Connect with us

උණුසුම් පුවත්

අනුර උපකාරක පන්ති ගුරුවරු හමුවෙයි

Published

on


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමඟ උපකාරක ගුරුවරුන්ගේ හමුවක් ඊයේ (12) පස්වරුවේ කෝට්ටේ “සෝලිස්” උත්සව ශාලාවේදී  පැවැත්විනි.

වෘත්තීය දේශකයින්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ප්‍රවෘන සංයුක්ත ගණිත දේශක ගයාන් මීගහවත්ත මහතා, ප්‍රවීන දේශක වසන්ත තිළිනගම මහතා, ප්‍රවීන දේශක චරිත දසානායක මහතා සිවිල් ඉන්ජිනේරු, ප්‍රවීන සංයුක්ත ගණිතය දේශක දුෂ්‍යාන්ත මහබදුගේ මහතා අතුළු උපකාරක පංති ක්ශේත්‍රයේ ප්‍රවීන දේශකයින් රැසක් ඊට එක්වී සිටියහ.


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

Hela FM Media – ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසා විජේවීරයි-අනුර

Published

on


November 13, 2019 7:01 pm | Hela FM Media

සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ඉල් මහ විරුවන් බවත් රටේ පහළවූ ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසා රෝහණ විජේවීර බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (13) ගාල්ල සමෝදා ශාලාවේ පැවති 30වැනි ඉල් මහ විරු සමරුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ පහළවූ ශ්‍රේෂ්ඨතම දේශපාලන මිනිසා විජේවීර සහෝදරයායි.

ඔහුව ඝාතනය කරලා අදට අවුරුදු 30ක් වෙනවා.

ඔහු සමඟ අපේ සහෝදර සහෝදරියන් දහස් ගණනක් එජාප ආණ්ඩුව විසින් ඝාතනය කළා.

ඒ සහෝදරවරුන්ගේ මතකය හැමදාමත් අපේ හදවත් පතුලේ තැන්පතක් වෙලා තිබෙනවා.

එදා ඉන්දියානු හමුදාව ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කළා. අද එවැනි ආකාරයේ ආක්‍රමණයක තර්ජනයක් නොවූවත් විවිධ වර්ගයේ තර්ජන අපේ රටට එල්ල වෙලා.

එනිසා එදා තත්වයයි අද තත්වයයි කියලා වෙනසක් නැහැ.

කොළඹ වරායේ වැදගත්ම කොටස්, හම්බන්තොට වරාය, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවලින් කිහිපයක් අද විදේශිකයන් අතේ.

ත්‍රීමලය වරායටත් බලපෑම් එල්ල වෙලා. රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන රාශියක් විදේශිකයන් අතේ. මේ දෙගොල්ලම එකතුවෙලා කළේ රට විකුණන එකයි.

අපේ රට විදෙස් බලවතුන්ට යට කළ ගිවිසුම් ගණනාවක් මේ වෙනකොටත් අත්සන් කරලා.

තවත් ගිවිසුම් අත්සන් කිරීමට කැසකවනවා. ඒ නිසා එදාටත් වඩා අපේ රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය අහෝසි වෙමින් තිබෙනවා.

ජාතික සම්පත් බහුජාතික සමාගම්වලට පවරා දීලා. ඉඩම් විශාල ප්‍රමාණයක් රාජපක්ෂ පාලන සමයේ ඇමරිකානු සමාගම්වලට පවරා දුන්නා. කල්පිටිය දූපත් පවා වික්කා.

1988-89 අරගලය කියන්නේ රට පාලනය කළ පාලකයන්ගේ මර්දනයටත් විදේශ ආක්‍රමණයටත් එරෙහිව කරපු අරගලයක්.

ඒ අරගලය වෙනත් ස්වරූපයකින් අද අපට කරන්න වෙලා තිබෙනවා.

රට විකුණන අයම අද දේශප්‍රේමීන් යැයි කියා ගන්නවා. සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ඉල්මහ විරුවන්.

අපේ පක්ෂය, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහය අදටත් පාලකයන් විසින් අත්හැර නැහැ.

වරාය පවරාදීමට එරෙහිව සටන් වැදුණු කම්කරුවන්ට රනිල්ලාගේ ආණ්ඩුව එලව එලවා පහර දීලා අතපය කඩා දැම්මා.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදාට වඩා අරගලයක් අද අපට තිබෙනවා.

අපේ රටේ ආර්ථික විනාශ වී හමාරයි. එය පෙරළා ජන ජීවිතයට පහර පිට පහර දෙමින් තිබෙනවා.

එනිසා අද අරගලයේ අවශ්‍යතාව එදාටත් වඩා වැඩියි.

මෙවැනි අවස්ථාවල අතපය හකුළාගෙන නොසිට ධෛර්යවන්තව සටන් වැදුණු මිනිස්සු තමයි ඉල් මහ විරුවන්.

එවැනි අභිමානවත් අතීතයක් සහිත පක්ෂයක් අපි. අපි සමරන්නේ ඉල් මහ විරුවන්ගේ වීරත්වය පමණක් නෙමෙයි.
ඔවුන්ගේ සියලු ගුණාංග අපේ ජීවිතවලටද ඇතුළත් කරගත යුතුයි.

රට පාලනය කළ සහ කරන මේ කඳවුරු දෙකම අද ඉතිහාසයේ දරුණුම කඩාවැටීමට ලක්වෙලා.

එම පරිසරය ජනතාවට වාසි සහගතයි. මෙම උපරිමයෙන් වැහැරුණු මේ කඳවුරු දෙක පිළිබඳව තවදුරටත් කිසිදු බලපොරොත්තුවක් තබාගත යුතු නැහැ.

එදා අපේ විරුවන් සටන් වැදුණේද මේ කඳවුරු දෙක රටට අත්කර දුන් විනාශයන්ට එරෙහිවයි.

ඔවුන් අවසානයේ තම අමිල ජීවිත පවා පුද කළේ ජනතාව වෙනුවෙන්.

ඔවුන්ගේ ජීවිතවලින් ගත හැකි හොඳම ආදර්ශ තවත් බොහෝ තිබෙනවා.

වත්මන් පරපුරේ අපි එම ආදර්ශ අත්පත් කරගත යුතුයි.

අපේ අවසන් අරමුණු ජයගන්න එය අත්‍යවශ්‍යමයි. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ධෛර්යවන්තව පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා. ”


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

මඩ-බොරු ප‍්‍රචාර සම්පුර්ණයෙන් අසාර්ථකයි.. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමක…

Published

on


ජනාධිපතිවරණ නියත පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂය විසින් දියත් කර ඇති මඩ සහ බොරු ප්‍රචාර මාලාව ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක්ව, පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් උග්‍ර වෙමින් පවතින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළ කලේ කහවත්ත පොළ භූමියේ  පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “බුද්ධි අංශ වාර්තා වගේම මැතිවරණය සම්බන්ධව ස්වාධීන ආයතන මගින් සිදු කරනු ලැබු සියළුම සමීක්ෂණ වාර්තා අනුව මෙවර මැතිවරණයෙන්  සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව තහවුරු වී තිබෙනවා. එම නිසා  මැතිවරණ අවසන් සතියේ හැකිතාක් මඩ සහ බොරු ප්‍රචාරයන් දියත් කර ඡන්දදායකයන් මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකාය තීන්දු කර තිබෙනවා. මංගල,රාජිත,චම්පික තමයි මෙම මඩ බලකායේ ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කරන්නේ.

හැබැයි ගෝඨභය රාජපක්ෂ මහතාගේ වාසනාවට එතුමාට විරුද්ධව එල්ල කරන මඩ සහ බොරු ප්‍රචාර සියල්ල  අද අතේ පත්තු වෙලා. ඒ වගේම ඒ මඩප්‍රචාර එක්සත් ජාතික පක්ෂයට පරාවලල්ලක් බවට පත්වෙලා.

රාජිත සේනාරත්න මහත්තයගේ  වේශ නිරූපනය කරපු සුදු වෑන් රියදුරාට දැන් නීතියෙන් බේරීමක් නෑ.ඔහුට අනිවාර්යයනේම නීතියෙන් දඬුවම් ලැබෙනවා වගේම ඔහුව මෙහෙයවපු අයටත් දඩුවම් ලැබෙයි.

හර්ෂ දි සිල්වා,ජයම්පති වික්‍රමරත්න වගේ සමාජ පිලිගැනීමක් තිබුණු දේශපාලඥයන් පවා අද මඩ දේශපාලනයට යොමු වීම පිළිබඳ අපි කණගාටුවෙනවා. මඩ සහ බොරු ප්‍රචාර කෙසේ පැතුරුවත් ජනතාව  ඡන්දය දිය යුත්තේ කාටදැයි  දැනටමත් තීන්දු කර අවසන්.ඒ හින්දා බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැතිව 16 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය ප්‍රකාශ කරලා සාමකාමීව ජයග්‍රහනය සැමරීමට අපි කටයුතු කළ යුතුයි.” සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය අතර දැන් අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙලා.සජිත් බැරිවෙලාවත් ජයගත්තොත් තමන්ට අගමැතිකම නොලැබෙන බව වික්‍රමසිංහ මහත්තයා දන්නවා.සජිත්ගේ  අගමැති වෙන්නෙ මංගල,රාජිත, චම්පික වගේම රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරු අතර සීතල යුද්ධයකුත් දැන් ඇතිවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තනතුරු දෙකක් හැමදාමත් දැරුවා.ඒක නිසා පක්ෂ නායකකමයි විපක්ෂ නායකකමයි දෙකම නැවතත් තමන් යටතට ගන්න පුළුවන් විදිහට තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරමින් සිටින්නේ.

– ධම්මික තිලකරත්න


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Hela FM Media – රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි… ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

Published

on


November 13, 2019 6:52 pm | Hela FM Media

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 30ක් සපිරෙයි.

ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල අතරතුර උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් ඒ මහතාව 1989 නොවැම්බර් 13 වනදා අළුයම බොරැල්ල කනත්ත අසල දී වෙඩිතබා, ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දමා පුළුස්සා තිබිණි.

ජවිපෙ නිර්මාතෘවරයාගේ ඝාතනය පිළිබදව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු වන එවකට යුද හමුදා පොලීසියේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා ඉතා උද්වේගකරව අදහස් දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම වීඩියෝව පහතින්


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd