Connect with us

උණුසුම් පුවත්

අවසන් තීරණයට පෙර දෙමළ සන්ධානය ගෝඨාභය හමු වෙයි

Published

on


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න දෙමළ ජාතික සන්ධානය එළඹෙන සතිය මැදදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මීට පෙර දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවා. මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු විවිධ මත ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සාකච්ඡා අවසන් වූයේ එකගතාවකින් තොරවයි.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ එළඹෙන සතියේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවට පෙර එම සන්ධානයේ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග සාකච්ඡා කිරීමටද අවස්ථාවක් ඉල්ලා තිබෙනවා. ඒ, උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඔහු දක්වන මතය පිළිබද විමසීම සඳහායි.

මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් උතුරේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමගද සාකච්ඡා පැවැත්වුවා.

අවසන් සාකච්ඡාවට පෙර සිය සන්ධානය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

දිනසේන රතුගමගේ








Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

ජනාධිපතිවරණයේ තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම්කිරීමේ කාලය අදින් අවසන්

Published

on


ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනබව  මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව අදින් පසුව සිදුකරන කිසිඳු ඉල්ලීමක් භාර නොගන්නා බවත් එම කාලසීමාව යලි දීර්ඝ නොකෙරෙන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න – ගෝඨාගෙන් ඉල්ලීමක්

Published

on


November 13, 2019 5:32 pm | Hela FM Media

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (13) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අප මෙතෙක් මැතිවරණ ව්‍යාපාරය ආදර්ශවත් ලෙස සහ ගෞරවණිය ලෙස පවත්වාගෙන ගියා. ඉදිරියටත් අප බලාපොරෝත්තු වන්නේ ගුණාත්මක සහ එලදායි රජයක් බිහි කිරිමයි. මේ නිසාම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවණිය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින ලෙසයි.

අප මෙතෙක් අපට පැවරූ සියලුම රජකාරි කටයුතු ගෞරවණිය ලෙස ඉටු කරනු ලැබුවා.

විරුද්ධ පාර්ශවය වසර ගණනාවක් මේ ආණ්ඩුව පවත්වාගෙව ගියත් කිසිම දෙයක් ජනතාවට කළ නොහැකිව බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා.

ඒ නිසාම මෙතෙක් පවත්වාගෙන ආ ආදර්ශවත් භාවය සහ ගෞරවණිය භාවය ඉදිරි රජයක් යටතේ පවත්වාගෙන යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරණය කළේය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – ජනතාවගේ වීරයා මම-සජිත්

Published

on


November 13, 2019 6:10 pm | Hela FM Media

රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් අතර හමුවක් ඊයේ පැවත්වුණි.

සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වු තවත් ජන රැළියක් ඊයේ මාතලේ දී පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“මං තරම් කිසිම කෙනෙකුට මහන්සි වෙලා වැඩ කරන්නන බෑ.

මගේ කඩිසරභාවය වෙන කාටවත් නෑ.

මගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය සහ දාර්ශනිකත්වය මට තරම් වෙන කාටවත් නැහැ.

මට ගහන හැම පහරකටම මුහුණ දීලා හැම දෙයක්ම උරාගන්න පුළුවන් හදවතක් මට තියනවා.

මේ රටේ ජනතාවගේ වීරයා කවුරුත් නෙමයි..මමයි”


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd