Connect with us

උණුසුම් පුවත්

අධිරාජ්‍යවාදයට එරෙහි සටන්කරුවා “චේ” – සැමරුම හෙට

Published

on


සමාජවාදී තරුණ සංගමය වසරක් පාසා සංවිධානය කරන “චේ දින සැමරුම”,  හෙට(08) හොරණ චේ උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හෙට පෙරවරු 10.00ට චේ දින සමරු වැඩසටහන ආරම්භ වන බව සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.

“අධිරාජ්‍යවාදයට එරෙහි සටන්කරුවා” යන තේමාව ඔස්සේ මෙවර චේ දින සැමරුම පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස කියුබානු තානාපතිනී ජුවානා එලේනා මහත්මිය සහභාගීවීමට නියමිතය.


Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

අනුර උපකාරක පන්ති ගුරුවරු හමුවෙයි

Published

on


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමඟ උපකාරක ගුරුවරුන්ගේ හමුවක් ඊයේ (12) පස්වරුවේ කෝට්ටේ “සෝලිස්” උත්සව ශාලාවේදී  පැවැත්විනි.

වෘත්තීය දේශකයින්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ප්‍රවෘන සංයුක්ත ගණිත දේශක ගයාන් මීගහවත්ත මහතා, ප්‍රවීන දේශක වසන්ත තිළිනගම මහතා, ප්‍රවීන දේශක චරිත දසානායක මහතා සිවිල් ඉන්ජිනේරු, ප්‍රවීන සංයුක්ත ගණිතය දේශක දුෂ්‍යාන්ත මහබදුගේ මහතා අතුළු උපකාරක පංති ක්ශේත්‍රයේ ප්‍රවීන දේශකයින් රැසක් ඊට එක්වී සිටියහ.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Published

on


අවිස්සාවේල්ල –  තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයකට එක්ව සිටි තරුණ තරුණියන් 25 දෙනෙකු, මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයින් 21 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා මිලිග්‍රෑම් 10ක් පොලීස් භාරයට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

පැය දෙකකට අඩු කාලයකින් මැරතන් තරඟයක් නිමාකිරීමේ අසමසම ලෝක වාර්තාවක්

Published

on


පැය දෙකකට අඩු කාලයකින් මැරතන් ධාවන තරඟයක් අවසන් කරමින් අසමසම වාර්තාවක් තැබීමට එලියුඩ් කිප්චෝගේ නම් කෙන්යානු ජාතික ක්‍රීඩකයෙකු ඊයේ(12) සමත් විය.

එලියුඩ් කිප්චෝගේ මෙම අසමසම වාර්තාව තැබුවේ පැය 1යි මිනිත්තු 59 ක් සහ තත්පර 40 ක් ඇතුළත ය.

ඔස්ට්‍රියාවේ වියානා නගරයේ පැවති මැරතන් ධාවන තරඟයක දී කිප්චෝගේ මෙම වාර්තාව හිමිකර ගත්තේ ය.

මැරතන් තරගයක සම්මත දුර ප්‍රමාණය සැතපුම් 26.2188 ක් හෙවත් කිලෝමීටර 42.195ක් වන අතර මීට ඉහත හොඳම තරඟ කාලය ලෙස සටහන්ව තිබුනේ පැය 2 තත්පර 48 කි.

Ineos නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාඟමක් විසින් මෙම තරඟය සංවිධානය කර තිබිණි.

එලියුච් කිප්චෝගේ මෙම තරඟ වාර්තාවට අමතරව නිල මැරතන් ලෝක වාර්තාවකට සහ ඔලිම්පික් මැරතන් ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි.

තරඟ ආරම්භයේ සිටම කිප්චෝගේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් කැපී පෙනෙන සුදු පැහැ බැනියමකින් සැරසී සිටි අතර ඔහු පැලඳ සිටි පාවහන් යුගල ද මෙම වාර්තාව තැබීමට රුකුලක් වන්නට ඇතැයි විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් කිප්චෝගේ සම්බන්ධ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ අසීමිත කැපවීම හා ධෛර්ය මෙම වාර්තාව තැබීමට හේතු වූ බවය.


Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd