Connect with us

උණුසුම් පුවත්

චන්ද‍්‍රිකා එංගලන්තයට පනී.. ශ‍්‍රීලනිපය සුරකින සංවිධානය අමාරුවේ..

Published

on


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ උපදේශිකාව ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එම පාර්ශවෙය් පිරිස් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබියදී හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකාවට නොපැමිණි ඊට මුහුණ නොදෙන බවත් අඩුම තරමේ දුරකථන ඇමතුමකින්වත් සම්බන්ධ කරගැනීමට නොහැකි බවත් ඔවුහු චෝදනා කරති.

ඇය එංගලන්තයට වී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල විවිධ සටහන් පළ කිරීම පමණක් සිදුකරන බවද ඔවුන්ගේ චෝදනාවකි.

මේ තත්ත්වය මත එම පිරිස දේශපාලන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත.


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – සහතිකය දුන් පසු පුරවැසිභාවය අහෝසි වනවා – අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශය මෙන්න (Video)

Published

on


November 13, 2019 8:40 pm | Hela FM Media

යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය පවසයි.

ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.

එමෙන්ම ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළද අමෙරිකානු පුරවැසිභාවය අහිමිවු පුද්ගලයෙකුගේ නම අමෙරිකානු ෆෙඩරල් ලැයිස්තුවට ඇතුළත් වීම හුදෙක්ම ආදායම් බදු පිළිබඳ කාරණාවක් පමණක් බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙසේ කරුණු පැහැදිලි කළාය.

“අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙනවා.

නමුත් පෞද්ගලිකත්වය රැකීමට අදාළ අමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටලු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්.

ඔබට මේ සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.gov වෙබ් අඩවියට පිවිසීමෙන්.

ජනතාව මේ ක්‍රියාවලියට අදාළ ලියකියවිලි සහ පියවර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනයක් කිරීමට උනන්දු වනවානම්.

පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන්.

ලියකියවිලි සකස් කරන්නෙත් භාරදෙන්නෙත් තානාපති කාර්යාලයේදීයි.

පසුව එය වොෂින්ටන්හී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා අවසන් ක්‍රියාවලිය සඳහා.

පසුව අමෙරිකානු පුරවැසිභාවය අවලංගු වීමේ සහතිකයක් හිටපු අමෙරිකානු පුරවැසියාට හිමිවනවා. අදාළ පුද්ගලයාට හිමිවෙනවා.

ඒ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් වූ පසුව පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ නම් අභ්‍යන්තර ආදායම් සේවයට යොමුකරනවා. එය අපගේ බදු සම්බන්ධ ඒජන්සිය. එය මුළුමනින්ම වෙනස් වූ නිලධාරී තන්ත්‍රයක්.”

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ඔහුගේ නීතිඥයින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.

අද දෙරණ




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

ජනාධිපතිවරණයේ තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම්කිරීමේ කාලය අදින් අවසන්

Published

on


ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනබව  මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව අදින් පසුව සිදුකරන කිසිඳු ඉල්ලීමක් භාර නොගන්නා බවත් එම කාලසීමාව යලි දීර්ඝ නොකෙරෙන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න – ගෝඨාගෙන් ඉල්ලීමක්

Published

on


November 13, 2019 5:32 pm | Hela FM Media

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (13) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අප මෙතෙක් මැතිවරණ ව්‍යාපාරය ආදර්ශවත් ලෙස සහ ගෞරවණිය ලෙස පවත්වාගෙන ගියා. ඉදිරියටත් අප බලාපොරෝත්තු වන්නේ ගුණාත්මක සහ එලදායි රජයක් බිහි කිරිමයි. මේ නිසාම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවණිය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින ලෙසයි.

අප මෙතෙක් අපට පැවරූ සියලුම රජකාරි කටයුතු ගෞරවණිය ලෙස ඉටු කරනු ලැබුවා.

විරුද්ධ පාර්ශවය වසර ගණනාවක් මේ ආණ්ඩුව පවත්වාගෙව ගියත් කිසිම දෙයක් ජනතාවට කළ නොහැකිව බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා.

ඒ නිසාම මෙතෙක් පවත්වාගෙන ආ ආදර්ශවත් භාවය සහ ගෞරවණිය භාවය ඉදිරි රජයක් යටතේ පවත්වාගෙන යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරණය කළේය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd