Connect with us

උණුසුම් පුවත්

ගිනිඅවි හා බෝම්බ එක්ක හිටපු LTTE සාමාජිකයෙකු අත්අඩංගුවට

Published

on


ටී-56 ගිනිඅවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහු සේරුනුවර පොලීසියට භාර දීමෙන් පසු කිලිනොච්චියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී උණ්ඩ ඇතුළු යුද උපකරණ සොයා ගෙන ඇත.

විවිධ වර්ගයේ අත්බෝම්බ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 62ක්, මිලිමීටර් 7 වර්ගයේ උණ්ඩ 9ක්, ටී 56 උණ්ඩ 154ක් හා ඩෙටනේටර් 62ක් ද මෙහිදී සොයා ගෙන තිබේ.
සැකකරුගේ බිරිඳ හා සහෝදරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී ඇත.

36 හැවිරිදි සැකකරු කිලිනෝච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ තිබී ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී-ෂර්ට් 4ක් ද සොයා ගෙන තිබේ.

LTTEයට සම්බන්ධ බවට සැක 5ක් මැලේසියාවෙන් අල්ලයි

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයින් පස් දෙනෙකු මලයාසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය  වාර්තා කර ඇත.

මලක්කා, පී.නෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.








Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න – ගෝඨාගෙන් ඉල්ලීමක්

Published

on


November 13, 2019 5:32 pm | Hela FM Media

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (13) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අප මෙතෙක් මැතිවරණ ව්‍යාපාරය ආදර්ශවත් ලෙස සහ ගෞරවණිය ලෙස පවත්වාගෙන ගියා. ඉදිරියටත් අප බලාපොරෝත්තු වන්නේ ගුණාත්මක සහ එලදායි රජයක් බිහි කිරිමයි. මේ නිසාම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවණිය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින ලෙසයි.

අප මෙතෙක් අපට පැවරූ සියලුම රජකාරි කටයුතු ගෞරවණිය ලෙස ඉටු කරනු ලැබුවා.

විරුද්ධ පාර්ශවය වසර ගණනාවක් මේ ආණ්ඩුව පවත්වාගෙව ගියත් කිසිම දෙයක් ජනතාවට කළ නොහැකිව බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා.

ඒ නිසාම මෙතෙක් පවත්වාගෙන ආ ආදර්ශවත් භාවය සහ ගෞරවණිය භාවය ඉදිරි රජයක් යටතේ පවත්වාගෙන යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරණය කළේය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – ජනතාවගේ වීරයා මම-සජිත්

Published

on


November 13, 2019 6:10 pm | Hela FM Media

රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් අතර හමුවක් ඊයේ පැවත්වුණි.

සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වු තවත් ජන රැළියක් ඊයේ මාතලේ දී පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“මං තරම් කිසිම කෙනෙකුට මහන්සි වෙලා වැඩ කරන්නන බෑ.

මගේ කඩිසරභාවය වෙන කාටවත් නෑ.

මගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය සහ දාර්ශනිකත්වය මට තරම් වෙන කාටවත් නැහැ.

මට ගහන හැම පහරකටම මුහුණ දීලා හැම දෙයක්ම උරාගන්න පුළුවන් හදවතක් මට තියනවා.

මේ රටේ ජනතාවගේ වීරයා කවුරුත් නෙමයි..මමයි”


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – හිලරි නැවතත් ජනපති සටනට

Published

on


November 13, 2019 6:40 pm | Hela FM Media

ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමේ අපේක්ෂාවෙන් 2020 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කර තිබෙනවා.

ඩිමොක්ක්‍රටික් පක්ෂයෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන්ගේ බිරිඳ සහ හිටපු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් 2016 වසරේ දීද අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කළා.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd