Connect with us

උණුසුම් පුවත්

අවිස්සාවේල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි – තරුණයින් 21ක් හා තරුණියන් 4ක් අත්අඩංගුවට

Published

on


අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ ෆේස්බුක් හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් සංවිධානය කළ සාදයක් පොලීසිය විසින් වටලා තිබේ.

පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය සමග තරුණයින් 21ක් හා තරුණියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම තරුණ තරුණියන් ඇඹිලිපිටිය, දෙහිඔ්විට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1315ක්, අයිසි මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 210ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මොවුන් අද (13) දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – ජනතාවගේ වීරයා මම-සජිත්

Published

on


November 13, 2019 6:10 pm | Hela FM Media

රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් අතර හමුවක් ඊයේ පැවත්වුණි.

සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වු තවත් ජන රැළියක් ඊයේ මාතලේ දී පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“මං තරම් කිසිම කෙනෙකුට මහන්සි වෙලා වැඩ කරන්නන බෑ.

මගේ කඩිසරභාවය වෙන කාටවත් නෑ.

මගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය සහ දාර්ශනිකත්වය මට තරම් වෙන කාටවත් නැහැ.

මට ගහන හැම පහරකටම මුහුණ දීලා හැම දෙයක්ම උරාගන්න පුළුවන් හදවතක් මට තියනවා.

මේ රටේ ජනතාවගේ වීරයා කවුරුත් නෙමයි..මමයි”


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – හිලරි නැවතත් ජනපති සටනට

Published

on


November 13, 2019 6:40 pm | Hela FM Media

ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමේ අපේක්ෂාවෙන් 2020 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කර තිබෙනවා.

ඩිමොක්ක්‍රටික් පක්ෂයෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන්ගේ බිරිඳ සහ හිටපු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් 2016 වසරේ දීද අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කළා.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

සමාජ මාධ්‍ය පරිශීලකයෝ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙන්න ඕනා…

Published

on


“අපි බලාපොරොත්තු වෙනවා සමාජ මාධ්‍ය පරිශීලකයෝ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා”  යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ 2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙන බැවින් මධ්‍යම රාත්‍රී 12න් පසු ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…

“අද 12න් පස්සේ ප්‍රචාරක රැස්වීම් කටයුතු තහනම්. අපි බලාපොරොත්තු වෙනවා සමාජ මාධ්‍ය පරිශීලකයෝ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා.

මගේ රූපේ දාලා පක්ෂයට ඡන්දේ දෙන්න කියපු රටේ ඒක අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි නරකට හැසිරුණොත් මොකද කරන්නේ? VPN ලෑස්ති කරගන්න කියලා තිබුණා මම දැක්කා. ඒවා බොරු , එහෙම එකක් නැහැ. හැබැයි අපිව එතනට ගෙනියන්න එපා.

සමාජ ජාලාවල දැන්වීම් අපි ගලවන්න කියනවා හෙට ඉදලා. ඒ වගේම ඡන්ද කාර්යාල රෑ 12 සිට පවත්වන්න බැහැ.

ගම් මට්ටමේ තියෙන කාර්යාලවල කටවුට් ගලවන්න. කාර්යාලය අනිද්දා උදේ වහන්න.

ඡන්ද ප්‍රදේශවල එක බැගින් තියන්න පුළුවන්. කොට්ඨාස, ගම්, වීථි මට්ටමේ ඒවා ගලවන්න ඕන.

රෑ 12න් පසු වක්‍රාකාර දේශපාලන ප්‍රවර්ධන වෙනවානම් ඒවා නවත්වනවා. ඒ වගේම රෝස්ටර් ක්‍රමයට උපවාස කිරීම නවත්වන්න.

ආගමික වැඩවලදී අපේක්ෂකයන් ගැන කියන්න එපා. ආගම, රැකියා ස්ථානය අයුතු බලපෑමට වැටෙනවා.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නැහැ. අපේක්ෂකයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධයි.”


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd