘතියක්. දැති රෝදෙන් උපන් බුදුන් රචනා කල ටෙනිසන් පෙරේරා මහතාට මෙන්ම රහස් පොලිස් අත් අඩංගුවට පත්ව හතරවැනි තට්ටුවේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වන්නට මංජුල වෙඩිවර්ධනට සිදු වෙනවා.

එකල ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රන්ථය තහනම් කිරීමටත් ඊට එරෙහිව විවිධ නීතිමය තීරණ ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. මේ තහනමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පොතේ පිටකවරයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තා පින්තූරයක් තිබීමයි.

 




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd